News Category
From Date
To Date
Maximum Number of Result

යුරෝපයේ වර්ණ විප්ලව, අරාබි වසන්තයේ සිට ආසියානු වසන්තය දක්වා: පාලන තන්ත්‍රයන් විසුරුවාලීමට යෞවනයන් හසුරුවන පුනරාවර්තන නාට්‍ය පෙළ..

Sep 13, 2025 at 09:42 PM
|

යුරෝපය (වර්ණ විප්ලව), අරාබි ලෝකය (අරාබි වසන්තය) සහ ආසියාවේ සමහර කොටස් ("ආසියානු වසන්තය") පුරා, ස්වයංසිද්ධ තරුණ නැගිටීම් ලෙස පෙනී සිටි ව්‍යාපාර බොහෝ විට බාහිර මැදිහත්වීම් සහ දේශීය අවස්ථාවාදයේ මුද්‍රාවන් තබා තිබේ. අව්‍යාජ දුක්ගැනවිලි පැවතුනද, ඒවා විස්තාරණය කර නැවත හරවා යවන ලද්දේ බාහිර බලවතුන්ට සහ ආත්මාර්ථකාමී දේශීය ප්‍රභූන්ට ප්‍රතිලාභ ලබා දෙන දේශපාලන ප්‍රතිඵල ඇති කිරීම සඳහා වන අතර සාමාන්‍ය බදු ගෙවන පුරවැසියන් පිරිවැය දරා සිටියහ.

ඉහත කී පිරිස් අවුලුවන කැලඹීම් බොහෝ විට තමන් මතට නැවත පැමිණෙන බව තරුණයින් තේරුම් ගන්නේ අල්ප වශයෙනි. ප්‍රතිවිපාක ඇති වන විට, තරුණයින් බොහෝ විට ප්‍රමාද වැඩිය. ඒ වන විට ඔවුන් තම ජාතිය විනාශ කිරීමට උදව් කර ඇත. ජාතියේ ඉතිහාසය මකා දමා  ණය බරින් ජාතිය බර කර විදේශීය ක්‍රියාකාරීන්ට ප්‍රතිපත්ති නියම කිරීමට ඉඩ දී ඇත. එමෙන්ම තමන්ගේම අනාගතය සකසා ගැනීමට තිබෙන සියලු පාලනයන් අහෝසි වී ඇත. "ඉතිහාසය ඉගෙනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි" අසන්නට පුරුදු වූ එම තරුණයින්ම, දැන් එහි තමන්ට හිමි ස්ථානය 'අනතුරු සාදන්නන්' ලෙස ඉදිරිපත් වී මකා දමා ඇති බව දකිති.

මෙම ක්‍රියා දාමය මගින් වින්දිතයන් බවට පත්වූ රටවල්:

1) යුරෝපය / යුරේසියාව: සර්බියාව (ඔට්පෝර්- 1998 දී බෙල්ග්‍රේඩ් හි විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කරන ලද සර්බියානු භාෂාවෙන් "ප්‍රතිරෝධය!" යන අර්ථය සපයයි.), ජෝර්ජියාව (රෝස), යුක්රේනය (තැඹිලි/මයිඩාව), කිර්ගිස්තානය, මෝල්ඩෝවා, බෙලරුස් (උත්සාහ ගනු ලැබුවේය).

2) මැද පෙරදිග / උතුරු අප්‍රිකාව: ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව, යේමනය, බහරේනය.

3) ආසියාව:හොංකොං, තායිලන්තය, ශ්‍රී ලංකාව (2022), නේපාලය (2024–25), බංග්ලාදේශය, ඉන්දුනීසියාව.

