ආණ්ඩුවේ මැති ඇමතිලා පිරිසකගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමැණිල්ලක්..
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් රජයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (අල්ලස් කොමිසම) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සමාජ මාධ්‍ය ජාලයන්හි මෙම වත්කම් සම්බන්ධයෙන් මතුව ඇති චෝදනා සහ කතාබහට පිළිතුරු දීම සඳහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එහිදී ඉල්ලා ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, සුනිල් වටගල සහ නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් සම්බන්ධයෙනි.
මෙම අමාත්‍යවරුන් විසින් ප්‍රකාශ කර ඇති වත්කම් සත්‍ය වශයෙන්ම ඔවුන් උපයාගත් ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කමන්ත තුෂාර මහතා ඉල්ලා සිටී.
ජාමුනි කමන්ත තුෂාර මහතා පෙන්වා දෙන්නේ, වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් බැරකම් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් පවතින බවයි. මෙම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව රජය අපහසුතාවයට පත් කිරීමේ සහ මඩගැසීමේ චේතනාවෙන් මෙම තොරතුරු සමාජයට එළිදක්වන බවක් පෙනුණද, ප්‍රශ්නය වන්නේ මෙම මැති ඇමතිවරුන් සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ගෙන්, භාර්යාවන්ගෙන් හෝ ව්‍යාපාරවලින් මුදල් උපයා ගත්තාද යන්න පැහැදිලි නොවීමයි.
කෙසේ වෙතත්, ඔවුන් බියක් සැකක් නොමැතිව වත්කම් බැරකම් ප්‍රකාශ වල ඒවා සටහන් කර ඇත්තේ, ඒවා උපයාගත් ආකාරය පෙන්වීමේ හැකියාව තමන්ට ඇති බවට විශ්වාසයකින් බව සංවිධානය විශ්වාස කරයි.
විශේෂයෙන්ම, වසන්ත සමරසිංහ මහතා සතුව රුපියල් ලක්ෂ 2700ක (මිලියන 270) මුදලක් ඇති බවටත්, එය වසර 28ක් තුළ උපයාගත් බවටත් සමාජ මාධ්‍යයේ පළ වන තොරතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත.
රමිත් රඹුක්වැල්ල සම්බන්ධයෙන් ද මීට පෙර මෙවැනිම මුදල් ප්‍රමාණයක වත්කම් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු වූ බවත්, ඔහුට එම මුදල් උපයාගත් ආකාරය පෙන්වීමට නොහැකි වූ බවත්, එම තත්ත්වය මෙම අමාත්‍යවරුන්ට ද අදාළ විය යුතු බවත් කමන්ත තුෂාර මහතා පෙන්වා දෙයි.
මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ජනතාව විශාල කැපවීමක් කළ බවත්, එබැවින් මෙවැනි විශාල වත්කම් සහිත අමාත්‍යවරුන් සිටින විට ජනතාව තුළ කුතුහලයක් මෙන්ම ප්‍රශ්න කිරීමක්ද ඇතිවන බවත් ඔහු සඳහන් කරයි.
තෙල් ටික ගසා ගැනීමට පවා ජනතාවගෙන් උදව් ඉල්ලා සිටි මෙම අමාත්‍යවරුන්ට මෙවැනි විශාල මුදලක් තිබුණාද යන ප්‍රශ්නය ජනතාවට මතුව තිබේ.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසන්නේ, ඔවුන් ස්වාධීන සංවිධානයක් ලෙස ක්‍රියා කරන්නේ රජයට මඩගැසීමට හෝ එය පෙරළා දැමීමට නොව, රජය රැක ගැනීමට බවයි. මෙම ආණ්ඩුව දූෂණ වංචා වලින් තොරව පවත්වාගෙන යාමට නම්, වත්කම් උපයාගත් ආකාරය සාධාරණ ලෙස පෙන්විය නොහැකි නම්, අල්ලස් කොමිසම වහාම පරීක්ෂණයක් ආරම්භ කර, රඹුක්වැල්ල පවුලට අධිචෝදනා ගොනු කළා සේම, මෙම අමාත්‍යවරුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.
ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, ආණ්ඩුව තුළ සිටින දූෂිත නිලධාරීන්ට සහ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. එසේම, මෙම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, අල්ලස් කොමිසමේ පරීක්ෂණවලට සහයෝගය ලබා දී, තමන් වත්කම් උපයාගත් සාධාරණ ක්‍රමය මහජනතාවට පෙන්වන ලෙසයි. එසේ නොවුණහොත්, සමාජයේ නොසන්සුන්තාවයක් ඇති වී, ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් පවා ඇතිවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.
සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ මඩගසන පුද්ගලයන්ට ද අභියෝග කරන කමන්ත තුෂාර මහතා, ඒ වෙනුවට විධිමත් පැමිණිලි ඉදිරිපත් කරමින්, සභ්‍ය ආකාරයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටී.
අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ, මෙම පරීක්ෂණ කඩිනමින් සිදු කර, රටේ මහජනතාවට සත්‍යය හෙළි කරන ලෙසත්, අයථා ලෙස මුදල් උපයාගෙන ඇත්නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්ය. රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වත්කම් බැරකම් පරීක්ෂා කර, සත්‍යය රටට හෙළිදරව් කරන ලෙස ද රජයට සහ අල්ලස් කොමිසමට ඉල්ලීමක් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි