පාලන මිල ඉක්මවා කීරි සම්බා මිල අහසට නගී..
මහා පරිමාණ වී මෝල් හිමියන් රට තුළ කීරි සම්බා සහල් හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කර මේ වන විට පාලන මිලද ඉක්මවා කීරි සම්බා අලෙවි කිරීමේ ජාවාරමක නිරතවන බව වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් වසරේ (2024) දෙසැම්බර් මස 09 වැනිදා නිකුත් කරන ලද අංක 24 14/02 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260 කි.
කෙසේ නමුත්, මේ වන විට එම උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා කිලෝවක් රුපියල් 320 ත් 325 ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරේ. ඉදිරි දිනවලදී කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 400 ක් දක්වා ඉහළ යාමේ අවදානම් තත්ත්වයක් පවතින බවද වෙළෙඳපොළ තොරතුරු පවසයි.
කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් පහක ඇසුරුමෙහි මිල රුපියල් 1,300 ක් ලෙස සඳහන් කර තිබුණද, ඇතැම් සුපිරි වෙළෙඳසල්වල එම බිලට අමතරව, අදාළ සහල් කිලෝ පහේ ඇසුරුම සඳහා රුපියල් 325 ක අමතර වෙනත් බිල්පත් නිකුත් කරන බවටද වාර්තා වේ. මේ අනුව, සහල් කිලෝ පහක් ඇතැම් සුපිරි වෙළෙඳසල්වල අලෙවි කෙරෙන්නේ රුපියල් 1,625 කටය.
පසුගිය දිනවලදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ ගොවීන්ගෙන් අඩු මුදලට සම්බා, කීරි සම්බා වී තොග මිලදීගෙන රජයේ පාලන මිලට අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට සහල් තොග ලබාදීමට කටයුතු කළහ.
නමුත්, මේ වනවිට මහා පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා වී ගැනුම් මිල ගණන් ඉහළ දමා ඇති අතර, එ නිසා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට වැඩි මුදලකට කීරි සම්බා වී මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. ඔවුන් කියා සිටින්නේ වැඩි මුදලකට කීරි සම්බා වී මිලදීගෙන රජයේ පාලන මිලට සහල් තොග අලෙවි කිරීමට නොහැකි බවය. එමෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබූ කීරි සම්බා සහල් තොගද මේ වනවිට අවසන්ව ඇතැයිද අනාවරණය වේ.
මහා පරිමාණ වී මෝල් හිමියන් මේ දිනවල ගොවීන්ගෙන් කීරි සම්බා වී මිටියක් (කිලෝග්‍රෑම් 64) මිලදී ගනු ලබන්නේ රුපියල් 11,000 කටය. ඒ අනුව, මේ දිනවල කීරි සම්බා වී කිලෝවක ගැනුම් මිල රුපියල් 167 ත් 171 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස මහා පරිමාණ වී මෝල් හිමියන් වී ගැනුම් මිල ඉහළ දැමීම නිසා ගොවීන්ද මේ දිනවල කීරි සම්බා වී තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට අලෙවි නොකර මහා පරිමාණ වී මෝල් හිමියන්ට අලෙවි කරති.
පසුගිය මහ කන්නය අවසානයේදී රජය විසින් කීරි සම්බාවලට ආදේශකයක් ලෙස කීරි පොන්නි සහල් වර්ගයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතියද ලැබී තිබිණි. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය කියා සිටියේ ඉදිරියේදී කීරි සම්බා ඉහළ අස්වැන්නක් ලැබීමට නියමිත බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.
කෙසේ නමුත්, මේ වනවිට කීරි සම්බා සඳහා ආදේශකයක් මෙරට වෙළෙඳපොළේ නොමැති අතර, යල කන්නයේ කීරි සම්බා අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේද මහා පරිමාණ වී මෝල් හිමියන් විසිනි.
මේ වනවිට මහා පරිමාණ වී මෝල් හිමියන් කන්න දෙකකට අවශ්‍ය කීරි සම්බා වී තොග රැස්කරගෙන තිබෙන බවද පැවසේ.
– Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි