News Category
From Date
To Date
Maximum Number of Result

ජනපතිගේ සහ මැති ඇමතිලාගේ වත්කම් ප්‍රකාශයෙන් සැඟවූ තොරතුරු ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

Sep 22, 2025 at 02:55 PM
|

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

2023 අංක 9 දරණ දූෂණ වීරෝධී පනත සම්මත කරලා වත්කම් ප්‍රකාශයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපි ගත් තීරණයෙන් වත්මන් ආණ්ඩුව බරපතල අමාරුවක වැටිලා. මේ පනත සම්මත කරන්න කලින් වත්කම් ප්‍රකාශය කියන්නේ රහසිගත ලේඛණයක්. අපි ලේඛණය සකසලා අලවපු ලියුම් කවරයක සීල් කරලා තමයි භාර දුන්නේ. අධිකරණ නියෝගයකින් විතරයි ඒක විවෘත කරන්න පුළුවන්. නමුත් නව පනතින් ඒක වෙනස් වුණා. පෞද්ගලික තොරතුරු හැර අන් සියල්ලම අල්ලස් කොමිසම විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. අවාසනාවට මාලිමා නායකයින් මෙහෙම පනතක් සම්මත වෙන බව දැනගෙන ඉඳලා නෑ. ඒ නිසා මේ අය කිසිම බයක් නැතිව වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නත් වැදගත් තොරතුරු සඟවන්නත් කටයුතු කරලා තිබෙනවා.

කතා බහට ලක් වන මේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ 2024 අප්‍රේල් 1 දා සිට 2025 මාර්තු 31 දක්වා කාලයට. 2024 ජූනි 13 සිට 15 දක්වා එංගලන්තයේ සංචාරයක ජනාධිපතිතුමා නිරත වුණා. එතුමාට ඒකට ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල් වලට ගෙව්වේ කවුද? මේ තොරතුරු සියල්ලම වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා මේ තොරතුරු දාලා නෑ. ඒ වගේම එතුමා 2024 දී ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාර වල නිරත වුණා. මේවාට වියදම් කලේ කවුද කියන එක වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි. ඒ වගේම ජනාධිපතිතුමා අනුරාධපුරයේ ගියාම ජනපති මන්දිරයේ නතර වෙන්නේ නෑ. නතර වෙන්නේ ප්‍රමිෂ්කා නෝනාගේ හමිං බර්ඩ් හෝටලයේ කියලා මාලිමාවෙන්මයි කිව්වේ. එහෙම නම් ඒ තොරතුරු වත්කම් ප්‍රකාශනයේ “8.2 ත්‍යාග ඇතුළු සංචාර ප්‍රතිපූර්ණයන්” යටතේ දාන්න ඕනි. නමුත් ඒක දාලා නෑ.

ජනාධිපතිතුමාගේ 2025-26 වත්කම් ප්‍රකාශනය මීටත් වඩා රසවත් වේවි. 2025 මැයි මාසයේ දී ජනාධිපතිතුමා පෞද්ගලික ගුවන් යානාවකින් වියට්නාමයේ සිට ලංකාවට ආවා. ඒ යානාවට වියදම් කලේ කවුද කියන එකට ආණ්ඩුව විවිධ කතා කිව්වා. මුලින්ම වියට්නාම් ආණ්ඩුව කිව්වා. ඊ ලඟට එක්සත් ජාතින්ගේ වෙසක් උත්සව කමිටුව කිව්වා. ඊටත් පස්සේ වියට්නාම රාජ්‍ය නොවන සංවිධානයක් කිව්වා. ඒ ගමනට අනුග්‍රහය දැක්වූයේ කවුද කියන එක වගේම එහි වටිනාකමත් අද දක්වා අබිරහසක්. මී ලඟ වත්කම් ප්‍රකාශනයෙන් මේ අබිරහස් ගමන පිළිබඳ ඇත්ත දැන ගන්න අපට පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

වත්කම් ප්‍රකාශනයේ සඳහන් නොකර තොරතුරු සැඟවීම බරපතල දඬුවම් ලැබෙන වරදක්. යම් වත්කමක් සඟවා තිබුණොත් ඒ වත්කම රාජසන්තක කරන්න පුළුවන්. ඒ වගේම තොරතුරු සැඟවූවොත් රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වසරක සිර දඬුවමක් ලැබෙන්න පුළුවන්.

මේ වරද කරලා තිබෙන්නේ ජනාධිපති විතරක් නොවේ. නලින් හේවගේ මන්ත්‍රිතුමාගේ ගිණුමේ ලක්ෂ 23ක් තිබෙනවා. එතුමා කියන්නේ ඒවා දියණියගේ උත්සවයකට ලැබුණු තෑගි කියලා. එහෙම තෑගි ලැබුණා නම් රු50,000ට වැඩි තෑගි දුන්නේ කවුද කියන එක නලින් ඇමතිතුමා වත්කම් ප්‍රකාශනයේ සඳහන් කරන්න ඕනි. නමුත් එහෙම සඳහන් කරලා නෑ. රු50,000ට වැඩි තෑගි ලැබුණේ නැතිනම් උත්සවයටත් වියදම් කරලා ලක්ෂ 23ක් ඉතිරි වෙන්නත් බෑනෙ. මෙතුමා ඉතිරි කරන විධියට එක දියණියක් වෙනුවට දියණියන් පස්දෙනෙකු සිටියා නම් ආර්ථික අර්බූදය වෙලාවේ අයිඑම්එෆ් කොන්දේසිවලට යට වෙලා ණයක් ගත්තු වෙලාවේ හේවගේ ඇමතිතුමාගෙන් ණයක් ගන්න තිබුණා.

යට ඇඳුමේ සිට හැමදේම ජයශාන්ත අයියා වගේ මිතුරන්ගෙන් ලබා ගත් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ වත්කම් ප්‍රකාශනයත් අපි බැලුවා. ලැබූ ත්‍යාග පිළිබඳ විස්තර කියන සටහනේ ඇමතිතුමා අත්අකුරින්ම ලියා තිබෙනවා “කිසිවක් නැත” කියලා. අඩුම ගණනේ හැමදාම හැමදේම දෙන ජයශාන්ත අයියාගේ නමවත් නෑ. 2024 කියන්නේ මේ හැමෝම මැතිවරණ වලට ඉදිරිපත් වුණු වසර. ඒ නිසා ඕනෑම අපේක්ෂකයෙකුට තෑගි ලැබෙනවා. නමුත් කිසිවෙක් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග වේවා, ද්‍රව්‍යමය ත්‍යාග වේවා කිසිවක් සඳහන් කරලා නෑ. වත්කම් වල වටිනාකම දැවැන්ත ලෙස අවප්‍රමාණය කිරීම, ලැබුණු ත්‍යාග සැඟවීම, වත්කම් ප්‍රකාශනයේ තොරතුරු සැඟවීමට ජනධිපතිතුමාටත් සියළුම මැති ඇමතිවරුන්ටත් අනාගතයේ හිරේ ලගින්න වෙන බව නම් පැහැදිලියි.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව හිමිව ඇති බවට ව්‍යාජ නිල ලේඛන සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි 'බී' වාර්තාව හෝ පසු වාර්තා මඟින් අනාවරණය වී නොමැති බව පවසමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.