ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නොගැලපීමක් - අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්..
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් නිකුත්කළ 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවය.
2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශනයක් නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබාදුන්නද ඔවුන්ගේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත බවකින් පසුවන බවය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව සඳහන් කරන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, මෙරට ආයෝජන මණ්ඩලය ප්‍රධාන ආයෝජන නියෝජිත ආයතනය වුවත් ඔවුන් සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බව සඳහන්ය.
අනවශ්‍ය නියාමනයන් නෛතික අවිනිශ්චිතභාවය සහ නිලධාරීන්ගේ ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාවයන්ද දක්නට ලැබෙන බව අදාළ වාර්තාවේ දැක්වෙයි.
ඉන්දියාවේ අදානි සමාගම මෙරට උතුරු පළාතේ ඩොලර් මිලියන 400ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත්වු අතර ඊට හේතුව ලෙස කළින් ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට වත්මන් රජය උත්සාහ දැරීම ලෙස සඳහන් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්ය.
එමෙන්ම වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිතිපතා පෞද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථිකය විවේචනය කරන අතර රාජ්‍ය අයිතිය සහිත සාමූහිකත්වය රටේ ප්‍රියතම ආයෝජන ආකෘතිය ලෙස ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කරන බවද මෙහි සඳහන්ය.
2025 අයවැය මගින් සේවා අපනයන සමාගම් සඳහා වූ බදු නිදහස් කිරීම් සහ විදේශ ආදායම් මූලාශ්‍ර සඳහා වූ බදු නිදහස් කිරීම් ඉවත්කිරීමට යෝජනා කිරීම, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සඳහා ලබාදී ඇති පුළුල් බදු නිදහස් කිරීම්වලට වඩා ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් බවද එහි සඳහන් තවත් කරුණකි.
නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රකාශනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මූලාශ්‍ර - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..