සැකිල්ල (එය සිදු කරන ආකාරය)

“තරුණයන් හසුරුවන ලද පාලන තන්ත්‍රය-වෙනස් කිරීමේ සැකිල්ල” හෙවත් ක්‍රියාකාරී ක්‍රීඩා සැලැස්ම:

1) දුක්විල්ලක් තෝරන්න හෝ නිර්මාණය කිරීම

සැබෑ හෝ කුඩා ගැටලුවක් තෝරා ගන්න (දූෂණය, නව නීති, සමාජ මාධ්‍ය තහනම, ඉන්ධන හිඟය) සහ එය තරුණයින්/මහජනතාව වෙත පටවන ලද උරුමයක් නිරූපණය කිරීම. ඒ වෙනුවෙන් ගම්‍යතාවයක් ගොඩනැගීම.

2) ඩිජිටල් අවකාශයේ ඒවා වැපිරීම සහ චිත්තවේගීය සන්නාමකරණය

මිමීස්, කෙටි වීඩියෝ, සංගීතය, කුලියට ගත් බලපෑම් කරන්නන් සහ හැෂ් ටැග් පොදු ජනයාගේ කෝපය ජනනය කිරීමට යොදා ගැනීම. සමාජ මාධ්‍ය ඇල්ගොරිතම මඟින් සමාජ මාධ්‍ය්වල සැරිසරන්නන්ගේ කෝපය වැඩි කරනු ලබන අතර සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන්ට විසම්මුතිය විශ්වීය ලෙස පෙනෙන්නට පටන් ගනී.

3) තරුණයින් භෞතිකව බලමුලු ගැන්වීම

ශිෂ්‍ය සංගම්, විශ්ව විද්‍යාල ජාල, සංස්කෘතික තරු සහ උත්සව සංවිධායකයින් ජනතාව වීදි බැසීමට යොදා ගැනීම. අවධානය සොයන පොප් තරු, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කීර්තිමත් පුද්ගලයින් සහ කලාකරුවන් මගින් කැරැල්ල අලංකාරවත් කිරීම. විරෝධතාවය වීර ක්‍රියාවක් හා විලාසිතාවක් ලෙස විද්‍යාමාන වේ.

4) “වීරයෙකු” හෝ වීරත්වය පෙන්වන මුහුණක් ඇතුළු කිරීම

පිටස්තරයෙකු (කලාකරුවෙකු, රැප් ගායකයෙකු, දේශීය කීර්තිමත් පුද්ගලයෙකු හෝ “වීරයා” ලෙස ජනප්‍රියත්වයට පත් වූ දන්නා පෞරුෂයක් යොදා ගැනීම. ශ්‍රී ලංකාවේදි මේ සඳහා 2015 දී මෛත්‍රීපාල තෝරා ගැනුනි. “පිරිසිදු” දේශපාලන විකල්පයක් ලෙස උත්කර්ෂයට පත් කරනු ලැබේ. 2025 නේපාල විනාශයට “රැප් ගායකයෙකු” ඉස් මතු විය.

5) දේශපාලන පළිගැනීම් සොයන දේශීය අවස්ථාවාදීන් සම්බන්ධ කර ගැනීම

අතෘප්තිමත් ප්‍රභූන්, ව්‍යාපාර වල අයිතිකරුවන් , මාධ්‍ය හිමිකරුවන් සහ ලොබිකරුවන් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට, තම ව්‍යාපාර නංවා ගැනීමට හෝ දේශපාලන බලය ලබා ගැනීමට අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහා ගනිති.

6) බාහිර සහයෝගය සහ බලපෑම:

රාජ්‍ය නොවන සංවිධාන, පරිත්‍යාගශීලීන්, මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පණිවිඩය පතුරුවා හැරීමට, මුදල් සහ පුහුණුව ලබා දීමට සහ ව්‍යාපාරය දේශපාලනිකව ආරක්ෂා කිරීමට උදව් කරති. බොහෝ තරුණ නායකයින් ශිෂ්‍යත්ව, හුවමාරු වැඩසටහන් හෝ ක්‍රියාකාරී කඳවුරු හරහා විදේශයන්හි පුහුණුව ලැබූවන් වන අතර බොහෝ විට ලැප්ටොප්, දුරකථන සහ වෙනත් සහායන් ලබා දෙනු ලබයි.

