News Category
From Date
To Date
Maximum Number of Result

හියුමන් ඉමියුනිග්ලොබින් එකම සමාගමකින් ඉහල මිලකට දිගටම රජය ගනිමින් සිටිනවා..

Sep 13, 2025 at 07:44 AM
|

පසුගිය කාල සීමාව තුළ හියුමන් ඉමියුනිග්ලොබින් ඖෂධය මිලදී ගැනීම සම්බන්ධයෙන් රජයට  දැඩි ආර්ථික පාඩුවක් සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

අදාළ ඖෂධය තෝරාගත් එක් සමාගමකින් පමණක් අධික මිලකට මිලදී ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මෙය වැළැක්වීම සඳහා නියාමන අධිකාරිය විසින් නිසි ප්‍රමිතිකරණ තත්ත්ව යටතේ ඖෂධ සැපයීමට කැමති වැඩි සමාගම් සංඛ්‍යාවක් ලියාපදිංචි කර, ඔවුන්ට ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කරයි.

මීට අමතරව, අධික මිලට ගෙන්වන ලද මෙම ඖෂධය භාවිතය නිසා රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගිය බවට හෝ සංකූලතා ඇතිවූ බවට කලින් කලට චෝදනා එල්ල වී තිබෙන බැවින්, අදාළ ඖෂධය මිලදී ගැනීමේ ක්‍රියාවලිය, තාක්ෂණික ඇගයීම් කමිටු ක්‍රියාවලිය, ඖෂධය මිලදී ගැනීම සඳහා අදාළ වෛද්‍ය විද්‍යාඥයින්ගේ ආයතනය මගින් ලබා දුන් නිර්දේශ, මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

තෝරාගත් සමාගම්වලට වාසිදායක වන ආකාරයෙන් අදාළ ඖෂධය මිලදී ගැනීම සඳහා යම් තාක්ෂණික කමිටුවක් පසුගිය කාලයේදී කටයුතු කර ඇත්දැයි සොයා බැලිය යුතු බවත් ඔහු පවසයි.

අඛණ්ඩව සංකූලතා සහ මරණ වාර්තා වන තත්ත්වයක් යටතේ, පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කමිටුවක් සහ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් විශ්ලේෂණාත්මක වාර්තාවක් සකස් කර, ඒ අනුව අනාගත ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

සම්බන්ධිත පුවත් | Related News

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් එළැඹෙන 23 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (11) නොතීසියක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව හිමිව ඇති බවට ව්‍යාජ නිල ලේඛන සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි 'බී' වාර්තාව හෝ පසු වාර්තා මඟින් අනාවරණය වී නොමැති බව පවසමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.