News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා.. ඒ ආයතනවලින් ජනතාවට සේවයක් සිදු වන්නේ නැහැ - ජනපති අනුර

Sep 18, 2025 at 11:22 AM
|

ඉන්ධන ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු අද (17) ආරම්භ කරමිනි.

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඝන මීටර 15,000ක ටැංකි 03ක්, ඝන මීටර 7000ක ටැංකි 02ක් සහ ඝන මීටර 5000ක ටැංකියක් ඇතුළු ගබඩා ටැංකි 06ක ඉදිකිරීමේ කටයුතු මෙසේ ආරම්භ කෙරිණි.

බලශක්ති කේෂ්ත්‍රයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරමින් ආර්ථික ස්වාධිපත්‍යයක් ළඟා කර ගැනීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම ප්‍රගතිශිලී පරිවර්තනය වෙනුවෙන් සියලු ජනතා‍වගේ සහයෝගය ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ජනතාවගේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා රජයට වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරනවා. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සඳහා කවර හෝ වෘත්තිය සමිතියක් බාධා කරනවා නම් ඒ වෙනුවෙන් තීරණයක් ගන්න අප පැකිළෙන්නේ නැහැ. ගතානුගතික සම්ප්‍රදායෙන් ආයතනයකට ඉදිරියට යන්න බැහැ. ඒවගේම මිනිස් ශ්‍රමයෙන් පමණක් ආයතනයක් ඉදිරියට යන්නේත් නැහැ. ආයතනයක් ඉදිරියට යාමට නම් තාක්ෂණය හා විද්‍යාව එක් කළ යුතුයි. තාක්ෂණය හෝ විද්‍යාවට බිය කිසි ආයතනයක් දියුණු වන්නේ නැහැ. තාක්ෂණයට හෝ අලුත් දෙයක් කරන්න බිය වන රටක් ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා අප යාන්ත්‍රීකරණයට ආයතන ලක් කළ යුතුයි. ආයතන යාන්ත්‍රීකරණය කළාට අප යාන්ත්‍රික නැහැ. අප තෙතමනයක් සහිත මිනිස්සු. ඒ නිසා ආයතන යාන්ත්‍රික කිරීමේදී සේවකයින්ට සිදු වන දේ අප හොඳින් අවබෝධ කර ඊට පිළියම් ලබා දෙනවා.

පරණ තිබෙන අදහස වන්නේ ආණ්ඩුවක් පෙරළුණු විට පැවැති ආණ්ඩු පක්ෂ වෘත්තිය සමිතියේ අයට අලුතින් පත් වූ ආණ්ඩුවේ වෘත්තිය සමිතියට බැඳෙන්න කියා බල කරනවා. එහෙම නැතුව අනෙක් වෘත්තීය සමිතිවල අයට ගේට්ටුවෙන් ඇතුලට එන්න දුන්නේ නෑ. තෙල් සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදාගෙන තිබුණා. ඉතිහාසයේ ඡන්ද පොළවල් මංකොල්ලකෑමට පවා රාජ්‍ය සේවකයින් යොදාගත්තා.

පසුගිය වසරේදී අප වෙනස් කළේ එවැනි දේශපාලන සංස්කෘතියක්. එමගින් කිසිදු රාජ්‍ය සේවකයෙකුට හිරහැර සිදු වුණේ නැහැ. අපේ රටේ පොදු ජනතාව අපේක්ෂා කරන්නේ පැරණි විනාශකාරී අන්තයමද? එහෙම ජනතාව අපේක්ෂා කළා නම් අපට ඡන්දය දෙන්නේ නැහැ. ඒ අය පැරණි පාලකයෝ තෝරා ගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 159ක් ලබා දෙන්නේ නැහැ. එහෙත් සමහර අය වෙනස් වෙන්න සූදානම් නැහැ. අපි ඒ අයට ආරාධනා කරනවා වෙනස් වෙන්න සූදානම් වෙන්න කියලා. එසේ නොමැති නම් අප තීන්දු ගන්න සූදානම්. මොකද අප හාර හාර බල බල වැඩකරන්නේ නැහැ. මේ සිදු වූ ප්‍රගතිශිලි පරිවර්තනය පටු දේශපාලන කෝණයකින් බලන්න එපා.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නවීකරණය කිරීම සඳහා ඉරාන නායකයා ඇවිත් මුල්ගල තැබුවේ මිට වසර පහ‍ළොවකට විස්සකට කලින්, නමුත් එය නිසි කලට සිදු වූයේ නැහැ. එම නිසා විදුලිබිලට පවා අමතර බරක් පැමිණ තිබෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවිකරණය කරනවා වගේම ධාරිතාව වැඩි කිරීමටත් අප කටයුතු කරනවා. ඒ වගේම තෙල් ගවේෂණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට විද්වතුන්, විද්‍යාඥයින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා.