7) අධිකාරිත්වය විනාශ කිරීමට පියවර ගැනීම:

දිගින් දිගටම සිදුවන විරෝධතා, නායකයින්ට හෝ ආයතනවලට එල්ල කරන ප්‍රහාර සහ ගෝලීය පීඩනය රජයේ නීත්‍යානුකූලභාවය දුර්වල කරනු ලබයි. ඉලක්ක බොහෝ විට කලින් තෝරා ගනු ලැබ තිබේ.

8) පෙර සැලසුම් කළ නායකයින් පත් කිරීම:

නායකයින් ඉවත් කරනු ලැබීමට හෝ ඉල්ලා අස්වීමට බල කරනු ලැබේ. ඊට සමගාමීව දේශීය හා විදේශීය කණ්ඩායම් දෙකෙහිම අනුග්‍රහය ලබන නව රජයක් හෝ නායකයෙකු ස්ථාපිත කරනු ලැබේ (බංග්ලාදේශයේ නායකත්වය සඳහා යූනුස් ගේ ආගමනය වැනි).

තරුණ මනස සමඟ සෙල්ලම් කිරීම හෙවත් මනෝවිද්‍යාත්මක ලීවර

1 ) අනන්‍යතාවය සහ අයිති වීම

අ ) තරුණයින් අර්ථය, අරමුණ සහ බලය සොයයි.

ආ )විරෝධතා සංස්කෘතිය ක්ෂණික අනන්‍යතාවයක් ලබා දෙයි: “මම වැදගත්, මම විශාල දෙයක කොටසක්, මම බලවත්.” මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය සඳහා දිගුකාලීන වගකීමක් හෝ වගවීමක් නොමැතිව තරුණයින්ට අර්ථයක් සහ බලය පිළිබඳ ක්ෂණික හැඟීමක් ලබා දෙයි.

2 ) යුක්තියේ සංකේත ලෙස හෝ නිවැරදි දේ කරන පුද්ගලයින් 

අ ) තරුණයන් යුක්තියේ රණශූරයන් ලෙස රාමු කර ඇත . එනම්  “නපුරට එදිරිව යහපත ” ඔවුන්ව වරනංවා ඇත.

ආ )මෙම සදාචාරාත්මක උසස් තත්ත්වයල් ලෙස සලකන ස්වාභාවය, ඇතැම් විට ප්‍රචණ්ඩත්වය සහ විනාශය ඇතුළු අන්තවාදී ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට මුලින්ම ගනී. සමහර විට මිනීමැරුම් පවා (ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ ආරක්ෂාව) ඔවුන් ලවා කර ගනීම, නේපාල මුදල් අමාත්‍යවරයා වීදි හරහා නිරුවතින් ඇදගෙන යාම, තරුණයින් සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ මුහුණුවලට කෑ ගැසීම හෙවත් "ධර්මිෂ්ඨ කෝපය" යන නිදහසට කරුණ යටතේ කරවා ගනු ලබයි. ඔවුන්ගේ රූප රාමු බාහිර පුද්ගලයින් වෙත 'යුක්තියට සහාය දැක්වීමේ මුවාවෙන් අරමුදල් සපයා ගැනීමට සහ මාධ්‍ය පක්ෂග්‍රාහීත්වය සාධාරණීකරණය කිරීමට ඉඩ සලසයි. 

