බෞද්ධ රටවල ගැටුම් ඇති කර වැනසීමේ කුමන්ත්‍රණයක්.. නේපාලයේ සිදු වුනෙත් එයයි - අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමි
බෞද්ධ රටවල ගැටුම් ඇති කර වැනසීමේ කුමන්ත්‍රණයක් පවතින බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.
මේ බව සදහන් කරමින් උන් වහන්සේ විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
“නේපාලයේ ඇති වූ අතිශය කනගාටුදායක සිදුවීම් මාලාව පිළිබඳව අප මහත්සේ කම්පනයට පත්වූවා. බුදු පියාණන් වහන්සේ උපන් දේශයේ මේ ආකාර ශෝචනීය දරුණු කැරැල්ලක් නිර්මාණය වී ඇති වූ සංවේගජනක සිදුවීම් මාලාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. දකුණු ආසියාතික රටවල් වැනසීමේ යම් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ කලක පටන් ක්‍රියාත්මක වන බවක් පැහැදිලිව පෙනී යනවා. විශේෂයෙන් අතීතයේ බෞද්ධ ලෙස පැවැති රටවල මෙන්ම බෞද්ධ උරුමයන් ඇති රටවල ගැටුම් ඇතිකර එම රටවල් වැනසීමට ගන්නා උත්සාහයක් ඇති බව නේපාලයේ සිදුවීම දෙස බලන විට පෙනී යනවා.
ඛේදවාචකයකට මුහුණ පාන්නේ නැහැ, නේපාලය වැනසීමේ කැරැල්ලේ පෙරමුණ ගත් තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදන්නා පිරිසක් බව පැහැදිලිය. එසේ දැන සිටියා නම් ඔවුන් තමන්ගේ රට මේ අන්දමින් විනාශ නොකරනු ඇත. නේපාලය යනු දියුණු වෙමින් පවතින රටකි. තමන් මේ විනාශ කර දැම්මේ තමන්ගේම දේපොළ බව එම රටේ තරුණ පිරිසකට අවබෝධ වීමට වැඩි දිනක් ගත නොවනු ඇත. අතීතයේ මහ රජවරු පාලනය කළ නේපාලය අද ගිනි ගෙන දැවෙන විට එම රටින් බිහිවූ මහා පුරුෂයකුගේ දහම පිළිපදින මිනිසුන් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට ඇතිවූයේ මහත් වූ සංවේගයකි.
නේපාලයේ අරගලය ම්ලේච්ඡ දිශාවකට ඇදී ගොස් අමු අමුවේ මිනිස්සු මරා දමන තත්ත්වයට පත් වුණා. මෙම තරුණ පිරිස පිටුපස සිට ඔවුන් කවුරුන් හෝ මෙහෙයවා ඇති බව පැහැදිලිය. මේ සිදුවීම මහා ඉතිහාසයක් ඇති නේපාලයේ ගෞරවයට සිදුවූ බරපතළ හානියක් බව සිහිපත් කළ යුතුයි. තව ද පාලකයෝ රට පාලනය කරනවා වෙනුවට ඒ ඒ රට විසින් පාලකයෝ පාලනය කරන තත්ත්වයක් උදාවුවහොත් ප්‍රජාතන්ත්‍රවාදයත් මිනිස් සංහතියත් මේ මිහිතලයෙන් අතුගෑවී යන දිනය වැඩි ඈතක නොවනු ඇත. ඒ නිසා ගිනි ගන්නා ලොව නිවන්නට අද ලෝක ආගමික නායකයෝ සියල්ල පෙරට ආ යුතු බව සිහිපත් කළ යුතුයි”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි