නේපාල ආදර්ශය පිලිපීනයටත් කඩා වදියි
අද(21) පිලිපීනයේ මැනිලා අගනුවර වීදි බැස දූෂණයට විරෝධය පළ කරමින් 50,000 කට ආසන්න පිරිසක් විරෝධතා හැක්වූ බව එරටින් ලැබෙන වාර්තා වලින් පැවසේ. විරෝධතාකරුවන් සහ නිලධාරීන් අතර ඇති වූ ගැටුම්වලින් විරෝධතා රැලිය කඩකප්පල් වූ බවද එම වාර්තා පවසයි.
ඩොලර් බිලියන 9.5 කට වඩා වැය වී ඇතැයි පැවසෙන පිලිපීනයේ ගංවතුර පාලන ව්‍යාපෘති දහස් ගණනක් වැරදි ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පිලිපීන ජනතාව කෝපයෙන් සිටින බවද වාර්තාවේ. ජූලි මාසයේදී ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්(කණිෂ්ඨ ) විසින් ඉදිකිරීම් වල්දී සිදුවූ "විෂමතා" ලෙස පැවසෙන කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පිහිටුවන ලදී.

මැනිලා හි ලුනෙටා උද්‍යානයේ විරෝධතාකරුවන් ජාතික කොඩි ලෙලවමින් "වැරදිකරුවන් සිරගත කරණු!" යනුවෙන් කෑ ගැසූ අතර, දූෂිත යෝජනා ක්‍රමවලට සම්බන්ධ යැයි කියන නිලධාරීන් සහ ව්‍යවසායකයින් යන දෙපිරිසටම එරෙහිව නඩු පවරන ලෙසද ඉල්ලා සිටියහ.
රැලිය අතරතුර යම් අවස්ථාවක දී ප්‍රචණ්ඩත්වය ඇති වූ අතර විරෝධතාකරුවන්ගෙන් සමහරක් නිලධාරීන්ට ගල් ගසා ටයර් ගිනි තැබීමට පටන් ගත්හ. පසුව පොලිසිය පිරිස විසුරුවා හැරීම සඳහා ජල කාලතුවක්කුවක් යෙදවීය.
මැනිලා නගරාධිපතිවරයාට අනුව, ගැටුම් අතරතුර නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර රෝහල් ගත කිරීමටද සිදු විය.මේ වන විට විරෝධතාකරුවන් 20කට ආසන්න පිරිසක් රඳවා ගනු තබා ගෙන සිටින බවද පැවසේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්