3) සමාජ මාධ්‍ය ජාලා සාක්ෂි

අ ) වෛරස් වීඩියෝ, ප්‍රවණතා හැෂ් ටැග් සහ කීර්තිමත් පුද්ගලයින්ගේ අනුමත කිරීම් මගින් "බැන්ඩ්වැගන් ආචරණය"  කුළුගන්වයි. ( බැන්ඩ්වැගන් ආචරණය යනු මනෝවිද්‍යාත්මක සංසිද්ධියක් වන අතර එහිදී මිනිසුන් යම් යම් හැසිරීම්, විලාසයන් හෝ ආකල්ප අනුගමනය කරන්නේ අන් අය එසේ කරන නිසා පමණි. වඩාත් නිශ්චිතව කිවහොත්, එය මහජනතාව අතර ඒකරාශී වන විශේෂිත ක්‍රියා සහ විශ්වාසයන් හේතුවෙන් මහජන මතය හෝ හැසිරීම් වෙනස් විය හැකි සංජානන නැඹුරුවකි.)

ආ) ජාත්‍යන්තර මාධ්‍ය විරෝධතා කරන නායකයින් උත්කර්ෂයට නංවයි, ඔවුන්ට සුපිරි තරු තත්ත්වය ලබා දී ඔවුන්ගේ බලපෑම වැඩි කරයි. බහුතර සහයෝගය පිළිබඳ මායාව විරුද්ධවාදීන් තුළ හුදකලා හෝ වරදකාරී හැඟීමක් ඇති කරයි.

ඇ) UNHRC ප්‍රධානී වොල්ක් ටර්ක්ගේ ප්‍රකාශය ආරක්ෂක හමුදාවන්ගෙන් ඉල්ලා සිටින්නේ “උපරිම සංයමයක්” ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව ඔහු ආරක්ෂක හමුදාවන්ගෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය ගොඩනැගිලි ගිනිබත් වන ආකාරය සහ තේරී පත් වූ නායකයින් පණපිටින් පුළුස්සා දමන ආකාරය නරඹන්නන් ලෙස බලා සිටින ලෙසද?

4) කෝපය + දෘෂ්ටි විද්‍යාව

අ ) චිත්තවේගීය රූප (පෝලිම්, දූෂණය, දරිද්‍රතාවය, මර්දනය - ඊර්ෂ්‍යාව සහ වෛරය ගොඩනඟා ගැනීම සඳහා නායකයින් සහ ඔවුන්ගේ පවුල් සුඛෝපභෝගී ජීවන රටාවන් භුක්ති විඳින බව පෙන්වීමෙන් නේපාලයේ හැඟීම් අවදි විය) විරෝධතාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා දිනපතා ඒවා විස්තාරණය කරනු ලැබේ.

ආ) තර්කානුකූල සංවාදයට වඩා කෝපය හිතාමතාම වේගයෙන් අවුස්සනු ලබයි. තරුණයින් පෝෂණය වන්නේ හැඟීම්වලින් මිස විශ්ලේෂණයෙන් නොවේ.

5) උත්සන්න වීමේ අවස්ථිති බව හෙවත් ආපසු හැරවිය නොහැකි වීම

 අ) ජනතාව වීදි වලින් පුරවනවාත් සමඟම අවශ්‍ය ගම්‍යතාවය අත්පත් කර ගනී.

ආ) විරෝධතා රැඩිකල් වන විට පවා, මග හැරීමේ බිය හෙවත් Fඒර් ඔෆ් Mඉස්සින්ග් Oඋට්-FOMO (මග හැරීමේ බිය හෙවත් FOMO යන්නෙන් අදහස් කරන්නේ අන් අය ඔබට වඩා විනෝද වන බවත්, වඩා හොඳ ජීවිත ගත කරන බවත්, හෝ ඔබට වඩා හොඳ දේවල් අත්විඳින බවත් හැඟීම හෝ සංජානනයයි.) මෙවැනි රැලි වලට පුද්ගල සහභාගීත්වය වර්ධනය කරයි.

ඇ ) මාධ්‍ය විසින් නොනවතින වාර්තාකරණය පෙන්වීමෙන් තත්වය තවත් නරක අතට හැරෙන අතර, එමඟින් "ක්‍රම වෙනසට" සම්බන්ධ වීමට සහ සහාය දීමට වැඩි පිරිසක් ආකර්ෂණය වේ.

