මට කෝටි 27ක් වත්කම් තියෙන්නේ ව්‍යාපාර වලින් දියුණු වෙලයි.. පරම්පරාවෙන් ලැබිච්ච ඒවයි..
වත්කම් බැරකම් ප්‍රකාශනවල තම වත්කම රුපියල් මිලියන 275 ක් ලෙස සඳහන් කර ඇති බවත් ඒ තමන්ට පරම්පරාවෙන් ලැබුණු ඒවා සහ තමන් ව්‍යාපාර කරමින් වැඩි දියුණුවට පත් කළ ඒවා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ සියත රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමිනි.
"වත්කම් හා වගකීම් ප්‍රකාශය දෙද්දී, මම තඹුත්තේගම අපේ ගම. තඹුත්තේගම කවුරුත් අපිව දන්නවා, අපෙ පවුලත් දන්නවා. අපි තඹුත්තේගම සිට කොළඹ ඇවිත් කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා දේශපාලනය කරන ගමන් – සමහරු හිතන් ඉන්නවා මෙ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලනය කරන අය මොකුත් කරන්නෙ නැතිව දේශපාලනය විතරයි කරන්නෙ කියලා. ඔය අපෙන් ප්‍රශ්නයක් අහනවානෙ පඩි ගන්නෙ නැතිව කොහොමද ඉන්නෙ කියලා. අපි දේශපාලනය කරන ගමන් අපෙ කළමනාකරණයකුත් තියෙනවා. ඒක ඇතුළෙ මට මගේ පවුලෙන් ලැබිච්ච දේපළ ප්‍රමාණයක් තියෙනවා,
ඒ වගේම මම 1997 ඉඳන් ක්ලාස් කරන්න පටන් ගත්තා. එහෙම ටන් ගත්තාම මම කැළණිය විශ්වවිද්යාලයට එනවා, ඇවිල්ලා ටික දවසක් යනවා, ඒත් මම ක්ලාස් කරමින් යනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ පටන් ගත්තාට පස්සෙ මට ක්ලාස් කරන්න බැරිවෙනවා. මම ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒකට අපෙ තඹුත්තේගම ටවුමෙ තියෙනවා ඉඩමක්. මේ ඉඩමෙ අපි පොල්කොට ගහලා, මගෙ විශ්වවිද්‍යාලෙ යාළුවො ආවා මුලින්ම, පටන් ගන්නකොට අපි පොල් කොටන් උඩ බංකු ගහලා එහෙම තමයි ක්ලාස් එක පටන් ගත්තෙ. ඒ ඉතිහාසය දැන් අවුරුදු 28කට වැඩියි. එතැන් සිට පොල් අතු වහලෙ ගැහුවා, තහඩු වහලෙ ගැහුවා, මම කොන්ක්‍රීට්වලට මේක ගියා, දැනට ගත්තොත් තඹුත්තේගම තියෙන විශාලම බිල්ඩින්වලින් එකක්. දැන් මම ඒක කුලියට දීලා තියෙන්නෙ. විශාල පන්ති ප්‍රමාණයක් පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වෘත්තීය පුහුණු මේ ඔක්කොම. දැන් තඹුත්තේගම ටවුමෙ මේ හරියෙ පර්චස් එකක් ලක්ෂ 30කට විතර යන්නෙ. මේ ඉඩම අපෙ පරම්පරාවෙන් අපිට හිමිවෙච්ච ඉඩමක්. මෙතන පර්චස් 40ක විතර කෑල්ලක් තියෙනවා, කෑලි දෙකක් තියෙන්නෙ. අපිට අක්කර බාගයක් හම්බවෙච්ච එකක් දෙපැත්තෙන්ම දේශපාලන බලය පාවිච්චි කරලා විවිධ අය අල්ලාගත්තා. අපි තඹුත්තේගම ටවුමෙ පරණ අය. අපි ටවුන් එකේ ප්‍රධාන පුරවැසියෝ කිව්වොත් හරි. ඔය ඉඩම් එහෙම විශාල ප්‍රමාණයක් තිබුණා, ඔව්වායෙ ඉස්සර එහෙම වටිනාකම් තිබුනෙ නෑ. මේ ඉඩම මම ඩිවලොප් කරන් ආවා. මේකෙන් එන ආදායමත් එක්ක මම මේකත් හදහදා යනවා.
