News Category
From Date
To Date
Maximum Number of Result

යුරෝපයේ වර්ණ විප්ලව, අරාබි වසන්තයේ සිට ආසියානු වසන්තය දක්වා: පාලන තන්ත්‍රයන් විසුරුවාලීමට යෞවනයන් හසුරුවන පුනරාවර්තන නාට්‍ය පෙළ..

Sep 13, 2025 at 09:42 PM
|

යුරෝපය (වර්ණ විප්ලව), අරාබි ලෝකය (අරාබි වසන්තය) සහ ආසියාවේ සමහර කොටස් ("ආසියානු වසන්තය") පුරා, ස්වයංසිද්ධ තරුණ නැගිටීම් ලෙස පෙනී සිටි ව්‍යාපාර බොහෝ විට බාහිර මැදිහත්වීම් සහ දේශීය අවස්ථාවාදයේ මුද්‍රාවන් තබා තිබේ. අව්‍යාජ දුක්ගැනවිලි පැවතුනද, ඒවා විස්තාරණය කර නැවත හරවා යවන ලද්දේ බාහිර බලවතුන්ට සහ ආත්මාර්ථකාමී දේශීය ප්‍රභූන්ට ප්‍රතිලාභ ලබා දෙන දේශපාලන ප්‍රතිඵල ඇති කිරීම සඳහා වන අතර සාමාන්‍ය බදු ගෙවන පුරවැසියන් පිරිවැය දරා සිටියහ.

ඉහත කී පිරිස් අවුලුවන කැලඹීම් බොහෝ විට තමන් මතට නැවත පැමිණෙන බව තරුණයින් තේරුම් ගන්නේ අල්ප වශයෙනි. ප්‍රතිවිපාක ඇති වන විට, තරුණයින් බොහෝ විට ප්‍රමාද වැඩිය. ඒ වන විට ඔවුන් තම ජාතිය විනාශ කිරීමට උදව් කර ඇත. ජාතියේ ඉතිහාසය මකා දමා  ණය බරින් ජාතිය බර කර විදේශීය ක්‍රියාකාරීන්ට ප්‍රතිපත්ති නියම කිරීමට ඉඩ දී ඇත. එමෙන්ම තමන්ගේම අනාගතය සකසා ගැනීමට තිබෙන සියලු පාලනයන් අහෝසි වී ඇත. "ඉතිහාසය ඉගෙනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි" අසන්නට පුරුදු වූ එම තරුණයින්ම, දැන් එහි තමන්ට හිමි ස්ථානය 'අනතුරු සාදන්නන්' ලෙස ඉදිරිපත් වී මකා දමා ඇති බව දකිති.

මෙම ක්‍රියා දාමය මගින් වින්දිතයන් බවට පත්වූ රටවල්:

1) යුරෝපය / යුරේසියාව: සර්බියාව (ඔට්පෝර්- 1998 දී බෙල්ග්‍රේඩ් හි විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කරන ලද සර්බියානු භාෂාවෙන් "ප්‍රතිරෝධය!" යන අර්ථය සපයයි.), ජෝර්ජියාව (රෝස), යුක්රේනය (තැඹිලි/මයිඩාව), කිර්ගිස්තානය, මෝල්ඩෝවා, බෙලරුස් (උත්සාහ ගනු ලැබුවේය).

2) මැද පෙරදිග / උතුරු අප්‍රිකාව: ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව, යේමනය, බහරේනය.

3) ආසියාව:හොංකොං, තායිලන්තය, ශ්‍රී ලංකාව (2022), නේපාලය (2024–25), බංග්ලාදේශය, ඉන්දුනීසියාව.

සැකිල්ල (එය සිදු කරන ආකාරය)

“තරුණයන් හසුරුවන ලද පාලන තන්ත්‍රය-වෙනස් කිරීමේ සැකිල්ල” හෙවත් ක්‍රියාකාරී ක්‍රීඩා සැලැස්ම:

1) දුක්විල්ලක් තෝරන්න හෝ නිර්මාණය කිරීම

සැබෑ හෝ කුඩා ගැටලුවක් තෝරා ගන්න (දූෂණය, නව නීති, සමාජ මාධ්‍ය තහනම, ඉන්ධන හිඟය) සහ එය තරුණයින්/මහජනතාව වෙත පටවන ලද උරුමයක් නිරූපණය කිරීම. ඒ වෙනුවෙන් ගම්‍යතාවයක් ගොඩනැගීම.

2) ඩිජිටල් අවකාශයේ ඒවා වැපිරීම සහ චිත්තවේගීය සන්නාමකරණය

මිමීස්, කෙටි වීඩියෝ, සංගීතය, කුලියට ගත් බලපෑම් කරන්නන් සහ හැෂ් ටැග් පොදු ජනයාගේ කෝපය ජනනය කිරීමට යොදා ගැනීම. සමාජ මාධ්‍ය ඇල්ගොරිතම මඟින් සමාජ මාධ්‍ය්වල සැරිසරන්නන්ගේ කෝපය වැඩි කරනු ලබන අතර සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන්ට විසම්මුතිය විශ්වීය ලෙස පෙනෙන්නට පටන් ගනී.

3) තරුණයින් භෞතිකව බලමුලු ගැන්වීම

ශිෂ්‍ය සංගම්, විශ්ව විද්‍යාල ජාල, සංස්කෘතික තරු සහ උත්සව සංවිධායකයින් ජනතාව වීදි බැසීමට යොදා ගැනීම. අවධානය සොයන පොප් තරු, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කීර්තිමත් පුද්ගලයින් සහ කලාකරුවන් මගින් කැරැල්ල අලංකාරවත් කිරීම. විරෝධතාවය වීර ක්‍රියාවක් හා විලාසිතාවක් ලෙස විද්‍යාමාන වේ.

4) “වීරයෙකු” හෝ වීරත්වය පෙන්වන මුහුණක් ඇතුළු කිරීම

පිටස්තරයෙකු (කලාකරුවෙකු, රැප් ගායකයෙකු, දේශීය කීර්තිමත් පුද්ගලයෙකු හෝ “වීරයා” ලෙස ජනප්‍රියත්වයට පත් වූ දන්නා පෞරුෂයක් යොදා ගැනීම. ශ්‍රී ලංකාවේදි මේ සඳහා 2015 දී මෛත්‍රීපාල තෝරා ගැනුනි. “පිරිසිදු” දේශපාලන විකල්පයක් ලෙස උත්කර්ෂයට පත් කරනු ලැබේ. 2025 නේපාල විනාශයට “රැප් ගායකයෙකු” ඉස් මතු විය.

5) දේශපාලන පළිගැනීම් සොයන දේශීය අවස්ථාවාදීන් සම්බන්ධ කර ගැනීම

අතෘප්තිමත් ප්‍රභූන්, ව්‍යාපාර වල අයිතිකරුවන් , මාධ්‍ය හිමිකරුවන් සහ ලොබිකරුවන් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට, තම ව්‍යාපාර නංවා ගැනීමට හෝ දේශපාලන බලය ලබා ගැනීමට අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහා ගනිති.

6) බාහිර සහයෝගය සහ බලපෑම:

රාජ්‍ය නොවන සංවිධාන, පරිත්‍යාගශීලීන්, මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පණිවිඩය පතුරුවා හැරීමට, මුදල් සහ පුහුණුව ලබා දීමට සහ ව්‍යාපාරය දේශපාලනිකව ආරක්ෂා කිරීමට උදව් කරති. බොහෝ තරුණ නායකයින් ශිෂ්‍යත්ව, හුවමාරු වැඩසටහන් හෝ ක්‍රියාකාරී කඳවුරු හරහා විදේශයන්හි පුහුණුව ලැබූවන් වන අතර බොහෝ විට ලැප්ටොප්, දුරකථන සහ වෙනත් සහායන් ලබා දෙනු ලබයි.