ඈ ) කිසිවෙකු නිවසේ රැඳී සිටි තැනැත්තෙකු ලෙස දැකීමට කැමති නැත. එලෙසම බොහෝ දෙනෙකුට හැඟෙන්නේ ඔවුන් සහභාගී නොවූයේ නම් ඔවුන් ඉලක්ක කර ගත හැකි බවයි. උත්ප්‍රාසාත්මක ලෙස, පද්ධති වෙනස යනු ජාතික නිදහසේ සිට ජාත්‍යන්තර රාජ්‍යයට මාරුවීමකි.

කෝලාහලයෙන් පසු සිදුවන්නේ කුමක්ද?

1) ආර්ථිකය බිඳවැටීම සහ වන්දි ගෙවීමට සිදුවන්නේ කාටද?

අ) වෙළඳපොළ සහ ආයෝජකයින් පලා යන අතර  සංචාරකයින් අතුරුදහන් වී  විදේශ සංචිත සිඳී ගොස් ණය ලබා ගැනීමේ මාර්ග කැටි වේ.

ආ ) සාමාන්‍ය පුරවැසියන් වන්දි ගෙවයි: රැකියා අහිමිවීම්, උද්ධමනය, හිඟයන්, කප්පාදු කරන ලද රාජ්‍ය සේවා මෙන්ම රාජ්‍ය වාර්තා පිළිස්සී හෝ අතුරුදහන් වීම සිදුවේ.

ඇ ) රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය වෙති

ඈ) වෙනසක් සඳහා පෙළඹවූ ප්‍රභූන් බොහෝ විට පෞද්ගලීකරණය කරන ලද වත්කම් පාලනය සියතට ගන්නා අතර, මහජනතාව ඇපයට තැබීම් සහ ඓMF කොන්දේසි හරහා මිල ගෙවයි. ප්‍රභූන් සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේදී පොදු දේපළ ලාභදායී ලෙස මිලදී ගනී.

ඉ ) පශ්චාත් විරෝධතා = දැන් බලය තියෙන්නේ කාටද, පාලනය වෙන්නේ කාවද? – ශ්‍රී ලංකාව අද ඓMF සහ ජාත්‍යන්තර ණය හිමියන් විසින් කොටු කර ඇති අතර එහි මහ බැංකුව දැන් ස්වාධීන වන අතර රාජ්‍යයට එය පාලනය කළ නොහැක.

2) ආයතනික විනාශය සහ ස්වෛරීභාවය අහිමි වීම

අ) රාජ්‍ය ආයතන (මූල්‍ය, ආරක්ෂාව, අධිකරණය) විනාශ වූ විට හෝ දුර්වල වූ විට, බාහිර ක්‍රියාකාරීන් කොන්දේසි (ණය, උපදේශකයින්, “තාක්ෂණික” පාලනය) පනවයි. ප්‍රචණ්ඩකාරී තරුණයින්ට ඒවා ස්පර්ශ කළ නොහැක.

ආ ) ජාතියේ ස්වෛරීභාවය ජාත්‍යන්තර මුල්‍ය ආයතන මත යැපීම (මූල්‍ය, මිලිටරි, රාජ්‍ය තාන්ත්‍රික) මගින් ප්‍රතිස්ථාපනය වේ. ඉන්පසුව තරුණයින්ට කිසි විටෙකත් ඔවුන්ට එරෙහි කලකිරීම් ඉවත් කළ නොහැක.

3) සංස්කෘතික උරුමයන් සහ සංකේතාත්මක වටිනාකම් විනාශ කිරීම

අ ) භෞතික මතකය සහ සිවිල් අනන්‍යතාවය මකා දමනු පිණිස ස්මාරක, කෞතුකාගාර, පුස්තකාල, උසාවි ගොඩනැගිලි වලට පහර දීම හෝ "පිරිසිදු කිරීම" සිදු කරයි. ජාතියේ ඉතිහාසය ස්වදේශිකයාගේම් දෑවලින් මකා දමනු ලබන අතර විදේශිකයාගේ සපත්තු අවශ්‍ය නොවේ.