‍අපේ ජනතාවට මැතිවරණ කාලවලදි තෙල් සොයා ගත්ත කතා අහන්න ලැබෙනවා. පළමු බොරතෙල් බෝතලය හොයා ගත්තේ 1970 මැතිවරණයේදීයි. එහෙත් අප වෘත්තීයවේදීන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ට එහි වගකීම් ලබා දී තිබෙනවා. අවශ්‍ය පහසුකම් පමණක් රජය සපයනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 26,000ක් පාලනය වෙන්නේ එක පාලන අධිකාරියක් යටතේයි. එසේ තිබියදී ගැටලුවක් මතු වූ විට නිශ්චිතව එම කරුණ සොයා ගැනීමට අපහසු වී තිබෙනවා. අර්බුදයට අයිතිකාරයෙක් නැහැ. විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කරන්න නීතිය සම්මත කර තිබුණේ මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙරයි. එයින් බලශක්ති ස්වාධිපත්‍යයට බලපෑම් වන බව අප දැක්කා. එම නීතිය වෙනස් කළ එක අපරාධයක්ද? විදුලිබල සේවකයෝ අකුරට වැඩ කරන්නේ හෝ ලෙඩ නිවාඩු ගන්නේ ඒ නිසාද? ඒ අයට ඉදිරි මාස දෙකක කාලය තුළ තෝරා ගන්න මාර්ග තිබෙනවා.

කලාපයේ විදුලිබිල වැඩි රටවල්වල ඉදිරියෙන් ශ්‍රී ලංකාවත් සිටින බව සමහර අය කියනවා. අප එම නිසා විදුලි ඒකකයක පිරිවැය අවම කිරිමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලයේ පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක මිල තිබුණේ ඉහළ මට්ටමකයි. පුනර්ජනනීය විදුලිය අවභාවිත කර තිබුණා. සමහර දියඇලි දේශපාලකයින්ගෙ හයිය අරගෙන ලයිසන් අරගෙන විකුණා තිබුණා. මේ ලයිසන් ගත් සමහර අයට විදුලිබලය ගැන කිසිදු දැනුමක් නැහැ. අප ආණ්ඩු බලය ලබා ගන්න කලින් උතුරේ යම් භූමියක සුළං විදුලිබලාගාරයක් ලබා දී තිබුණේ ඩොලර් ශත 8කටයි. අප ඒ භූමියම, ඒ සුළඟම භාවිත කරලා විදුලි ඒකකයක් ඩොලර් ශත 4කට නිපදවන ආයතනයකට ලබා දුන්නා. ඒ කියන්නේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සියයට 50කින් අඩු කර ගැනීමට අපට හැකි වුණා. සියඹලාණ්ඩුවේ මෙගා වොට් 100ක සූර්ය විදුලි බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කළා. මෙවැනි විශාල ව්‍යාපෘතියක් ආරම්භ කළේ පළමු වතාවටයි. මේ කිසිදු ව්‍යාපාරිකයෙක් අප හඳුනන්නේ නැහැ, අපේ මිතුරන් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ රටට වාසි වන ව්‍යාපෘති සිදු කිරීමයි.

කෙරවලපිටිය ආරම්භ වුණේ ඩීසල් බලාගාරයක් ලෙසයි. එහෙත් එය එල්.එන්.ජී බලාගාරයක් ලෙස පරිවර්තනය කිරිමට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ යෝජනා කළා. එසේ සිදු කළ‍හොත් විදුලි ඒකකයක් සියයට 50කට අඩුවෙන් නිපද විය හැකියි. එහෙත් 2015 – 2019 ආණ්ඩුවේ ජනාධිපති සහ අගමැති අතර ගැටුම ආවේ කෙරවලපිටිය ලබා දෙන්නේ කුමන සමාගමටද යන්න තෝරා ගන්න බැරුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අදටත් කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයක් බවට පත් කරන්න බැරුව තිබෙනවා. එම නිසා විදුලිබිල අඩු නොකිරීම නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත් වෙලා.

