ASP තනතුරට නිලධාරීන් 45 දෙනෙකු උසස් කිරීම අභියෝගයට ලක් කරමින්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 නඩු දමති..
පසුගියදා පැවති සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීමේ විභාගය සම්බන්ධයෙන් පැන නැඟුණු ගැටළු හේතුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 170 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් (3ක්) ගොනු කර තිබේ.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම්වල ප්‍රධාන අරමුණ වී ඇත්තේ, අදාළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට අධිකරණ තීන්දුවක් ලබා ගැනීමයි.
උසස්වීම් ලබා දීම සඳහා පවත්වන ලද සීමිත තරග විභාගය සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් විසින් කරුණු කිහිපයක් පෙන්වා දී ඇත. විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හිතාමතා සිදුකළ ක්‍රියාවක් බවට චෝදනා එල්ල වේ.
මීට පෙර අවස්ථාවලදී ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් සිදු කළ නමුත්, මෙවර කිසිදු වෘත්තීය සුදුසුකමක් සැලකිල්ලට නොගෙන, ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස්වීම් ලබා දී ඇත. මෙම විභාගයේදී විවිධ අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා කර ඇත.
මෙම කරුණු මත පදනම්ව, අදාළ විභාගයේ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස්වීම් ලද නව සහකාර පොලිස් අධිකාරීවරුන් සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..