7) අධිකාරිත්වය විනාශ කිරීමට පියවර ගැනීම:

දිගින් දිගටම සිදුවන විරෝධතා, නායකයින්ට හෝ ආයතනවලට එල්ල කරන ප්‍රහාර සහ ගෝලීය පීඩනය රජයේ නීත්‍යානුකූලභාවය දුර්වල කරනු ලබයි. ඉලක්ක බොහෝ විට කලින් තෝරා ගනු ලැබ තිබේ.

8) පෙර සැලසුම් කළ නායකයින් පත් කිරීම:

නායකයින් ඉවත් කරනු ලැබීමට හෝ ඉල්ලා අස්වීමට බල කරනු ලැබේ. ඊට සමගාමීව දේශීය හා විදේශීය කණ්ඩායම් දෙකෙහිම අනුග්‍රහය ලබන නව රජයක් හෝ නායකයෙකු ස්ථාපිත කරනු ලැබේ (බංග්ලාදේශයේ නායකත්වය සඳහා යූනුස් ගේ ආගමනය වැනි).

තරුණ මනස සමඟ සෙල්ලම් කිරීම හෙවත් මනෝවිද්‍යාත්මක ලීවර

1 ) අනන්‍යතාවය සහ අයිති වීම

අ ) තරුණයින් අර්ථය, අරමුණ සහ බලය සොයයි.

ආ )විරෝධතා සංස්කෘතිය ක්ෂණික අනන්‍යතාවයක් ලබා දෙයි: “මම වැදගත්, මම විශාල දෙයක කොටසක්, මම බලවත්.” මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය සඳහා දිගුකාලීන වගකීමක් හෝ වගවීමක් නොමැතිව තරුණයින්ට අර්ථයක් සහ බලය පිළිබඳ ක්ෂණික හැඟීමක් ලබා දෙයි.

2 ) යුක්තියේ සංකේත ලෙස හෝ නිවැරදි දේ කරන පුද්ගලයින් 

අ ) තරුණයන් යුක්තියේ රණශූරයන් ලෙස රාමු කර ඇත . එනම්  “නපුරට එදිරිව යහපත ” ඔවුන්ව වරනංවා ඇත.

ආ )මෙම සදාචාරාත්මක උසස් තත්ත්වයල් ලෙස සලකන ස්වාභාවය, ඇතැම් විට ප්‍රචණ්ඩත්වය සහ විනාශය ඇතුළු අන්තවාදී ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට මුලින්ම ගනී. සමහර විට මිනීමැරුම් පවා (ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ ආරක්ෂාව) ඔවුන් ලවා කර ගනීම, නේපාල මුදල් අමාත්‍යවරයා වීදි හරහා නිරුවතින් ඇදගෙන යාම, තරුණයින් සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ මුහුණුවලට කෑ ගැසීම හෙවත් "ධර්මිෂ්ඨ කෝපය" යන නිදහසට කරුණ යටතේ කරවා ගනු ලබයි. ඔවුන්ගේ රූප රාමු බාහිර පුද්ගලයින් වෙත 'යුක්තියට සහාය දැක්වීමේ මුවාවෙන් අරමුදල් සපයා ගැනීමට සහ මාධ්‍ය පක්ෂග්‍රාහීත්වය සාධාරණීකරණය කිරීමට ඉඩ සලසයි. 

