රුපියල් 95 ඖෂධය රුපියල් 300ට රජයේ රෝහල්වලට මිලට ගන්න අනුමැතිය..
දිවයින පුරා රෝහල්වල හදිසි ස්වසන රෝගීන්ට ලබා දෙන salbutamol nebulasation solution නොමැති අතර එම ඖෂධය රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස. මුදල් ගෙවා සිල්ලර මිලට මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සම්ප්‍ර සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
කෙසේ වත් මෙම ඖෂධය තොග මිලට රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් එකවර මිලදී ගන්නේ නම සාමාන්‍යයෙන් ඖෂධ කුප්පියක් සඳහා රජයට වැය කළ යුතු මුදල රුපියල් අනූපහකට ආසන්න වන අතර මේ අන්දමට අවශ්‍ය අවස්ථාවලදී මිලට මිලදී ගැනීම සඳහා අවසරය ලබා දීම නිසා එම බෙහෙත් කුප්පියම, එම සමාගමෙන්ම මිල ආසන්න වශයෙන් රුපියල් 300ට ආසන්න මුදලක් ගෙවා මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට සිදුවීම ගැන විමර්ශනයක් පවත්වන ලෙසට චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය දී දැනට ටෙන්ඩර් කැඳවීමේදී උද්ගතව ඇති බලවත් අකාර්යක්ෂමතාව සහ අවුල් සහගත තත්ත්වය මත මෙරටට ඇතැම් ඖෂධ සපයන තනි සමාගම් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ටෙන්ඩර් සැපයීම වෙනුවට අධික මිලකට බාහිර ඔසුහල්වලට ඖෂධ සැපයීමට කටයුතු කරන අතර මේ අනුව ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා විශාල මුදලක් වැය කිරීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට සිදුවීම නිර්මාණය කළ සෞඛ්‍ය අර්බුදධයක් බවද ඔහු පෙන්වා දෙයි.
අවසානයේදී එම සමාගමෙන්ම වැඩි මිලකට ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවන බැවින් මෙම තත්ත්වය චේතනාන්තව නිර්මාණය කළ අර්බුදයක් විමසා බලා වගකීම් විරුද්ධව පියවර ගන්නා ලෙස ද දිගින් දිගටම ඇතිවන මෙම තත්ත්වය කෙරි රාජ්‍ය ඖෂධ සංස්ථාව ඍජුව වගකිවයුතු වන බැවින් ලබන වසරේ ඇතිවන ඖෂධ අර්බුදයේ ප්‍රධාන වගකිවයුතු පාර්ශවයක් ලෙස ඔවුන් වගකීම බාරගත යුතු බවද ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි