News Category
From Date
To Date
Maximum Number of Result

වත්කම් බැරකම් ප්‍රකාශ නිසා අල්ලස් කොමිසම අවුලකලු..

Sep 21, 2025 at 08:05 AM
|

රාජ්‍ය නිලධාරීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිස් අදාළ ආයතන ප්‍රධානීන්ට ලබාදුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලක්ෂ ගණනින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමුකිරීම නිසා එහි කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව ඇතැයි වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට 967ක සේවක මණ්ඩලයක් අවශ්‍ය නමුත් මේ වන විට සිටින්නේ එයින් අඩකටත් අඩු පිරිසක් වීම ඊට හේතු වී තිබේ.

ලැබෙන තොරතුරු මහජනතාවට සන්නිවේදනය කිරීම පවා පමාවට මේ තත්ත්වය බලපා ඇතැයි එහි නිලධාරියෙක් ‘ඉරිදා මව්බිම’ට පවසා ඇත.

රාජ්‍ය නිලධාරීන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් මේ වනවිට වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇති බව එම නිලධාරියා කීය.

එසේ ම, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සියලු දෙනා ම වත්කම් බැරකම් ප්‍රකාශ දී ඇති බව කී ඔහු ඒවායේ කරුණු පරීක්ෂා කිරීම් සමග අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ වෙබ් අඩවියට ඒවා උඩුගත කරන බව කීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම මුහුණ දෙන මෙම සේවක හිඟය ගැන එහි අධ්‍යක්ෂ ජනරාල් හිටපු විනිසුරු රංග දිසානායක ජනාධිපතිවරයාට මෙන් ම පාර්ලිමේන්තුව ද දැනුවත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රැස්වුණු පසුගිය දා, රංග දිසානායක මේ බව කරුණු සහිතව පෙන්වා දුන්නේ ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට ආවේණික කාර්ය මණ්ඩලය 2023 සැප්තැම්බර් 15 සිට වැඩ ආරම්භ කළ යුතු නමුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සමග හටගෙන ඇති ගැටුම නිසා එය ඉටුකරගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

රාජ්‍ය නිලධාරීන් හා පොලිස් නිලධාරීන් දැනට අල්ලස් කොමිසමේ සේවය කළත් එය පනතට පටහැනි බවත් දූෂණ විරෝධී පනත අගෝස්තු මාසයේ සම්මත කළ පසු එවක අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ එය ක්‍රියාත්මක වන දිනය හැටියට 2023 සැප්තැම්බර් 15 වන දා නම් කර ගැසට්ටුවක් නිකුත් කළ බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

ඒ අනුව, නව පනත යටතේ අල්ලස් කොමිසමට ආවේණික කාර්ය මණ්ඩලය අලුතින් පත්කළ යුතු නමුත් මෙතෙක් එය සිදුව නැති බව ඔහු අවධාරණය කළේ ය.

එහිදී ඔහු මෙසේ ද කීය.

“ඒ අලුත් කොමිසමට සේවකයන් පත්කරගත යුත්තේ 26 වන වගන්තියට අනුව. දැන් වෙලා තියෙන්නේ මේ පත්කිරීම් නොවුණු නිසා කලින් කොමිසමේ හිටි අය ඒ විදිහට ම රාජකාරි කරගෙන ගියා. නීති නිලධාරින් 31ක් හා නීති සහායකයන්, නිවාරණ නිලධාරීන් හා ලඝු ලේඛිකාවන් වශයෙන් 63ක් බඳවාගෙන හිටියා. පනත අනුව අලුත් කොමිසම පත්වෙන වෙලාවට ඔවුන්ට අලුතින් බැඳෙන්න පුළුවන්. නැත්නම් වන්දි අරන් අස්වෙන්න පුළුවන්. එතකොට ඔවුන්ව නිසි පරිදි බඳවාගෙනත් නෑ. අලුත් අය හරියට බඳවාගෙනත් නෑ.

එතකොට සැප්තැම්බර් 15 මේ කොමිසමේ හිටපු රාජ්‍ය නිලධාරීනුත් කොමිසම් නිලධාරීනුත් යැව්වා නම් ඉතුරු වෙන්නේ 63යි. මේ තත්ත්වය යම්කිසි වෙලාවක අභියෝගයක් වේදැයි මම දන්නේ නෑ. මොකද මේක ඇතුළේ පොලිස් හා රාජ්‍ය නිලධාරීන් අනිවාර්යයෙන් ම ඉන්න බෑ. ජනවාරි මාසේ ආපු දවසේ ඉඳලා මේක හදාගන්න මම විශාල උත්සාහයක් ගන්නවා. මේක හදාගන්න පුළුවන් යැයි මම හිතනවා. අපි දිස්ත්‍රික් කාර්යාලවලටත් එක්ක 967ක කාඩරයක් යෝජනා කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ අපි අතර සාකච්ඡා ගොඩක් තිබුණත් නීතිමය අර්ථනිරූපණ ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද කළමනාකරණ දෙපාර්තමේන්තුව හිතන්නේ මේ කාඩරය තීරණය කළ යුත්තේ කළමනාකරණ සේවා පනතින් කියලයි. නමුත් අපි කියන්නේ 26(1) වගන්තිය යටතේ කොමිෂන් සභාව ඒක තීරණය කරලා පාරිශ්‍රමික පාර්ලිමේන්තුවෙන් තීරණය කළ යුතු බව. පසුව කොමිෂන් සභාව අපේක්ෂා කරන කාඩරය ගැන කියලා මම කතානායකතුමාට ලිව්වා.”

බිඟුන් මේනක ගමගේ,

අංජලී විතානගේ

– මව්බිම

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව හිමිව ඇති බවට ව්‍යාජ නිල ලේඛන සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි 'බී' වාර්තාව හෝ පසු වාර්තා මඟින් අනාවරණය වී නොමැති බව පවසමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.