3) සමාජ මාධ්‍ය ජාලා සාක්ෂි

අ ) වෛරස් වීඩියෝ, ප්‍රවණතා හැෂ් ටැග් සහ කීර්තිමත් පුද්ගලයින්ගේ අනුමත කිරීම් මගින් "බැන්ඩ්වැගන් ආචරණය"  කුළුගන්වයි. ( බැන්ඩ්වැගන් ආචරණය යනු මනෝවිද්‍යාත්මක සංසිද්ධියක් වන අතර එහිදී මිනිසුන් යම් යම් හැසිරීම්, විලාසයන් හෝ ආකල්ප අනුගමනය කරන්නේ අන් අය එසේ කරන නිසා පමණි. වඩාත් නිශ්චිතව කිවහොත්, එය මහජනතාව අතර ඒකරාශී වන විශේෂිත ක්‍රියා සහ විශ්වාසයන් හේතුවෙන් මහජන මතය හෝ හැසිරීම් වෙනස් විය හැකි සංජානන නැඹුරුවකි.)

ආ) ජාත්‍යන්තර මාධ්‍ය විරෝධතා කරන නායකයින් උත්කර්ෂයට නංවයි, ඔවුන්ට සුපිරි තරු තත්ත්වය ලබා දී ඔවුන්ගේ බලපෑම වැඩි කරයි. බහුතර සහයෝගය පිළිබඳ මායාව විරුද්ධවාදීන් තුළ හුදකලා හෝ වරදකාරී හැඟීමක් ඇති කරයි.

ඇ) UNHRC ප්‍රධානී වොල්ක් ටර්ක්ගේ ප්‍රකාශය ආරක්ෂක හමුදාවන්ගෙන් ඉල්ලා සිටින්නේ “උපරිම සංයමයක්” ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව ඔහු ආරක්ෂක හමුදාවන්ගෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය ගොඩනැගිලි ගිනිබත් වන ආකාරය සහ තේරී පත් වූ නායකයින් පණපිටින් පුළුස්සා දමන ආකාරය නරඹන්නන් ලෙස බලා සිටින ලෙසද?

4) කෝපය + දෘෂ්ටි විද්‍යාව

අ ) චිත්තවේගීය රූප (පෝලිම්, දූෂණය, දරිද්‍රතාවය, මර්දනය - ඊර්ෂ්‍යාව සහ වෛරය ගොඩනඟා ගැනීම සඳහා නායකයින් සහ ඔවුන්ගේ පවුල් සුඛෝපභෝගී ජීවන රටාවන් භුක්ති විඳින බව පෙන්වීමෙන් නේපාලයේ හැඟීම් අවදි විය) විරෝධතාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා දිනපතා ඒවා විස්තාරණය කරනු ලැබේ.

ආ) තර්කානුකූල සංවාදයට වඩා කෝපය හිතාමතාම වේගයෙන් අවුස්සනු ලබයි. තරුණයින් පෝෂණය වන්නේ හැඟීම්වලින් මිස විශ්ලේෂණයෙන් නොවේ.

5) උත්සන්න වීමේ අවස්ථිති බව හෙවත් ආපසු හැරවිය නොහැකි වීම

 අ) ජනතාව වීදි වලින් පුරවනවාත් සමඟම අවශ්‍ය ගම්‍යතාවය අත්පත් කර ගනී.

ආ) විරෝධතා රැඩිකල් වන විට පවා, මග හැරීමේ බිය හෙවත් Fඒර් ඔෆ් Mඉස්සින්ග් Oඋට්-FOMO (මග හැරීමේ බිය හෙවත් FOMO යන්නෙන් අදහස් කරන්නේ අන් අය ඔබට වඩා විනෝද වන බවත්, වඩා හොඳ ජීවිත ගත කරන බවත්, හෝ ඔබට වඩා හොඳ දේවල් අත්විඳින බවත් හැඟීම හෝ සංජානනයයි.) මෙවැනි රැලි වලට පුද්ගල සහභාගීත්වය වර්ධනය කරයි.

ඇ ) මාධ්‍ය විසින් නොනවතින වාර්තාකරණය පෙන්වීමෙන් තත්වය තවත් නරක අතට හැරෙන අතර, එමඟින් "ක්‍රම වෙනසට" සම්බන්ධ වීමට සහ සහාය දීමට වැඩි පිරිසක් ආකර්ෂණය වේ.

ඈ ) කිසිවෙකු නිවසේ රැඳී සිටි තැනැත්තෙකු ලෙස දැකීමට කැමති නැත. එලෙසම බොහෝ දෙනෙකුට හැඟෙන්නේ ඔවුන් සහභාගී නොවූයේ නම් ඔවුන් ඉලක්ක කර ගත හැකි බවයි. උත්ප්‍රාසාත්මක ලෙස, පද්ධති වෙනස යනු ජාතික නිදහසේ සිට ජාත්‍යන්තර රාජ්‍යයට මාරුවීමකි.

කෝලාහලයෙන් පසු සිදුවන්නේ කුමක්ද?

1) ආර්ථිකය බිඳවැටීම සහ වන්දි ගෙවීමට සිදුවන්නේ කාටද?

අ) වෙළඳපොළ සහ ආයෝජකයින් පලා යන අතර  සංචාරකයින් අතුරුදහන් වී  විදේශ සංචිත සිඳී ගොස් ණය ලබා ගැනීමේ මාර්ග කැටි වේ.

ආ ) සාමාන්‍ය පුරවැසියන් වන්දි ගෙවයි: රැකියා අහිමිවීම්, උද්ධමනය, හිඟයන්, කප්පාදු කරන ලද රාජ්‍ය සේවා මෙන්ම රාජ්‍ය වාර්තා පිළිස්සී හෝ අතුරුදහන් වීම සිදුවේ.

ඇ ) රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය වෙති

ඈ) වෙනසක් සඳහා පෙළඹවූ ප්‍රභූන් බොහෝ විට පෞද්ගලීකරණය කරන ලද වත්කම් පාලනය සියතට ගන්නා අතර, මහජනතාව ඇපයට තැබීම් සහ ඓMF කොන්දේසි හරහා මිල ගෙවයි. ප්‍රභූන් සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේදී පොදු දේපළ ලාභදායී ලෙස මිලදී ගනී.

ඉ ) පශ්චාත් විරෝධතා = දැන් බලය තියෙන්නේ කාටද, පාලනය වෙන්නේ කාවද? – ශ්‍රී ලංකාව අද ඓMF සහ ජාත්‍යන්තර ණය හිමියන් විසින් කොටු කර ඇති අතර එහි මහ බැංකුව දැන් ස්වාධීන වන අතර රාජ්‍යයට එය පාලනය කළ නොහැක.

2) ආයතනික විනාශය සහ ස්වෛරීභාවය අහිමි වීම

අ) රාජ්‍ය ආයතන (මූල්‍ය, ආරක්ෂාව, අධිකරණය) විනාශ වූ විට හෝ දුර්වල වූ විට, බාහිර ක්‍රියාකාරීන් කොන්දේසි (ණය, උපදේශකයින්, “තාක්ෂණික” පාලනය) පනවයි. ප්‍රචණ්ඩකාරී තරුණයින්ට ඒවා ස්පර්ශ කළ නොහැක.

ආ ) ජාතියේ ස්වෛරීභාවය ජාත්‍යන්තර මුල්‍ය ආයතන මත යැපීම (මූල්‍ය, මිලිටරි, රාජ්‍ය තාන්ත්‍රික) මගින් ප්‍රතිස්ථාපනය වේ. ඉන්පසුව තරුණයින්ට කිසි විටෙකත් ඔවුන්ට එරෙහි කලකිරීම් ඉවත් කළ නොහැක.

3) සංස්කෘතික උරුමයන් සහ සංකේතාත්මක වටිනාකම් විනාශ කිරීම

අ ) භෞතික මතකය සහ සිවිල් අනන්‍යතාවය මකා දමනු පිණිස ස්මාරක, කෞතුකාගාර, පුස්තකාල, උසාවි ගොඩනැගිලි වලට පහර දීම හෝ "පිරිසිදු කිරීම" සිදු කරයි. ජාතියේ ඉතිහාසය ස්වදේශිකයාගේම් දෑවලින් මකා දමනු ලබන අතර විදේශිකයාගේ සපත්තු අවශ්‍ය නොවේ.

ආ ) සංකේතාත්මක ගොඩනැගිලි ඉලක්ක කර ඇත්තේ සංකේතාත්මක කම්පනය සඳහා පමණක් නොව නීතියේ, ඉතිහාසයේ සහ ජාතික අභිමානයේ අඛණ්ඩතාව විනාශ කිරීමට ය.

ඇ )යටත් විජිත ආක්‍රමණිකයන් කළ දේම ස්වදේශික තරුණයින් අනුපිටපත් කර ඇත.

4 ) නව පාලන ස්ථරයක් ලෙස ඩිජිටල්කරණය යොදා ගැනීම

අ )අර්බුද, සාමාන්‍යයෙන් විදේශයන්හි නිර්මාණය කරනු ලබන ඩිජිටල් හැඳුනුම්පත්, දත්ත සමුදායන් සහ නිරීක්ෂණ පද්ධති වේගවත් කරනු ලබයි.තරුණයින්ට මේවා වෙනස් කිරීමට පවා කිසිදු අයිතියක් නැත.

ආ ) මෙම පද්ධති ජාතික පාලනයට විදේශීය ලීවරයක් ඇතුළත් කරයි.

ඇ ) ඩිජිටල්කරණය කළ පසු, වාර්තා නිරීක්ෂණය කිරීමට, වෙනස් කිරීමට හෝ මකා දැමීමට හැකිය.

ඈ) විරෝධතාකරුවන් වඩාත් නිරාවරණය වේ: ඔවුන්ගේ දත්ත සලකුණු කිරීමට, සීමා කිරීමට හෝ පර්ගණක යතුරු පුවරුවේ එක් යතුරක් භාවිතයෙන් මකා දැමිය හැකිය.

5) විරෝධතාකරුවන්ගේ හෝඩුවාවන් ඉවත් කිරීම සහ ඔවුන්ගේ තොරතුරු ඔවුන්ට එරෙහිව භාවිතා කිරීම.

 අ ) ඔබ සතුරෙකු ලෙස (නීත්‍යානුකූලව හෝ පරිපාලනමය වශයෙන්) “ලැයිස්තුගත” වුවහොත්, ඔබේ ඩිජිටල් පියසටහන පටු කිරීම  හෝ ඉවත් කිරීම කළ හැකිය: ඒ අනුව බැංකු ප්‍රවේශය සීමා කර වෙනත් සමාජ වාර්තා මකා දමා , ගමන් අවහිර කිරීම පමණක් නොව ඖෂධ ලබා ගැනීම පවා සීමා කළ හැක. මේ අවස්ථාව වන විට තරුණයන්ට කළ හැක්කක් නොමැත.

ආ ) ඩිජිටල් පාලනය අතීත විරෝධතා සොයා ගත හැකි සහ දඬුවම් ලැබිය හැකි ආකාරයෙන් කටයුතු කරයි; එය දුරස්ථ පාලනය (සමාජ ජාලා වේදිකා තහනම් කිරීම්, මූල්‍ය අසාදු ලේඛන, ඇල්ගොරිතම නිහඬ කිරීම) ද සක්‍රීය කරයි.

ඇ) සමාජ මාධ්‍ය තහනමක් සඳහා තරුණයන්ට වීදි බැස යා හැකිය. එහෙත්  ඩිජිටල් අවකාශයේ සියල්ල විදේශයන්ගෙන් පාලනය කර සමාජ මාධ්‍ය ඉවත් කළහොත් - මෙම තරුණයින් ඔවුන්ගේ කෝපය ඉවත් කරන්නේ කෙසේද?

විශාල ඉලක්කය: ගොඩනැගිලි විනාශ වන්නේ, ඉතිහාසය මකා දමන්නේ සහ සියල්ල අන්තර්ජාලයට ගෙන යන්නේ ඇයි?

