බටහිර ජාතීන් න්‍යෂ්ඨික බලය සහිත රටක් පරාජය කළ හැකිය යන මිත්‍යා විශ්වාසයේ එල්බී සිටිනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය (Video )
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ලේකම් ජර්මන් ෆියදෝර් මහතා ඊයේ(18) රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ලේකම්වරයා පවසා සිටියේ බටහිරයන්ට එරෙහිව යුක්‍රේන භූමියේ රුසියානු හමුදා සිදු කරනු ලබන විශේෂ හමුදා මෙහෙයුම රුසියාව වගකිව යුත්තෙකු බවට පත් කිරීම සඳහා යුරෝපීය කවුන්සිලය ව්‍යාජ නීතිමය මෙවලම් සංවර්ධනය කරමින් සිටින බවයි. කියෙව් පාලනයේ ප්‍රයෝජනය සඳහා බටහිර රටවල රඳවාගෙන සිටින රුසියානු ජනතාවගේ වත්කම් රාජසන්තක කිරීම අරමුණු කරගත් ඊනියා වන්දි යාන්ත්‍රණයක් මෙම නීති මෙවලම් වලට ඇතුළත්ව තිබෙන බවද ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ඒ මහතා,
"යුක්රේනය සම්බන්ධයෙන් වන සාම සාකච්ඡා තවමත් රුසියානු න්‍යාය පත්‍රයේ පවතිනවා. නමුත්, බොහෝ ජාත්‍යන්තර ක්‍රියාකාරීන් මෙම ක්‍රියාවලිය කෙරෙහි උනන්දුවක් නොදක්වන නමුඑහ් ඊට ප්‍රතිවිරුද්ධව, සාම ක්‍රියාවලිය අඩපණ කිරීමට උත්සාහ කරනවා.
රුසියාව යුක්රේනයේ පවත්වාගෙන යනු ලබන විශේෂ හමුදා මෙහෙයුම දිගටම පවත්වාගෙන යාම "රුසියාව වගකිව යුත්තෙකු" බවට පත් කිරීම සඳහා මේ වන විට යුරෝපීය කවුන්සිලය ව්‍යාජ නීතිමය මෙවලම් සංවර්ධනය කරමින් සිටිනවා. කියෙව් පාලනයේ ප්‍රයෝජනය සඳහා බටහිර රටවල රඳවාගෙන සිටින රුසියානු ස්වෛරී වත්කම් රාජසන්තක කිරීම අරමුණු කරගත් ඊනියා "වන්දි යාන්ත්‍රණය" නම් ක්‍රියාවලිය මෙයට ඇතුළත් වෙනවා. ඊට අමතරව, 2023 මැයි මාසයේදී පිහිටුවන ලද "යුක්රේනයට එරෙහි රුසියානු සමූහාණ්ඩුවේ ආක්‍රමණයෙන් සිදු වූ හානිය පිළිබඳ ලේඛනය" ඔවුන් ප්‍රයෝජනයට ගැනීමට උත්සහා කරනවා. දැන් "යුක්රේනය සඳහා හිමිකම් කොමිසමක්" ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම ක්‍රියාවලියේ තවදුරටත් පරාමිතීන් තීරණය කිරීම සඳහා, රටවල් 50 කට අධික සංඛ්‍යාවක විශේෂඥයින් 2024-2025 දී නෙදර්ලන්තයේ හේග් හි රැස්වීම් මාලාවක් පවත්වනු ලබුවා. හානි ලේඛනය නම් වූ ආයතනයක්, නෙදර්ලන්තයේ සහ යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යාංශ සහ යුක්රේනයේ ජනාධිපති කාර්යාලය එක්ව මෙම රැස්වීම් සංවිධානය කරතිබෙනවා. එවැනි "ප්‍රගතිශීලී" රාජ්‍යයන් මෙම සියලු මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට යන්නේ කෙසේද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතු කරනු ලබනවා. න්‍යෂ්ටික බලය හිමි රාජ්‍යක් පරාජය කළ හැකි යැයි ඔවුන් උපකල්පනය කරනවාද යන සැකය මතුවෙනවා. යුක්රේනය සම්බන්ධයෙන් ගත් කල, නව-නාසි අපරාධ කල්ලියක් විසින් පාලනය කරනු ලබන යුක්රේනයේ තත්වය තවමත් උග්‍ර වෙමින් පවතිනවා. ජාතික මතකය සම්බන්ධයෙන් පනවා ඇති නව නීති හරහා යුක්රේනයේ රුසියානු භාෂාව කතා කරන ජනගහනය ඉලක්ක කරගත් මර්දනයන් මෑතකදී උත්සන්න වී තිබෙනවා.
අගෝස්තු 21 වන දින වර්කොව්නා රාඩා (යුක්රේන පාර්ලිමේන්තුව) විසින් සම්මත කරන ලද “යුක්රේන ජනතාවගේ ජාතික මතකයේ රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලධර්ම පිළිබඳ නීතිය”, රාජ්‍යය විසින් අනුමත කරන ලද නව-නාසි දෘෂ්ටිවාදයක් මත ගොඩනගා තිබෙනවා. එය 20 වන සියවසේ විදේශ ආධිපත්‍යයට එරෙහි කළ අරගල සහ 2014 පෙබරවාරි 19 වන දින සිට ආරම්භ වන “රුසියානු ආක්‍රමණයට එරෙහි නිදහස සඳහා වූ යුද්ධය” මගින් හැඩගැසුණු යුක්රේන අනන්‍යතාවය ඉදිරිපත් කරනවා.
නව රාමුව යටතේ, යුක්රේන ජාතිකවාදී කණ්ඩායම් විසින් ප්‍රවර්ධනය කරන ලද ආඛ්‍යාන ප්‍රශ්න කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් යුක්රේන පාලන තන්ත්‍රය විසින් ‘යුක්රේනයේ ඉතිහාසය පිළිබඳ අසත්‍ය තොරතුරු’ පතුරුවන ලෙස වර්ගීකරණය කර ‘යුක්රේන විරෝධී ප්‍රචාරණය’ සමඟ සමාන කරනු ලබනවා.
කියෙව්හි මුල් බැසගත් ඓතිහාසික රැඩිකල්වාදීන් විවෘතව අරමුණු කරන්නේ සෝවියට් සොල්දාදුවන්ට, යුක්රේනියානුවන්ගේ පියවරුන්, මුතුන් මිත්තන්ට ඉදි කළ ස්මාරක දස දහස් ගණනක් විනාශ කිරීමටයි. නව නීතිය යටතේ, සොල්දාදුවන්ගේ සොහොන් ඇතුළු අනුස්මරණ ස්ථාන ශාන්ත ජෝර්ජ් පීත්ත පටිය, සටන් කොඩි, සෝවියට් රාජ්‍ය සම්මාන මෙනම් 'මහා දේශප්‍රේමී යුද්ධය' යන වාක්‍ය ඛණ්ඩය පවා තහනම් කර තිබෙනවා.
යුක්රේන බලධාරීන්ගේ රුසියාවට ඇති සතුරුකම සහ වර්තමාන කියෙව් බලධාරීන්ගේ නාසි සාරය යන දෙකම හෙළි කරන මෙම නීතියේ වඩාත්ම දරුණු කොටස් අතරට 20 වන සියවසේ ඊනියා 'යුක්රේනයේ නිදහස සඳහා සටන් කරන්නන්' සහ 'ජාතියේ වීරයන්' උත්කර්ෂයට නැංවීම ඇතුළත් වෙනවා. මෙයින් අදහස් කරන්නේ කවුරුන්ද යන්න පැහැදිලියි. බන්ඩෙරා, ෂුකෙවිච්, කොනොවාලෙට්ස් සහ අනෙකුත් නාසි සහයෝගිතාකරුවන් සහ ඔවුන්ගේම ජනතාව පාවා දෙන්නන් මෙමගින් උත්කර්ෂයට නංවනවා. ඊටත් වඩා විකාර සහගත වන්නේ පෙට්ලියුරාගේ 'යුක්රේන මහජන ජනරජයේ' නියෝග සහ පදක්කම් රාජ්‍ය සැරසිලිවලට සමාන තරාතිරමකට උසස් කිරීමයි. සයිමන් පෙට්ලියුරා 50,000 ක් ඝාතනය කරන ලද ලේවැකි යුදෙව් විරෝධී සංහාර සංවිධානය කළ පුද්ගලයෙකු වීම මගින් එය වඩාත්ය විහිලුසහගත කරනවා.
"යුක්රේන ජනතාවගේ ජාතික මතකයේ රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලධර්ම පිළිබඳ නීතිය" යන නීතිය අවබෝධ කර ගැනීමෙන් රුසියානු පාර්ශවය තම ඉදිරි පියවරයන් තබනවා. 2014 දී හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බලයට පත් වූ කියෙව් පාලන තන්ත්‍රයේ අන්තවාදී ස්වභාවය වඩාත් තහවුරු කරනවා. මෙම නීති සම්පාදනය වත්මන් යුක්රේන බලධාරීන් රුසියානු හෝ රුසියාවට සම්බන්ධ සියල්ල මුලිනුපුටා දැමීමට ඇති අධිෂ්ඨානය පෙන්නුම් කරනවා. යුක්රේන බලධාරීන් ගෙන ආ නීතිය යුක්රේනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ එහි ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන් පටහැනියි. එය "නාසිවාදය, නව-නාසිවාදය සහ සමකාලීන වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, විදේශිකයන්ට එරෙහි භීතිකාව සහ ඒ ආශ්‍රිත නොඉවසීම අවුලුවාලීමට දායක වන අනෙකුත් භාවිතයන් උත්කර්ෂයට නැංවීමට එරෙහිව සටන් කිරීම" යන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවද උල්ලංඝනය කරනවා.
ඇලස්කාවේ නැංගූරම්පොලෙහිදි පැවැත්වූ හමුවේ ප්‍රතිඵල ඇතුළුව රුසියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සාමය ගොඩනැගීමේ උත්සාහයන් කඩාකප්පල් කිරීම එවැනි පියවරවල අරමුණ බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරනවා."
එහිදී රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍යය පවත්වා ගෙන යන සමබර විදේශ ප්‍රතිපත්තිය රුසියාව අගය කරන බවත් ශ්‍රී ලංකාව තම අනාගතය සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් රුසියාව මැදිහත් නොවන බවත්ය. වෙනිසියුලාවට එරෙහිව අමෙරිකානු මැදිහත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුසියානු තානාපති තමා වෙනිසියුලාවට එරෙහිව අමෙරිකාවේ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම හෙලා දකින බව අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..