ආ ) සංකේතාත්මක ගොඩනැගිලි ඉලක්ක කර ඇත්තේ සංකේතාත්මක කම්පනය සඳහා පමණක් නොව නීතියේ, ඉතිහාසයේ සහ ජාතික අභිමානයේ අඛණ්ඩතාව විනාශ කිරීමට ය.

ඇ )යටත් විජිත ආක්‍රමණිකයන් කළ දේම ස්වදේශික තරුණයින් අනුපිටපත් කර ඇත.

4 ) නව පාලන ස්ථරයක් ලෙස ඩිජිටල්කරණය යොදා ගැනීම

අ )අර්බුද, සාමාන්‍යයෙන් විදේශයන්හි නිර්මාණය කරනු ලබන ඩිජිටල් හැඳුනුම්පත්, දත්ත සමුදායන් සහ නිරීක්ෂණ පද්ධති වේගවත් කරනු ලබයි.තරුණයින්ට මේවා වෙනස් කිරීමට පවා කිසිදු අයිතියක් නැත.

ආ ) මෙම පද්ධති ජාතික පාලනයට විදේශීය ලීවරයක් ඇතුළත් කරයි.

ඇ ) ඩිජිටල්කරණය කළ පසු, වාර්තා නිරීක්ෂණය කිරීමට, වෙනස් කිරීමට හෝ මකා දැමීමට හැකිය.

ඈ) විරෝධතාකරුවන් වඩාත් නිරාවරණය වේ: ඔවුන්ගේ දත්ත සලකුණු කිරීමට, සීමා කිරීමට හෝ පර්ගණක යතුරු පුවරුවේ එක් යතුරක් භාවිතයෙන් මකා දැමිය හැකිය.

5) විරෝධතාකරුවන්ගේ හෝඩුවාවන් ඉවත් කිරීම සහ ඔවුන්ගේ තොරතුරු ඔවුන්ට එරෙහිව භාවිතා කිරීම.

 අ ) ඔබ සතුරෙකු ලෙස (නීත්‍යානුකූලව හෝ පරිපාලනමය වශයෙන්) “ලැයිස්තුගත” වුවහොත්, ඔබේ ඩිජිටල් පියසටහන පටු කිරීම  හෝ ඉවත් කිරීම කළ හැකිය: ඒ අනුව බැංකු ප්‍රවේශය සීමා කර වෙනත් සමාජ වාර්තා මකා දමා , ගමන් අවහිර කිරීම පමණක් නොව ඖෂධ ලබා ගැනීම පවා සීමා කළ හැක. මේ අවස්ථාව වන විට තරුණයන්ට කළ හැක්කක් නොමැත.

ආ ) ඩිජිටල් පාලනය අතීත විරෝධතා සොයා ගත හැකි සහ දඬුවම් ලැබිය හැකි ආකාරයෙන් කටයුතු කරයි; එය දුරස්ථ පාලනය (සමාජ ජාලා වේදිකා තහනම් කිරීම්, මූල්‍ය අසාදු ලේඛන, ඇල්ගොරිතම නිහඬ කිරීම) ද සක්‍රීය කරයි.

ඇ) සමාජ මාධ්‍ය තහනමක් සඳහා තරුණයන්ට වීදි බැස යා හැකිය. එහෙත්  ඩිජිටල් අවකාශයේ සියල්ල විදේශයන්ගෙන් පාලනය කර සමාජ මාධ්‍ය ඉවත් කළහොත් - මෙම තරුණයින් ඔවුන්ගේ කෝපය ඉවත් කරන්නේ කෙසේද?

විශාල ඉලක්කය: ගොඩනැගිලි විනාශ වන්නේ, ඉතිහාසය මකා දමන්නේ සහ සියල්ල අන්තර්ජාලයට ගෙන යන්නේ ඇයි?