ඉදිරියේදී ත්‍රිකුණාමලයේ රජය සතු තෙල් ටැංකි 24ක නවීකරණය කර භාවිතයට ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුම් නිසි දිනට ආරම්භ කර නිම කිරිමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය මාස 08 තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.2ක ලාභයක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ඉන්ධන සපයන්නේ ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොවෙයි. ඒ නිසා ඒ ලාභය ඍජුව ජනතාවට ලබා දෙන්න බැහැ. ඒ නිසා එම ලාභය අධ්‍යාපනය, සෞඛ්‍යය මඟින් වක්‍රව ජනතාවට ලබා දීමට අප කටයුතු කරනවා.

රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. එම ආයතනවලින් ජනතාවට සේවයක් සිදු වන්නේ නැහැ. ඒ ආයතනයට අයත් ඉඩමක් බදු දීලා සේවකයින්ගේ වැටුප් ගෙවන සමහර ආයතන තිබෙනවා. එහෙම ආයතන මේ රටට අවශ්‍යද? රාජ්‍ය සේවය වෙනුවෙන් 2027 වන විට රුපියල් කෝටි 33,000ක් වැටුප් වැඩි කිරිමට වෙන් කරනවා. එහෙත් එයින් ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙනවාද? කියන එක සිතන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ආයතනවල තානායම් තිබෙනවා. ඒවා වාණිජ භාවිතයට ගෙන ආදායම් ලැබීමේ මාවතකට ගෙන ආ යුතුයි. සමහර දේශපාලකයින්, හිටපු ජනාධිපතිවරුන් වසර 31ක් ඉඳලා තිබෙන්නේ රජයේ ගෙවල්වල. අප ඒවා වෙනස් කරනවා. රට ශිෂ්ට සම්පන්න කිරීමට අප කටයුතු කරනවා. පාලකයෝ ‍දේවත්වයට ආරූඪ කළ යුගය අප අවසන් කළා. අප සියලු දේ දන්නේ නැහැ. දැනුම තිබෙන සියලුදෙනා කතා කරන්න. අප සියලුදෙනාට ඉඩ දී තිබෙනවා. විද්‍වතුන් කතා නොකර සිටීම අපරාධයක්. ඒ නිසා විද්‍වතුන් සහ ක්ෂේත‍්‍රවල ප්‍රවීණයන් කතා කළ යුතුයි. ඔවුන්ගේ අදහස් අරගෙන අප මේ රට හදන ගමන ඉදිරියට ගෙන යනවා. අප තෙතමනයක් ඇති මිනිස්සු. ඒ නිසා 2022 වගේ තෙල් පෝලිම්වල, ගෑස්‍ පෝලිම්වල මිනිස්සු මැරුණ වගේ අර්බුදයක් නැවත ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ.

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඛනිජ තෙල් ගබඩා ටැංකි හයක් ඉදිකිරීම සඳහා M/s Indo East Engineering – Ceylex Engineering JV ආයතනය වෙත රුපියල් බිලියන 3.7ක සම්පූර්ණ මිලකට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. කොන්ත්‍රාත් කාලය මාස 24ක් වන අතර, ව්‍යාපෘතිය 2027 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ කොළොන්නාව ස්ථාපනයේ නව ගබඩා ටැංකි ඉදිකිරීම මගින් රටේ ඉන්ධන ගබඩා ධාරිතාව බෙහෙවින් ශක්තිමත් කරන අතර, රටේ ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදනවල තිරසාර, කාර්යක්ෂම සහ අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාම සඳහා එය සහායක් වනු ඇති බවය.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයංග හේමපාල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) සභාපති ආනන්ද රාජකරුණා යන මහත්වරු සහ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- ජනාධිපති මාධ්‍ය අංශය

සම්බන්ධිත පුවත් | Related News

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (11) නොතීසියක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව හිමිව ඇති බවට ව්‍යාජ නිල ලේඛන සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි 'බී' වාර්තාව හෝ පසු වාර්තා මඟින් අනාවරණය වී නොමැති බව පවසමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ප්‍රධාන පුවත්

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.