ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ පාස්පෝට් ටෙන්ඩර් වංචාව සම්බන්ධව විමර්ශන සිදු නොවීම ගැන කණගාටුයි..- වෛද්‍ය චමල් සංජීව
එකම අන්තර්ජාල සපයන සමාගමක් මගින් සිදුකරන ලද වංචා ක්‍රියා දෙකක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලද නමුත් නව රජය යටතේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවීම කණගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී සිදුවී ඇති ප්‍රශම්පාදන අක්‍රමිකතා සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කරන ලද පැමිණි වල ප්‍රගතිය විමසා බැලීම සඳහා වෘත්තිය හා සිවිල් සංවිධාන නියෝජිතයින් අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.
තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට පටහැනි අන්දමට සහ රටේ පැවති උදමන අනුපාතයන් නොසලකා ඉහළ මිල ගණන්වලට පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා අදාල ටෙන්ඩරය ලබා දී ඇති බවත් 2003 වසරේ සිට මේ දක්වා වසර විසි දෙකකට ආසන්න කාලයක් මෙම අක්‍රමිකතාව අඛණ්ඩව සිදුවී ඇති බවත් ඔහු පෙන්නුම් කළේය. අදාළ පාලන කාලවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරව සිටි සියලුම අමාත්‍යවරුන් හා කොමසාරිස් ජෙනරාල් වරුන් මෙම වංචාව සම්බන්ධයෙන් වගකිවයුතු බවද ඔහු සඳහන් කළේය
මේ අන්දමට තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි පරිදි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට යටත් නොවී අත්තනෝමතිකළ ලෙස පාස්පෝර්ට් මුද්‍රණයට අවස්ථාව ලබාදීම නිසා රජයට සිදුවී ඇති අලාභය කොළඹ මධ්‍යාම බස් නැවතුම්පොළ මෙන් තවත් බස් නැවතුම්පළවල් දහයකට අධික ප්‍රමාණයක් නඩත්තු කිරීමට තරම් අධික ආර්ථික කලාපයක් බව ද ඔහු පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් ද මේ අන්දමටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළත් එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවත් අදාල අධිකරණමේ කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යළි යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු යුතු බවද ඔහු පෙන්වා දෙයි.
නියාමනාධිකාරියේ දත්තවන්චාව සිදුවන විට සේවය කළ ඉහළ නිලධාරීන් රැසක් තවදුරටත් විවිධ ඉහල තනතුරු දැරීම මෙම විමර්ශනවල සත්‍යතාවය හෙළිකර ගැනීමට බාධාවක් බව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලද නමුත් ඔහු ඒ සම්බන්ධව නොසැලකිල්ලක් දැක්වීම ගැනද වෛද්‍ය චමල් සංජීව මහතා තමා අප්‍රසාදය පළ කළේය.
දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියට ප්‍රසම්පාදන ක්‍රියා සම්බන්ධව ඉතා පැහැදිලිව අධිකරණය පවා උපදෙස් ලබා දී ඇති තත්ත්වයක් යටතේ අදාළ කරුණු උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේද තමන් දැඩි ලෙස අවධානයෙන් පසුවන ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී පොලීසිය බාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිනයක් ඉල්ලා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
දේශපාලන හිතවත් කම් වලින් තොරව මෙම විමර්ශන කඩිනමින් සිදුකොට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණීමට ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..