අ ) සංකේත විනාශ කිරීම ජාතියක අතීත මතකයට ඇති සම්බන්ධතා බිඳ දමන අතර සිවිල් සහජීවනය දුර්වල කරයි - මිනිසුන්ට අතීත මතකයන් අහිමි වූ විට සමාජයකට නැවත ආදර්ශයන් සොයා ගැනීම පහසුය.

ආ ) රැඩිකල්කරණය වූ තරුණයින්ගේ හෝ ඩිජිටල් පාලනය අත් පත් කරගත් අයට පාලන්ය කිරීමට අපහසු ව්‍යාපාරවල ඉතිහාසයන් මකා දැමීම අනාගත බලමුලු ගැන්වීම වළක්වන අතර නව ප්‍රභූන්ට නීත්‍යානුකූලභාවය නැවත ලිවීමට ඉඩ සලසයි.

ඈ ) ඩිජිටල්කරණය බාහිර තාක්ෂණික සමාගම් සහ උපදේශන ජාල මගින් පාලනය වන හෝ බලපෑමට ලක්වන තාක්ෂණික පද්ධතිවල රාජ්‍ය බලය ඒකාබද්ධ කරනු ලබයි. එය විසම්මුතිය දුරස්ථව නිරීක්ෂණය කිරීමට, ආංශිකව චිත්‍රණය කිරීමට සහ උදාසීන කිරීමට පහසු ලීවරයක් වන්නේය.

ඉහත සියල්ල එක්ව ගත්කළ මෙම ක්‍රියාවන් යම් රාජ්‍යක සමාජයක් භෞමික, ප්‍රජා පාදක දේශපාලන හැසිරීමක සිට  දත්ත, ඇල්ගොරිතම සහ විදේශයන්හි පාලනය වන තෙවන පාර්ශවීය සමාජ ජාලා වේදිකා මගින් පාලනය වන පරිසරයකට ගෙන යන අතර කැරලිකරුවන් කඩදාසි මත සහ අන්තර්ජාලය හරහා නොපෙනෙන ලෙස සකස් කළ හැකිය.

දේශපාලනිකව සහ සමාජීය වශයෙන් මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

කෙටි කාලීන: පාලන තන්ත්‍ර වෙනසක් හෝ බාහිර ක්‍රියාකාරීන්ට සහ දේශීය ජයග්‍රාහකයින්ට ශක්තිමත් සහන.

මධ්‍ය කාලීන: ආර්ථික අපහසුතාව, සමාජ ඛණ්ඩනය, මොළ ශෝධනය, සංස්කෘතික ඛාදනය. මාධ්‍ය දර්ශන උපයෝගී කරගෙන මෙම තරුණයින්ගෙන් කිසිවෙකුට තම කාර්යය සම්පූර්ණ කිරීමෙන් පසු විදේශයන්හි ජීවත් වීමට හෝ රැකියා කිරීමට විදේශ ගමන් බලපත්‍ර ලබා නොදෙන බව සහතික කිරීමට ඉඩ ඇත.

දිගු කාලීන: ඩිජිටල් මත යැපීම සහ සීමා කරන ලද සිවිල් නිදහස හේතුවෙන් විරෝධතා දැක්වීමට, විරුද්ධ වීමට හෝ ඉතිහාසයේ තිබූ තත්වය නැවත අත්පත් කර ගැනීමට ඇති හැකියාව සීමා කර ඇත.

බූමරංග ආචරණය

මහාද්වීප පුරා, එකම ක්‍රීඩා සැලැස්ම භාවිතා කර ඇත: දුක්ගැනවිලි නිෂ්පාදනය කිරීම හෝ විස්තාරණය කිරීම, තරුණයින් බලමුලු ගැන්වීම, සිවිල් ජනයාගේ කෝපය පැහැර ගැනීම සහ ස්වෛරීභාවය දුර්වල කිරීම මගින් ජාතික වත්කම් අත්පත් කර ගෙන සූරාකෑම.