තට්ටු තුනේ වාණිජ ගොඩනැගිල්ල කියන්නෙ ඔය ක්ලාස් එක. මේක මේ දැන් නෙවෙයි ඡන්දෙට කලිනුත් ගැහුවා ඕක දාලා. දැන් අහපු එක හොඳයි, මම ඇමතිවරයා අවුරුදු පහකින් මගෙන් කවුරුහරි ඇහුවොත් මේවා හැදුවෙ කොහොමද කියලා ? ඔන්න මම දැන්ම කියලා තියෙනවා. මොකද මේවායෙ වටිනාකම වැඩිවෙනවානෙ. මේ බිල්ඩින් එක තවත් අවසන් කරලා නෑ. මේකෙ වහලවල් තියෙනවා වර්ග අඩි 7500ක් විතර වැඩියි. සෝලාර් දෙකක් තියෙනවා. තවත් සෝලා එකක් තියෙනවා ඒක දැන් මාස පහකට වැඩියි ගහලා ඒක තවම කනෙක්ට් කරගන්න බැරිවුණා. ඒක හදපු කොම්පැනියට මම තවම ගෙවලාත් නෑ. මේවා මේ අහම්බෙන් එක දවසෙන් ආපු ඒවා නෙවෙයි. ඔය අනිත් බිල්ඩින් එක තමයි අපෙ මහගෙදර ළඟ තියෙන බිල්ඩින් එක. තඹුත්තේගම ටවුම මැද ඒක තියෙන්නෙ. ඒකට RDB එකෙන් ලෝන් එකක් අරන් තමයි මම වැඩ පටන් ගත්තෙ. පස්සෙ ව්‍යපාරිකයෙක් ඒක ගත්තා. පස්සෙ අපි තව ලෝන් එකක් අරගෙන තට්ටු හතරකට ඒක ගැහුවා. මේක මේ හුදකලාව ආපු ගමනක් නෙවෙයි. ටිකෙන් ටික ආවා. අද ඒ බිල්ඩින් එකේ ඒවායෙ වටිනාකම තමයි මිලියන 225ක්, ඔව්. අවුරුදු 4කට විතර කලින් ඔය තඹුත්තේගම ක්ලාස් තියෙන ඉඩම මගෙන් මිලියන 100කට ඉල්ලුවා, අපි ටවුන් එකේ පරණ ගම්කාරයො නිසාම ඒවාටත් වටිනාකම් තිබුණා. නමුත් මම දුන්නෙ නෑ, අපි ඉතින් මේ වැඩේ කරගෙන යනවා. ඒක මම කුලියට දීලා තියෙන්නෙ, කුලී ආදායම එන්නෙ ඒක තමයි”
“ඔව්, ඉතාම පැහැදිලියි. මේවා සියල්ලම මම මගේ වත්කම් – බැරකම් ලේඛනයේ දාලා සීල් කරලා දීපුවා. මේවා මට ආපහු වෙනස් කරන්න බැහැනෙ. අපි ඇත්ත කියලා තියනවා සමාජයට. මම සාමාන්‍යයෙන් පොඩි කාලෙ ඉඳන් බිස්නස් කරපු කෙනෙක්. මම උසස් පෙළ පන්තියට එනකොත් අපි සාමාන්‍යයෙන් කෝච්චිවල බිස්නස් කළා ඒකාලෙ. මම මහපොළවෙ හිටන් ඉඳපුඉ මිනිහෙක්. මම ගොවිතැන් නම් ගොවිතැනුත් කරනවා. දෑතෙ රස්සාව. අපිට කඩ තියෙනවා ටවුන් එකේ. මම ඒ කඩවල කුස්සියෙ ඉඳන් ෆ්‍රන්ට් එක දක්වා ඕනෙ රස්සාවක් දන්න කෙනෙක්. මේ ගමන ඇතුළෙ මම අහුවෙන හැම අවස්ථාවක්ම පාවිච්චි කළා. මම දැනුත් ගොවිතැන් කරනවා. මට දැන් ටිකක් අමාරුයි, මාස හය හතකට කලින් මම ගොවිතැන් ඔක්කොම නැවැත්තුවා. යන්න එන්න වෙලාවක් නැති නිසා. ඕවා විතරක් නෙවෙයි, කොටස් වෙළඳපොල ඇතුළෙ මම ගනුදෙනු කරලා තියෙනවා. ක්‍රිප්ටො කරන්සි, අර මේ කොවිඩ් කාලෙ ගෙදරනෙ හිටියෙ. ඒ කාලෙ අහුවෙච්ච එකක් ක්‍රිප්ටො. මගෙ පුතා ටිකක් ටෙක්නොලොජි දන්න කෙනෙක්, එයා තමයි ඔය ගිණුම හැදුවෙ. එයාගෙ තමයි දැනුත් ඕවා අයිතිය තියෙන්නෙ. ඒ නිසා මම විවිධ ක්ෂේත්‍ර අතපත ගාපු මිනිහෙක්. මගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන මම ආපු ගමන ඇතුළෙ තවත් ඉස්සරහට යන්න පුළුවන් නම් මම ඒ ගමන යනවා.
හැබැයි මම රටට කියන්න ඕනෙ කිසිදු මහජන මුදලක්, ජනතාවට අයිති එක සතයක් අරගෙන මේ වැඩේ කරලා නෑ මම. මගේ හෘදසාක්ෂිය අනුව මට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්. මගෙ වත්කම් බැරකම් ප්‍රකාශය මම දීලා තියෙනවා. ඔතන තියෙනවා ගෙයක්, ඒ මගේ බිරිඳගේ ගෙදර. රත්තරන් බඩුවල වටිනාකම දීලා තියෙනවා. මම විවාහ වෙන්නෙ 2006. බත්තරමුල්ලෙ ප්‍රායිවට් බැංකුවක ම හත් අට වතාවක් ඔය රත්තරන් බඩු තියලා තියෙනවා මගෙ විවිධ වැඩවලට. මේකෙ හංගන්න දෙයක් නෑ. ඕවා 2006 ඉඳන් ගත්තු ඒවා, වටිනාකම හැදෙන්නෙ දැන් අදටනෙ. බිරිඳගේ තැල්ලේ ඉඳන් අපි දෙන්නාගෙ මඟුල් මුදු දෙක, චේන් එක, මේ ඔක්කොම තියෙනවා. මම පවුමක් 2006 දී ගත්තෙ රුපියල් 6500 ට. දැන් පවුම රුපියල් ලක්ෂ තුනක්. වටිනාකම ඒවායෙ වැඩිවෙනවා. ඒවා දැන් අද ගණන් හදපුවාම ඉතින් ගණන් තමයි. ඔය ඉඩමෙ වටිනාකමත් ඉදිරියේදී වැඩිවෙයි. ඒවා මගෙන් පස්සෙ මගෙ දරුවාට. කියන්න පුළුවන් නිසානෙ මම මේවා කියලා තියෙන්නෙ, හංගලා නෑ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි