අනුර ජනපති වී වසරයි.. ඉටු කළ, නොකළ පොරොන්දු මෙන්න..
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ඓතිහාසික ජයක් ලැබූ ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් ගත වී තිබේ.
2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමි කර ගැනීමට සමත් වූ ඔහු ඉතිහාසයේ පළමු වරට දෙවන මනාපය ගණනය කළ එම ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා බවට පත්විය.
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කළේ, ඔහු ය.
එය “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ලෙස නම් කර තිබිණි.
එහි අංශ කිහිපයක් යටතේ එක් එක් අංශයේ සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් සඳහන් කර තිබිණි.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙන් ම ඔවුන්ගේ වසර ගණනාවක මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල ද තිබු ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ය. එමෙන් ම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ද ඔවුන්ගේ එක් මැතිවරණ පොරොන්දුවක් විය.
කෙසේ නමුත්, මේ දක්වා කාලය තුළ ඒ සඳහා පියවර ගන්නා බවක් පෙනෙන්නට නොමැති අතර, බීබීසී සිංහල විසින් පසුගිය කැබිනට් මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසන ලදී. ඔහු පැවසුවේ, මෙතෙක් ඒ සමබන්ධයෙන් පියවරක් ගැනීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.
තව ද පාස්කු ප්‍රහාරයට වගකිව යුතු දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහි කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම එක් මැතිවරණ පොරොන්දුවක් වුව ද, තවමත් එහි පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතියි.
එමෙන් ම, ත්‍රස්තවදය වැළක්වීමේ පනත අහෝසි කිරීම සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට සංශෝධන ගෙන ඒම මෙතෙක් සිදු කර නොමැති නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විට ගනිමින් ඇති බව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට එක්වෙමින් පැවසීය.
වඩාත් ආන්දෝලනයට ලක්වූ ජනාධිපතිවරුන්ගේ නාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත සැප්තැම්බර් 10 වන දින සම්මත කෙරුණු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගෙන් බහුතරයක් සිය නිල නිවාස නැවත භාර දී ඒවායින් පිටව ගොස් තිබේ.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ පොරොන්දුව වසර ගණනාවක් පුරා සාකච්ඡා වූ කරුණක් වූ අතර, මේ වන විට ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමට ද කැබිනට් අනුමැතියක් හිමි ව තිබේ.
මේ එවැනි ප්‍රධාන මැතිවරණ පොරොන්දු 15ක් සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව කළ සොයා බැලීමකි.
– බීබීසී සිංහල

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..