අ ) සංකේත විනාශ කිරීම ජාතියක අතීත මතකයට ඇති සම්බන්ධතා බිඳ දමන අතර සිවිල් සහජීවනය දුර්වල කරයි - මිනිසුන්ට අතීත මතකයන් අහිමි වූ විට සමාජයකට නැවත ආදර්ශයන් සොයා ගැනීම පහසුය.

ආ ) රැඩිකල්කරණය වූ තරුණයින්ගේ හෝ ඩිජිටල් පාලනය අත් පත් කරගත් අයට පාලන්ය කිරීමට අපහසු ව්‍යාපාරවල ඉතිහාසයන් මකා දැමීම අනාගත බලමුලු ගැන්වීම වළක්වන අතර නව ප්‍රභූන්ට නීත්‍යානුකූලභාවය නැවත ලිවීමට ඉඩ සලසයි.

ඈ ) ඩිජිටල්කරණය බාහිර තාක්ෂණික සමාගම් සහ උපදේශන ජාල මගින් පාලනය වන හෝ බලපෑමට ලක්වන තාක්ෂණික පද්ධතිවල රාජ්‍ය බලය ඒකාබද්ධ කරනු ලබයි. එය විසම්මුතිය දුරස්ථව නිරීක්ෂණය කිරීමට, ආංශිකව චිත්‍රණය කිරීමට සහ උදාසීන කිරීමට පහසු ලීවරයක් වන්නේය.

ඉහත සියල්ල එක්ව ගත්කළ මෙම ක්‍රියාවන් යම් රාජ්‍යක සමාජයක් භෞමික, ප්‍රජා පාදක දේශපාලන හැසිරීමක සිට  දත්ත, ඇල්ගොරිතම සහ විදේශයන්හි පාලනය වන තෙවන පාර්ශවීය සමාජ ජාලා වේදිකා මගින් පාලනය වන පරිසරයකට ගෙන යන අතර කැරලිකරුවන් කඩදාසි මත සහ අන්තර්ජාලය හරහා නොපෙනෙන ලෙස සකස් කළ හැකිය.

දේශපාලනිකව සහ සමාජීය වශයෙන් මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

කෙටි කාලීන: පාලන තන්ත්‍ර වෙනසක් හෝ බාහිර ක්‍රියාකාරීන්ට සහ දේශීය ජයග්‍රාහකයින්ට ශක්තිමත් සහන.

මධ්‍ය කාලීන: ආර්ථික අපහසුතාව, සමාජ ඛණ්ඩනය, මොළ ශෝධනය, සංස්කෘතික ඛාදනය. මාධ්‍ය දර්ශන උපයෝගී කරගෙන මෙම තරුණයින්ගෙන් කිසිවෙකුට තම කාර්යය සම්පූර්ණ කිරීමෙන් පසු විදේශයන්හි ජීවත් වීමට හෝ රැකියා කිරීමට විදේශ ගමන් බලපත්‍ර ලබා නොදෙන බව සහතික කිරීමට ඉඩ ඇත.

දිගු කාලීන: ඩිජිටල් මත යැපීම සහ සීමා කරන ලද සිවිල් නිදහස හේතුවෙන් විරෝධතා දැක්වීමට, විරුද්ධ වීමට හෝ ඉතිහාසයේ තිබූ තත්වය නැවත අත්පත් කර ගැනීමට ඇති හැකියාව සීමා කර ඇත.

බූමරංග ආචරණය

මහාද්වීප පුරා, එකම ක්‍රීඩා සැලැස්ම භාවිතා කර ඇත: දුක්ගැනවිලි නිෂ්පාදනය කිරීම හෝ විස්තාරණය කිරීම, තරුණයින් බලමුලු ගැන්වීම, සිවිල් ජනයාගේ කෝපය පැහැර ගැනීම සහ ස්වෛරීභාවය දුර්වල කිරීම මගින් ජාතික වත්කම් අත්පත් කර ගෙන සූරාකෑම.

නමුත් ලෝකය ආර්ථික අස්ථාවරත්වය, සංස්කෘතික ඛාදනය සහ ඩිජිටල් යැපීම නැමැති අගාධයේ ගිලී යන විට, එක් ප්‍රශ්නයක් ඉතිරිව පවතී එනම් මෙම උපාමාරුවල ගෘහ නිර්මාණ ශිල්පීන් අවසානයේ සොයන්නේ කුමක්ද මෙන්ම ගෝලීය ස්ථාවරත්වය දැනටමත් බිඳ වැටෙමින් පවතින විට තවත් අවුල් සහගත තත්වයන් නිර්මාණය කරන්නේ ඇයි? යන ප්‍රශ්නයයි.

ප්‍රතිවිපාක ඇති වන විට, කලහකාරිත්වයට දායක වූ තරුණයින් බොහෝ විට ප්‍රමාද වැඩියි කියා තේරුම් ගනු ඇත. ඔවුන් තම ජාතිය විනාශ කිරීමට උදව් කර ඇති බවත්, එහි ඉතිහාසය මකා දමා ඇති බවත්, ණය බරින් මිරිකී ඇති බවත්, විදේශීය ක්‍රියාකාරීන්ට ප්‍රතිපත්ති නියම කිරීමට ඉඩ දී ඇති බවත්, ඔවුන්ගේ අනාගතය පිළිබඳ සියලු පාලනය නැති කර ඇති බවත් ඔවුන්ට වැටහෙනු ඇත.

උත්ප්‍රාසාත්මක ලෙස, ඊනියා "පද්ධති වෙනස" ජාතික නිදහස සහිත රාජ්‍ය ජාත්‍යන්තර රාජ්‍යයක් බවට පරිවර්තනය කරයි.තරුණයින් විසින්ම තම ජාතියේ යතුරු ඔවුන් වෙත ලබා දී ඇත.

කණගාටුවට කරුණක් නම්, මෙම විරෝධතාවල නායකයින් සහ ප්‍රධාන ලෙස සහභාගිවන්නන් සිටින්නේ කොහේද?

මහාද්වීප පුරා පිහිටි විවිධ රටවලදී  ඔවුන් කලාතුරකින් දකින්නට හෝ ඔවුන් සම්බන්ධයෙන් ඇසන්නට ලැබෙනු ඇති අතර කිසි විටෙකත් වගකීම පැටවෙන්නේ නැත. ඉතා කලාතුරකින් මේවායෙහි අනිසි ප්‍රතිඵලවලට මුහුණ දෙයි.

තරුණයින් තමන්ගෙන්ම මෙසේ අසාගත යුතු නොවේද: “අපි සැබවින්ම අත්කර ගෙන ඇත්තේ කුමක්ද? අපි මුදා හැර ඇත්තේ කුමක්ද?”

ඔවුන්ට ආඩම්බර වෙනවා වෙනුවට, පැරණි නායකයින්ට දොස් පැවරූ වැරදිවලටත් වඩා දරුණු ප්‍රතිඵලවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවෙනු ඇත.

එදිනෙදා ජනතාව දුක් විඳින අතරතුර නායකයින් නිහඬව සිටිති, සැබෑ සත්‍යය පෙන්වයි: තරුණයින් යොදාගෙන පසුව ප්‍රතිවිපාකවලට තනිවම මුහුණ දීම පමණක් ඔවුන්ට ඉතිරි විය.

ෂෙනාලි ඩී වඩුගේ මහත්මිය විසින් රචිත From Europe’s Colored Revolutions – Arab Spring to Asian Spring: The Repeat Playbook of Youth Manipulated Regime Change ලිපියේ සිංහල පරිවර්තනය.

පරිවර්තනය - ජීවන්ත ජයතිස්ස 

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.