වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් වැළැක්වීම අත්‍යවශ්‍යයි! කියුබානු විප්ලවවාදී රජයේ නිල ප්‍රකාශය
පසුගියදා අමෙරිකා එක්සත් ජනපදය විසින් කැරිබියානු මුහුදේ වෙනිසියුලාවට ආසන්නව රඳවා තබා ඇති හමුදාව විසින් වෙනිසියුලානු ධීවර යාත්‍රාවකට ප්‍රහාර එල්ල කර වෙනිසියුලානු ධීවරයන් මරා දමා යාත්‍රාව රඳවා තබා ගෙන තිබේ. එම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව කියුබානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් අමෙරිකාවේ මෙම තිරස්චීන ක්‍රියාව හෙළා දැක තිබේ. පහත පල වන්නේ කියුබානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනයයි...
වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් වැළැක්වීම අත්‍යවශ්‍යයි! කියුබානු විප්ලවවාදී රජයේ නිල ප්‍රකාශය
වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් සාධාරණීකරණය කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් සිදු කරන ලද ක්‍රියාමාර්ග උත්සන්න කිරීම කියුබානු විප්ලවවාදී රජය හෙළා දකිමු.
කැරිබියන් මුහුදේ හමුදා භටයින් සහ මිලිටරි උපකරණ රැස් කිරීම සහ ඒවා රඳවා ඇති ප්‍රමානයන් වැඩි කිරීම මේ වන විට යථාර්තයක් බවට පත්ව තිබේ. ඒ අනුව සිවිල් යාත්‍රාවලට පහර දීමට සහ එම යාත්‍රාවල කාර්ය මණ්ඩලය ඝාතනය කිරීමට බලය යෙදවීම සහ ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් යාත්‍රාවක් අසාධාරණ ලෙස තහනම් කිරීම සහ රඳවා තබා ගැනීම, අමෙරිකාවේ අඛණ්ඩ මෙහෙයුමේ සතුරු භාවය මෙන්ම වගකීම් විරහිත ස්වභාවය සනාථ කරනු ලබන්නේය.
මෙයට අමතරව, වෙනිසියුලාව එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්මට තර්ජනයක් වන බවට බොරු බිල්ලෙකු මවාපාව්මින් ලෝක මහජන මතය ඉදිරියේ මෙම ක්‍රියාවන් නීත්‍යානුකූල කිරීමට උත්සාහ කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් මනෝවිද්‍යාත්මක යුධ උපක්‍රම බෙදා හැරීම ද මෙයට එකතු වේ.
ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන ජන සංහාරක උත්සන්න වීමට වගකිව යුතු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් සහ ඔහුගේ මතය දරණ අනෙකුත් සෙනෙට් සභිකයින් සහ කොංග්‍රස් සාමාජිකයින්, වෙනිසියුලාවට බලහත්කාරයෙන් තම අවශ්‍යතා පැනවීමට උත්සාහ කරන අතර එය අසාධාරණ සහ භයානක බව කියුබානු විප්ලවවාදී රජය අවධාරණය කරමු.
එක්සත් ජනපදයේ මෙවැනි හැසීරීම් වල ඇති සැබෑ අරමුණ අරමුණ වෙනිසියුලාවේ තෙල් සහ ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමයි.
පසුගිය සතිවල කැරිබියන් දූපත් වල ඇමරිකානු හමුදා යෙදවීම වෙනිසියුලා බොලිවේරියානු ජනරජයට එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට බල කරන මිලිටරි ගැටුමක් මුදා හැරීමට අදහස් කරන ප්‍රකෝප කිරීමක් බව කියුබාව නැවත නැවතත් අනතුරු අඟවනු ලැබ තිබේ.
වෙනිසියුලාවට එරෙහි සෘජු මිලිටරි ආක්‍රමණයක් දකුණු ඇමරිකානු කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා ගැනිය නොහැකි තරම් ප්‍රතිවිපාක ඇති කරනු ඇත.
එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර නීතියේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම උල්ලංඝනය කරමින් තර්ජන හෝ බලය යෙදවීමට කිසිදු රජයකට ඉඩ දිය නොහැකි බව අවධාරණය කරමු.
මිත්‍යාව යථාර්ථයෙන් වෙන්කර හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.
කියුබාව ආක්‍රමණයක් වැළැක්වීමට සහ ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් සාම කලාපයක් ලෙස ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර බලමුලු ගැන්වීමක අවශ්‍යතාවය කියුබානු විප්ලවවාදි රාජ්‍ය සහ එහි නායකයින් මෙයින් අවධාරණය කරනු ලැබේ.
හවානා, 2025 සැප්තැම්බර් 18.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්