නමුත් ලෝකය ආර්ථික අස්ථාවරත්වය, සංස්කෘතික ඛාදනය සහ ඩිජිටල් යැපීම නැමැති අගාධයේ ගිලී යන විට, එක් ප්‍රශ්නයක් ඉතිරිව පවතී එනම් මෙම උපාමාරුවල ගෘහ නිර්මාණ ශිල්පීන් අවසානයේ සොයන්නේ කුමක්ද මෙන්ම ගෝලීය ස්ථාවරත්වය දැනටමත් බිඳ වැටෙමින් පවතින විට තවත් අවුල් සහගත තත්වයන් නිර්මාණය කරන්නේ ඇයි? යන ප්‍රශ්නයයි.

ප්‍රතිවිපාක ඇති වන විට, කලහකාරිත්වයට දායක වූ තරුණයින් බොහෝ විට ප්‍රමාද වැඩියි කියා තේරුම් ගනු ඇත. ඔවුන් තම ජාතිය විනාශ කිරීමට උදව් කර ඇති බවත්, එහි ඉතිහාසය මකා දමා ඇති බවත්, ණය බරින් මිරිකී ඇති බවත්, විදේශීය ක්‍රියාකාරීන්ට ප්‍රතිපත්ති නියම කිරීමට ඉඩ දී ඇති බවත්, ඔවුන්ගේ අනාගතය පිළිබඳ සියලු පාලනය නැති කර ඇති බවත් ඔවුන්ට වැටහෙනු ඇත.

උත්ප්‍රාසාත්මක ලෙස, ඊනියා "පද්ධති වෙනස" ජාතික නිදහස සහිත රාජ්‍ය ජාත්‍යන්තර රාජ්‍යයක් බවට පරිවර්තනය කරයි.තරුණයින් විසින්ම තම ජාතියේ යතුරු ඔවුන් වෙත ලබා දී ඇත.

කණගාටුවට කරුණක් නම්, මෙම විරෝධතාවල නායකයින් සහ ප්‍රධාන ලෙස සහභාගිවන්නන් සිටින්නේ කොහේද?

මහාද්වීප පුරා පිහිටි විවිධ රටවලදී  ඔවුන් කලාතුරකින් දකින්නට හෝ ඔවුන් සම්බන්ධයෙන් ඇසන්නට ලැබෙනු ඇති අතර කිසි විටෙකත් වගකීම පැටවෙන්නේ නැත. ඉතා කලාතුරකින් මේවායෙහි අනිසි ප්‍රතිඵලවලට මුහුණ දෙයි.

තරුණයින් තමන්ගෙන්ම මෙසේ අසාගත යුතු නොවේද: “අපි සැබවින්ම අත්කර ගෙන ඇත්තේ කුමක්ද? අපි මුදා හැර ඇත්තේ කුමක්ද?”

ඔවුන්ට ආඩම්බර වෙනවා වෙනුවට, පැරණි නායකයින්ට දොස් පැවරූ වැරදිවලටත් වඩා දරුණු ප්‍රතිඵලවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවෙනු ඇත.

එදිනෙදා ජනතාව දුක් විඳින අතරතුර නායකයින් නිහඬව සිටිති, සැබෑ සත්‍යය පෙන්වයි: තරුණයින් යොදාගෙන පසුව ප්‍රතිවිපාකවලට තනිවම මුහුණ දීම පමණක් ඔවුන්ට ඉතිරි විය.

ෂෙනාලි ඩී වඩුගේ මහත්මිය විසින් රචිත From Europe’s Colored Revolutions – Arab Spring to Asian Spring: The Repeat Playbook of Youth Manipulated Regime Change ලිපියේ සිංහල පරිවර්තනය.

පරිවර්තනය - ජීවන්ත ජයතිස්ස 

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.