News Category
From Date
To Date
Maximum Number of Result

අල්ලස් කොමිසම දුන් වත්කම් බැරකම් ප්‍රකාශවලින් මැති ඇමතිවරුන්ගේ කෝටි ගණනක දේපොල සහ වත්කම් එළියට ආවේ මෙහෙමයි..

Sep 18, 2025 at 10:43 AM
|

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ද ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රභලයින්ගේ මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ 2025 වසරට අදාළව වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රසිද්ධ කර තිබේ.

මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ වන අතර, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් ඇතුළු කිහිප දෙනෙකුගේ වත්කම් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ඒ, අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව දැඩි අවධානයක් යොමුවීමත් සමගයි.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දේශපාලන නියෝජිතයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු අතර අල්ලස් කොමිසම විසින් එම වත්කම් හා බැරකම් ප්‍රකාශ වෙබ් අඩවියේ පළකර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්කම් ද ඒ අතරට අයත්.

ඒ අනුව, 2025 වසරේ ජුනි මස 26 වැනිදා වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක සතුව වැටුප හැර චංචල සහ නිශ්චල දේපළ, ස්ථාවර තැන්පතු සහ බැංකු ගිණුම් මෙන්ම අතැති මුදල් ද සහිතව රුපියල් ලක්ෂ පන්සිය අසූ තුනකට අධික වත්කම් පවතී.

නිශ්චල දේපළ යටතේ, පර්චස් 20ක ඉඩම සමග නිවසක් පවතින අතර එහි වටිනාකම රුපියල් මිලියන 40ක්. 

එසේම රුපියල් 1,125,000ක් වටිනා පවුම් 4හමාරක ස්වර්ණාභරණ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුල සතුව තිබෙන බවද එම වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන්.

ජනාධිපතිවරයාගේ පරම අයිතිය සතු වාහන පිළිබඳවත් එම වත්කම් ප්‍රකාශයේ දක්වා ඇති අතර ඒ අනුව රුපියල් මිලියන 15ක් වටිනා ටොයොටා හයිලුක්ස් වර්ගයේ ද්විත්ව කාර්ය වාහනයක් ජනාධිපතිවරයා සතුව පවතී.

මීට අමතරව ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ බැංකු ගිණුම් 3ක රුපියල් 1,377,435යි ශත 44ක මුදලක් පවති.

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ වත්කම් බැරකම් ප්‍රකාශ ද අල්ලස් කොමිසම මගින් ප්‍රසිද්ධ කර තිබිණි.

ඇය ඒවා භාර දී තිබුණේ 2025 වසරේ ජූලි 14වැනි දායි.

අග්‍රාමාත්‍යවරිය සතු නිශ්චල දේපළ අතර අක්කර 8කට වැඩි රුපියල් 4,255,615ක් වටිනා ඉඩමක් හා 6,300,000ක වටිනාකමකින් යුත් තවත් ඉඩම්

කිහිපයක් ද වේ.

මීට අමතරව රුපියල් මිලියන 7ක වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ අග්‍රමාත්‍යවරිය සතුව පතින බව එම වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්.

බැංකු සහ මූල්‍ය ආයතනවල ඇය ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් 6,842,604ක් වන අතර තවත් බැංකු ගිණුම් දෙකක රුපියල් 3,396,351යි ශත75ක

ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් ද ඇය සතුයි.

2025 ජූනි 29වැනි දින වනවිට අග්‍රමාත්‍යවරියගේ බැංකු ගිණුම් සහ අතැති මුදල් ලෙස අමෙරිකා ඩොලර් 500ක් සහ රුපියල් 685,951ක් දැක්විණි.

කෙසේ වෙතත් ඇය සතුව වාහන හෝ වෙනත් චංචල දේපළ කිසිවක් නොමැති බව ද ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්.

ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සතුව ඇති මුළු වත්කම් ප්‍රමාණය ලක්ෂ 270කට අධිකයි.

අමාත්‍ය බිමල් රත්නායක ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත භාර දී ඇති අතර ඔහු සතුව රුපියල් 6,000,000ක් වටිනා පර්චස් 20ක ඉඩම සහිත නිවසක් පවතින බව එහි සඳහන් කර තිබේ.

එමෙන්ම බිමල් රත්නායක මහතා සහ ඔහුගේ පවුල සතුව චංචල දේපළ ලෙස 1,310,000ක් වටිනා පවුම් 7ක පමණ ස්වර්ණාභරණ පවතින අතර මිලියන 15ක් වටිනා ටොයෝටා හයිලක්ස් වර්ගයේ ද්විත්ව කාර්යය වාහනයක් ද ඔහු සතුයි.

බිමල් රත්නායක අමාත්‍යවරයා සහ ඔහුගේ පවුල සතු බැංකු ගිණුම් 10ක මේ වසරේ ජුනි 27වන දින වන විට රුපියල් 2,745,794ක් පවතින බවද එම ප්‍රකාශයේ ඇතුළත්.

ඒ අනුව රුපියල් ලක්ෂ 250කට අධික වටිනාකමකින් යුත් චංචල හා නිෂ්චල දේපල බිමල් රත්නායක මහතා හා ඔහුගේ පවුල සතුයි.

අමාත්‍ය විජිත හේරත් මහතා පර්චස් 104ක ඉඩම සහ නිවස රුපියල් 7000කට මිලදී ගෙන ඇති බවත් රුපියල් මිලියන 10ක් වටිනා පර්චස් 20ක තවත් වානිජ ගොඩනැගිල්ලක් පවතින බවත් ඔහු ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්.

එමෙන්ම රුපියල් මිලියන 12ක් සහ මිලියන 15ක් වටිනා ටොයොටා ඩබල් කැබ් වර්ගයේ වාහන 2ක්ද ඔහු සතුයි.

ඔහුගේ බැංකු ගිණුම් 5ක රුපියල් 575,276ක මුදලක් පවතින බවත් එහි සඳහන් ඒ අනුව ඔහුගේ මුළු වත්කම රුපියල් ලක්ෂ 370කට අධිකයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත භාර දී ඇති අතර ඔහු සහ ඔහුගේ පවුල සතු නිශචල දේපළ අතර රුපියල් කෝටියක් වටිනා පර්චස් 30ක ඉඩම සමග නිවසක්, තවත් රුපියල් කෝටියක් වටිනා පර්චස් 16ක ඉඩම සමග නිවසක්, රුපියල් එක්කෝටි 75 ලක්ෂයක් වටිනා පර්චස් 6ක ඉඩම සමග නිවස සහ තවත් රුපියල් එක්කෝටි හැත්ත පහක ලක්ෂයක් වටිනා පර්චස් 7.5 ඉඩමක් සමග නිවසක් වේ.

එමෙන්ම අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ ඔහුගේ පවුල සතුව ලක්ෂ 31ක් වටිනා ස්වර්ණාභරණ පවතින අතර ලක්ෂ 213ක ටොයෝටා හයිලක්ස් වර්ගයේ වාහන 2ක් සහ ෂෙව්රලේ වර්ගයේ මෝටර් රථයක් ඔහු සතුයි.

මීට අමතරව බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයක තනි සහ බද්ධ ගිණුම්වල රුපියල් 4,768,750ක මූල්‍ය වත්කම් ද ඔහු සතුව පවතී.

ඒ අනුව ඔහුගේ මුළු වත්කම්වල වටිනාකම කෝටි 8කට අධිකයි.

මේ අතර 2025 වසර සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෙතෙක් ඉදිරිපත් කර නොමැත.

පාාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ වත්කම් බැරකම් ප්‍රකාශ ද අල්ලස් කොමිසම මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

එ අනුව ඔහු සතු නිශ්චල දේපළ අතර රුපියල් 5,500,000ක වටිනාකමකින් යුත් ඉඩමක්ද තවත් ඉඩම් කිහිපයක තොරතුරුද දක්වා තිබෙන අතර ඒවායේ වටිනාකම සඳහන් කර නොමැත.

ඊට අමතරව ඔහුගේ චංචල දේපළ ලෙස මෝටර් රථ දෙකක් සහ ටොයෝටා වර්ගයේ ජීප් රථයක් සඳහන් කර ඇතත් ඒවායේ වටිනාකමද සඳහන් කර නොමැත.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා රුපියල් මිලියන 39ක මුදල් වැයකරමින් පෞද්ගලික ආයතන දෙකක කොටස් මිලදී ගෙන ඇති බවයි මෙම ප්‍රකාශයේ සඳහන් වන්නේ.

මෙම ප්‍රකාශයේ දැක්වෙන පරිදි නාමල් රාජපක්ෂ මහතාගේ මූල්‍යමය වත්කම් රුපියල් මිලියන 124කට අධිකයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සතු නිශ්චල දේපළ ලෙස රුපියල් මිලියන 92ක් වටිනා පර්චස් 36ක ඉඩමක්, රුපියල් මිලියන 80ක් වටිනා අක්කර 3.7ක ඉඩමක්, රුපියල් මිලියන 40ක් වටිනා අක්කර 7ක ඉඩමක් සහ රුපියල් මිලියන 4ක් වටිනා අක්කර 8.5ක ඉඩමක් සටහන් කර තිබිණි.

මීට අමතරව තවත් මිලියන 52ක් වටිනා ඉඩම් 6ක තොරතුරුද මෙම ප්‍රකාශයේ සදහන්. 

එමෙන්ම චංචල දේපළ යටතේ රුපියල් මිලියන 22.9ක් වටිනා වාහන 5ක් සම්බන්ධයෙන්ද මෙහි සඳහන් කර තිබේ.

චංචල දේපල යටතේ මිලියන 14ක් වටිනා ස්වර්ණාභරණ රංජිත් මද්දුම බංඩාර මහතා සතුව ඇති බවයි මෙහි සඳහන් වන්නේ.

එමෙන්ම රුපියල් මිලියන 7.5කට ආසන්න ඔහුගේ මූල්‍යමය දේපළද මෙම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර මහතා සතුව ඇති මුළු වත්කම් රුපියල් කෝටි 31කට අධිකයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ද අල්ලස් කොමිසම මගින් ප්‍රසිද්ධ කර තිබේ.

එ අනුව ඔහු සතු නිශ්චල දේපළ අතර රුපියල් මිලියන 662කට ආසන්න වටිනාකමකින් යුත් ඉඩම්, නිවාස සහ වතු තිබෙන බවයි මෙම වාර්තාවේ

දක්වා ඇත්තේ.

එමෙන්ම චංචල දේපළ යටතේ SUV සුඛෝපගෙී මොටර් රථ 2ක්, බජාජ් ත්‍රී රෝද රථයක්, අවුඩි Q2 වර්ගයේ ජීප් රථයක් ටොයොටා ට්‍රක් රථයක් මෙම ප්‍රකාශයේ දක්වා ඇති අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 129.2ක් ලෙසයි දැක්වෙන්නේ.

ඊට අමතරව ඔහු පෞද්ගලික ආයත දෙකක කොටස්ද මිලදී ගෙන ඇතත් එහි වටිනාකම මෙම වත්කම් බැරකම් ප්‍රකාශයේ දක්වා නැහැ.

තවද ඔහු සතු සතුව ශ්‍රී ලංකා රුපියල්, අමෙරිකානු ඩොලර් සහ බ්‍රිතාන්‍ය පවුම් වශයෙන් මූල්‍ය වත්කම්ද ප්‍රකාශ කර තිබිණි.

එ අනුව ඔහු සතුව රුපියල් මිලියන 24කට ආසන්න මුදලක්, අමෙරිකානු ඩොලර් 141,941ක මුදලක් සහ බ්‍රිතාන්‍ය පවුම් 2,038ක මුදලක් මෙම වත්කම් බැරකම් ප්‍රකාශයේ දක්වා තිබේ.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත භාර දී ඇති අතර ඔහු සතුව රුපියල් මිලියන 235ක වානිජ ගොඩනැගිලි සහ රුපියල් මිලියන 10ක් වටිනා පර්චස් 40ක ඉඩම සහ නිවසක් සතු බව එහි සඳහන්.

එමෙන්ම රුපියල් මිලියන 6.5ක සෝලා පද්ධති දෙකක්ද ඔහු සතුව තිබේ.

එමෙන්ම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සතුව චංචල දේපළ ලෙස රුපියල් 4,550,000 ක ස්වර්ණාභරණ තිබෙන අතර රුපියල් ලක්ෂ 150ක් වටිනා ටොයොටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්ද ඇති බව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්.

එමෙන්ම ඔහු සතුව රුපියල් 3,153,850 ක මුදලක් බැංකු ගිණුම්වල තිබෙන අතර සමාගම් කොටස් 21,000ක් මිලට ගෙන ඇති අතර එහි වටිනාකම සඳහන් කර නැහැ.

රුපියල් 15,300,000ක ආදායමක් ලැබෙන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහට භාර දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර අමෙරිකානු ඩොලර් 3000ක ඩිජිටල් මුදල් වත්කමක්ද ඔහු සතුව පවතින බව සඳහන්.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත භාර දී ඇති අතර ඔහු සතුව රුපියල් මිලියන 76ක් වටිනා පර්චස් 142.5ක ඉඩම් සහ නිවාස පවතින අතර ඔහු ලබන වාර්ෂික ආදායම රුපියල් 9,678,185 ක් ලෙස ප්‍රකාශ කර තිබේ.

සම්බන්ධිත පුවත් | Related News

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (11) නොතීසියක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව හිමිව ඇති බවට ව්‍යාජ නිල ලේඛන සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි 'බී' වාර්තාව හෝ පසු වාර්තා මඟින් අනාවරණය වී නොමැති බව පවසමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ප්‍රධාන පුවත්

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.