වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් වැළැක්වීම අත්‍යවශ්‍යයි! කියුබානු විප්ලවවාදී රජයේ නිල ප්‍රකාශය
පසුගියදා අමෙරිකා එක්සත් ජනපදය විසින් කැරිබියානු මුහුදේ වෙනිසියුලාවට ආසන්නව රඳවා තබා ඇති හමුදාව විසින් වෙනිසියුලානු ධීවර යාත්‍රාවකට ප්‍රහාර එල්ල කර වෙනිසියුලානු ධීවරයන් මරා දමා යාත්‍රාව රඳවා තබා ගෙන තිබේ. එම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව කියුබානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් අමෙරිකාවේ මෙම තිරස්චීන ක්‍රියාව හෙළා දැක තිබේ. පහත පල වන්නේ කියුබානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනයයි...
වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් වැළැක්වීම අත්‍යවශ්‍යයි! කියුබානු විප්ලවවාදී රජයේ නිල ප්‍රකාශය
වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් සාධාරණීකරණය කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් සිදු කරන ලද ක්‍රියාමාර්ග උත්සන්න කිරීම කියුබානු විප්ලවවාදී රජය හෙළා දකිමු.
කැරිබියන් මුහුදේ හමුදා භටයින් සහ මිලිටරි උපකරණ රැස් කිරීම සහ ඒවා රඳවා ඇති ප්‍රමානයන් වැඩි කිරීම මේ වන විට යථාර්තයක් බවට පත්ව තිබේ. ඒ අනුව සිවිල් යාත්‍රාවලට පහර දීමට සහ එම යාත්‍රාවල කාර්ය මණ්ඩලය ඝාතනය කිරීමට බලය යෙදවීම සහ ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් යාත්‍රාවක් අසාධාරණ ලෙස තහනම් කිරීම සහ රඳවා තබා ගැනීම, අමෙරිකාවේ අඛණ්ඩ මෙහෙයුමේ සතුරු භාවය මෙන්ම වගකීම් විරහිත ස්වභාවය සනාථ කරනු ලබන්නේය.
මෙයට අමතරව, වෙනිසියුලාව එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්මට තර්ජනයක් වන බවට බොරු බිල්ලෙකු මවාපාව්මින් ලෝක මහජන මතය ඉදිරියේ මෙම ක්‍රියාවන් නීත්‍යානුකූල කිරීමට උත්සාහ කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් මනෝවිද්‍යාත්මක යුධ උපක්‍රම බෙදා හැරීම ද මෙයට එකතු වේ.
ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන ජන සංහාරක උත්සන්න වීමට වගකිව යුතු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් සහ ඔහුගේ මතය දරණ අනෙකුත් සෙනෙට් සභිකයින් සහ කොංග්‍රස් සාමාජිකයින්, වෙනිසියුලාවට බලහත්කාරයෙන් තම අවශ්‍යතා පැනවීමට උත්සාහ කරන අතර එය අසාධාරණ සහ භයානක බව කියුබානු විප්ලවවාදී රජය අවධාරණය කරමු.
එක්සත් ජනපදයේ මෙවැනි හැසීරීම් වල ඇති සැබෑ අරමුණ අරමුණ වෙනිසියුලාවේ තෙල් සහ ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමයි.
පසුගිය සතිවල කැරිබියන් දූපත් වල ඇමරිකානු හමුදා යෙදවීම වෙනිසියුලා බොලිවේරියානු ජනරජයට එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට බල කරන මිලිටරි ගැටුමක් මුදා හැරීමට අදහස් කරන ප්‍රකෝප කිරීමක් බව කියුබාව නැවත නැවතත් අනතුරු අඟවනු ලැබ තිබේ.
වෙනිසියුලාවට එරෙහි සෘජු මිලිටරි ආක්‍රමණයක් දකුණු ඇමරිකානු කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා ගැනිය නොහැකි තරම් ප්‍රතිවිපාක ඇති කරනු ඇත.
එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර නීතියේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම උල්ලංඝනය කරමින් තර්ජන හෝ බලය යෙදවීමට කිසිදු රජයකට ඉඩ දිය නොහැකි බව අවධාරණය කරමු.
මිත්‍යාව යථාර්ථයෙන් වෙන්කර හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.
කියුබාව ආක්‍රමණයක් වැළැක්වීමට සහ ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් සාම කලාපයක් ලෙස ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර බලමුලු ගැන්වීමක අවශ්‍යතාවය කියුබානු විප්ලවවාදි රාජ්‍ය සහ එහි නායකයින් මෙයින් අවධාරණය කරනු ලැබේ.
හවානා, 2025 සැප්තැම්බර් 18.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..