Gen Z ලාගේ මාරාන්තික විරෝධතා මැද කරළියට ආ නේපාලයේ පළමු කාන්තා අගමැතිනිය..
නේපාලයේ හිටපු අගවිනිසුරුවරිය වන සුශිලා කාර්කි මහත්මිය මේ වන විට අන්තර්කාලීන අගමැතිනිය ලෙස පත් කර ඇත. Gen Z නම් කණ්ඩායම විසින් දියත් කළ ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස්, 1,300 කට වැඩි පිරිසක් තුවාල ලබා, දහස් ගණනක් සිරකරුවන්ට පලා යාමට ඉඩ සැලසීමෙන් පසුව සුශිලා කාර්කි එරට අන්තර්කාලීන අගමැතිවරිය ලෙස පත්ව තිබේ.
ඉයේ(12), ජනාධිපති රාම්චන්ද්‍ර පෝඩෙල් 73 හැවිරිදි සුශිලා කාර්කි නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස පත් කළ අතර, ඇය නේපාල රජයේ පළමු කාන්තා ප්‍රධානියා බවට පත්විය. නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරිය ලෙස සේවය කළ එකම කාන්තාව වන කාර්කි, ඊයේ පැවැති උත්සවයකදී දිවුරුම් දුන්නාය.
සමහර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වලට අනුව දූෂණයට එරෙහි ඇගේ දැඩි ස්ථාවරය නිසා ඇය බොහෝ Gen Z විරෝධතාකරුවන් අතර ජනප්‍රිය විය.
එසේ වුවද, ඇයට Gen Z වලට අයත් සියලු කණ්ඩායම් සහාය නොදක්වයි. ඒ නිසා ඇය සම්මුතිවාදී තේරීමක් ලෙස සැලකේ. ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නොවන බැවින් ඇයගේ පත්වීම පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් ද පැවතුනි, නමුත් Gen Z නායිකාවක් පැවසුවේ එය කළ හැකි වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බවයි. කෙසේ වුවද සුශිලා කාර්කි නේපාලයේ අගමැති බවට පත් වුවද නේපාල දේශපාලන අස්ථාවර භාවය පහව ගොස් නැත.
පසුගිය සඳුදා(08) , සමාජ මාධ්‍ය තහනම, දූෂණය සහ දුර්වල පාලනයට එරෙහි විරෝධතා පොලිසිය විසින් මර්දනය කිරීමේදී පුද්ගලයින් 21 දෙනෙකු මිය ගියහ. 09 වනදා විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තැබූහ, අගමැති ඔලි ඉල්ලා අස් වූ අතර, හමුදාව නගරවල වීදි පාලනය සියතට ගත්හ.
ඉන්දියාව සහ චීනය අතර භූමියෙන් වටව පිහිටා ඇති නේපාලය, 2008 දී එහි රාජාණ්ඩුව අවසන් කිරීමෙන් පසු දේශපාලන හා ආර්ථික අරගලවලට මුහුණ දී තිබේ. බොහෝ පුරවැසියන් රැකියාව සඳහා රට හැර ගොස් උපයා ගන්නා ධනය ආපසු නේපාලයට එවන බව පැවසේ.
ඊයේ(12) වන විට, කත්මණ්ඩුහි ජන ජීවිතය සෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබුණි. කඩ සාප්පු නැවත විවෘත කරන ලදී, මෝටර් රථ නැවත වීදිවලට පැමිණ තිබුණි, පොලිසිය තුවක්කු වෙනුවට බැටන් පොලු අත දරා සිටිනු දක්නට ලැබුණි. කෙසේ වෙතත්, සමහර මාර්ග තවමත් අවහිර කර තිබෙන නමුදු මුර සංචාරයේ යෙදී සිටි සොල්දාදුවන් අඩු සංඛ්‍යාවක් දක්නට ලැබුණු බවද මාධ්‍ය වාර්තා පවසයි.
විරෝධතාවලදී මියගිය අයගේ සිරුරු පවුල්වලට ද ලැබීමට පටන් ගෙන තිබෙන බවද එම වාර්තා පවසයි. කරුණා බුධතෝකි නම් කාන්තාවක් ඇගේ 23 හැවිරිදි බෑණනුවන්ගේ දේහය ලබා ගැනීම සඳහා රෝහලේ රැඳී සිටි අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය, “එයාගේ මිතුරන් පසුබසින අතරතුර, එයා ඉදිරියට යාමට තීරණය කළා. එයාව රෝහලට ගෙනැවිත් තිබෙන බව අපට දැන්වූවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..