වෙනිසියුලාවේ අභ්‍යන්තරයට පහර දිමට අමෙරිකාව ව්‍යාජ හේතු නිර්මාණය කරමින් සිටිනවා- එන්බීසී පුවත් සේවය පවසයි
වෙනිසියුලාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පවසන අයට පහර දීම සඳහා එක්සත් ජනපදය “විකල්ප සූදානම් කරමින්” සිටින බව එන්බීසී පුවත් සේවය වාර්තා කරනු ලැබූවේ නම් නොකළ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමිනි.
පසුගිය සතිවලදී, වොෂින්ටනය ලතින් ඇමරිකානු කළාපයට අයත් රටක් වන වෙනිස්යුලානු රාජ්‍යට්ය අයත් මුහුදු වෙරළට ඔබ්බෙන් මත්ද්‍රව්‍ය රැගෙන ගිය බවට චෝදනා කරමින් අඩුම තරමින් බෝට්ටු තුනක්වත් ගිල්වා ඇති අතර ඒ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇත. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයැයි කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම ප්‍රහාර තමා බලයෙන් පහ කිරීම සඳහ එක්සත් ජනපදය ගන්න උත්සාහයක කොටසක් බව අවධාරණය කළේය.
වෙනිසියුලාවට බෝම්බ හෙලීම ඉදිරි “සති කිහිපය” තුළ සිදුවිය හැකි බව එන්බීසී ප්‍රවෘත්ති සේවය අද(27) වාර්තා කළේය. කෙසේ වෙතත්, එහි මූලාශ්‍රවලට අනුව, මෙම පියවර තවමත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුමත කර නොමැත.
නිලධාරීන්ට අනුව, වොෂින්ටනයේ සිදුවන සාකච්ඡා වලට අනුව ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය රසායනාගාරවලට මෙන්ම ජාවාරම් කණ්ඩායම්වල සාමාජිකයින්ට සහ නායකයින්ට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමද ඇතුළත් වේ.
කැරිබියන් දූපත් වලට එක්සත් ජනපද යුද නැව් සහ ගුවන් යානා යෙදවීම සහ බෝට්ටුවලට එල්ල කරන ප්‍රහාර “මධුරෝගේ බලයේ ග්‍රහණය දුර්වල කර ඇති බවක් හෝ සැලකිය යුතු ප්‍රතිචාරයක් ඇති කර ඇති බවක් නොපෙනේ” යැයි ට්‍රම්ප් පරිපාලනයේ සමහරු කලකිරීමට පත්ව සිටින බැවින් එක්සත් ජනපදය තවදුරටත් ප්‍රහාර උත්සන්න කිරීම් සලකා බලමින් සිටින බව තවත් ප්‍රවෘත්ති මූලාශ්‍රයක් පැවසීය.
ට්‍රම්ප් “අපේ රටට මත්ද්‍රව්‍ය ගලා ඒම නැවැත්වීමට සහ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා ගැනීමට ඇමරිකානු බලයේ සෑම අංගයක්ම භාවිතා කිරීමට සූදානම්” යැයි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් එන්බීසී පුවත් සේවය වෙත පවසා තිබුණි.
ඒ සමඟම, එක්සත් ජනපදය සහ වෙනිසියුලාව නිශ්චිත නොවන මැද පෙරදිග අතරමැදියන් හරහා එකිනෙකා සමඟ කතා කරමින් සිටින අතර, ආතතීන් සමනය කිරීම සඳහා මදුරෝ ට්‍රම්ප්ට යම් සහන ලබා දුන් බව එක් මූලාශ්‍රයක් ප්‍රවෘත්ති සේවයට පැවසීය.
සිකුරාදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් පින්ටෝ “අපේ හිස මත එල්ලී ඇති නීති විරෝධී සහ සම්පූර්ණයෙන්ම දුරාචාර මිලිටරි තර්ජනය” සම්බන්ධයෙන් එක්සත් ජනපදය හෙළා දකින බව පැවසුවේය.
කැරකස් පරිපාලනය අමෙරිකානු මඇදිහත්වීම “අධිරාජ්‍යවාදී ආක්‍රමණයක්” ලෙස හඳුන්වමින් අමෙරිකානු ක්‍රියා කලාපයට විරුද්ධ වන බව අමාත්‍යවරයා අවධාරනය කළ අතර ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඉල්ලා සිටියේය.
"වෙනිසියුලාව පීඩනයට හෝ තර්ජනවලට යටත් නොවනු ඇත. අපගේ ස්වෛරීභාවය සහ විදේශ මැදිහත්වීම් වලින් තොරව සාමයෙන් ජීවත් වීමේ අපගේ අයිතිය ආරක්ෂා කිරීමට අපි අධිෂ්ඨානශීලීව කැපවෙනවා." ඔහු පැවසීය.
US ‘preparing options’ for strikes inside Venezuela – NBC
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..