Gen Z ලාගේ මාරාන්තික විරෝධතා මැද කරළියට ආ නේපාලයේ පළමු කාන්තා අගමැතිනිය..
නේපාලයේ හිටපු අගවිනිසුරුවරිය වන සුශිලා කාර්කි මහත්මිය මේ වන විට අන්තර්කාලීන අගමැතිනිය ලෙස පත් කර ඇත. Gen Z නම් කණ්ඩායම විසින් දියත් කළ ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස්, 1,300 කට වැඩි පිරිසක් තුවාල ලබා, දහස් ගණනක් සිරකරුවන්ට පලා යාමට ඉඩ සැලසීමෙන් පසුව සුශිලා කාර්කි එරට අන්තර්කාලීන අගමැතිවරිය ලෙස පත්ව තිබේ.
ඉයේ(12), ජනාධිපති රාම්චන්ද්‍ර පෝඩෙල් 73 හැවිරිදි සුශිලා කාර්කි නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස පත් කළ අතර, ඇය නේපාල රජයේ පළමු කාන්තා ප්‍රධානියා බවට පත්විය. නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරිය ලෙස සේවය කළ එකම කාන්තාව වන කාර්කි, ඊයේ පැවැති උත්සවයකදී දිවුරුම් දුන්නාය.
සමහර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වලට අනුව දූෂණයට එරෙහි ඇගේ දැඩි ස්ථාවරය නිසා ඇය බොහෝ Gen Z විරෝධතාකරුවන් අතර ජනප්‍රිය විය.
එසේ වුවද, ඇයට Gen Z වලට අයත් සියලු කණ්ඩායම් සහාය නොදක්වයි. ඒ නිසා ඇය සම්මුතිවාදී තේරීමක් ලෙස සැලකේ. ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නොවන බැවින් ඇයගේ පත්වීම පිළිබඳව යම් අවිනිශ්චිතතාවයක් ද පැවතුනි, නමුත් Gen Z නායිකාවක් පැවසුවේ එය කළ හැකි වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බවයි. කෙසේ වුවද සුශිලා කාර්කි නේපාලයේ අගමැති බවට පත් වුවද නේපාල දේශපාලන අස්ථාවර භාවය පහව ගොස් නැත.
පසුගිය සඳුදා(08) , සමාජ මාධ්‍ය තහනම, දූෂණය සහ දුර්වල පාලනයට එරෙහි විරෝධතා පොලිසිය විසින් මර්දනය කිරීමේදී පුද්ගලයින් 21 දෙනෙකු මිය ගියහ. 09 වනදා විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තැබූහ, අගමැති ඔලි ඉල්ලා අස් වූ අතර, හමුදාව නගරවල වීදි පාලනය සියතට ගත්හ.
ඉන්දියාව සහ චීනය අතර භූමියෙන් වටව පිහිටා ඇති නේපාලය, 2008 දී එහි රාජාණ්ඩුව අවසන් කිරීමෙන් පසු දේශපාලන හා ආර්ථික අරගලවලට මුහුණ දී තිබේ. බොහෝ පුරවැසියන් රැකියාව සඳහා රට හැර ගොස් උපයා ගන්නා ධනය ආපසු නේපාලයට එවන බව පැවසේ.
ඊයේ(12) වන විට, කත්මණ්ඩුහි ජන ජීවිතය සෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබුණි. කඩ සාප්පු නැවත විවෘත කරන ලදී, මෝටර් රථ නැවත වීදිවලට පැමිණ තිබුණි, පොලිසිය තුවක්කු වෙනුවට බැටන් පොලු අත දරා සිටිනු දක්නට ලැබුණි. කෙසේ වෙතත්, සමහර මාර්ග තවමත් අවහිර කර තිබෙන නමුදු මුර සංචාරයේ යෙදී සිටි සොල්දාදුවන් අඩු සංඛ්‍යාවක් දක්නට ලැබුණු බවද මාධ්‍ය වාර්තා පවසයි.
විරෝධතාවලදී මියගිය අයගේ සිරුරු පවුල්වලට ද ලැබීමට පටන් ගෙන තිබෙන බවද එම වාර්තා පවසයි. කරුණා බුධතෝකි නම් කාන්තාවක් ඇගේ 23 හැවිරිදි බෑණනුවන්ගේ දේහය ලබා ගැනීම සඳහා රෝහලේ රැඳී සිටි අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය, “එයාගේ මිතුරන් පසුබසින අතරතුර, එයා ඉදිරියට යාමට තීරණය කළා. එයාව රෝහලට ගෙනැවිත් තිබෙන බව අපට දැන්වූවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්