රට පුරා බාල ඖෂධ.. ලේබල වල සඳහන් වන අන්දමේ සමාගම් පවා නැහැලු..
රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ නොමැති ඇතැම් ඖෂධ පෞද්ගලික අංශයේ වෙළඳ සැල් තුළ අඩු මිල ගණන්වලට ලබාගත හැකි තත්ත්වයක් පවතින නමුත් එම බොහෝ ඖෂධවල පැවතිය යුතු නියමිත රසායනික සංඝටක පවා නොමැති බවට වාර්තා වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
එසේම ඇතැම් අවස්ථාවලදී මෙම ඖෂධ නිෂ්පාදනය කළ බවට සඳහන් අලවා ඇති ලේබල වල සඳහන් වන අන්දමේ සමාගම් පවා එම රටවල් නොමැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම ඖෂධ ඉතා අඩු මිල ගණන්වලට හෝ ඉතා වැඩි මිල ගණන්වලට ප්‍රධාන පෙළේ රෝහල් අසල ෆාමසිවල අලෙවි කරන අතර මේ සම්බන්ධව නිසි නියාමනයක් සිදුවිය යුතු බවට තමන් අවස්ථා ගණනාවක් පෙන්වා දුන් නමුත් ඒ සම්බන්ධව මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර නොමැති බවද ඔහු සඳහන් කරයි.
නිදසුනක් වශයෙන් පැපාවරීන් නම් ඖෂධය ් සාමාන්‍යයෙන් රජය මිලදී ගැනීමේදී රුපියල් පනස් දහසකට අධික මිලකට මිලදී ගැනීමට සිදුවන අතර එම ඖෂධයම රුපියල් 300කට ආසන්න ප්‍රමාණයකට බාහිරව් සුහල්වල පවතින බව පසුගිය කාලයේදී වාර්තා වූ අතර මෙම ඇතැම් ඖෂධ වල කිසිදු රසායනික ප්‍රමිතියක් නොමැති බව මෙන්ම එම සමාගම් ඉන්දියාව තුළ දැනට ක්‍රියාත්මක නොවන බව අනාවරණය වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මේ තත්ත්වය යටතේ ඉතා අඩු මිල ගණන්වලට වෙළඳපොලේ ඖෂධ පවතින බවට වැරදි මතයක් ජනගත වන බවත් මෙසේ ඉතා අඩු මිල ගණන්වලට පවතින ඖෂධ හදිසි වැටලීම් හරහා නිසි පරිදි විද්‍යාත්මක නීරක්ෂණයන්ට ලක් නොකළහොත් ඖෂධ භාවිතා කරන රෝගීන්ට සංකූලතා මතුවීමේ දැඩි අවධානමක් පවතින බවද ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි