News Category
From Date
To Date
Maximum Number of Result

නේපාල ගැටුමේ නොකී කතාව: තරුණ කළහය පිටුපස එන්ජීඕ නූල් සූත්තර?

Sep 12, 2025 at 02:45 PM
|

අදින්(12)සතියකට පමණ පෙර, කත්මණ්ඩු හි ජීවත් වන නේපාලයේ ලලිත්පූර් දිස්ත්‍රික්කයේ ජන්ම ලාභය ලැබූ හෝටල් කළමනාකරණ ශිෂ්‍යයෙකු වන බික්‍රම් පෝඩෙල්ගේ සමාජ මාධ්‍ය කාලරේඛා සහ බහුමාධ්‍ය පණිවිඩ යෙදුම් විරෝධතා ඇමතුම් වලින් පිරී යාමට පටන් ගත්තේය. ලැබුණු පණිවිඩ සෘජු පැහැදිලි හදිසි පණිවිඩ විය. වීදි බසින්න!​​ සමාජ මාධ්‍ය අඩවි තහනම් කිරීමට රජය ගන්නා උත්සාහයට විරුද්ධ වන්න! සහ ඔබේ කෝපය සටහන් කරන්න!

ඒ අනුව, සඳුදා(සැප්තැම්බර් 8) පැවැත්වීමට නියමිත විරෝධතාවට සම්බන්ධ විය යුතුද යන්න සම්බන්ධයෙන් පැහැදිලි හැඟීමක් ඔහු තුළ නොතිබුණු බව ඔහු දැන් පිළිගනු ල්බයි. නමුත් ලැබෙන පණිවිඩ ලැව් ගින්නක් මෙන් පැතිර යද්දී ඔහුගේ මිතුරන් බලධාරීන් කරන දූෂණය හෙළි කරන වීඩියෝවෙන් වීඩියෝව යොමු කළ විට, ඔහුට සම්බන්ධ වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔහුට හැඟී ගියේය.

බොහෝ දුරට යෞවනයන් සහ වයස විසි ගණන්වල සිටි අය විසින් මෙහෙයවන ලද විරෝධතා, සමාජ මාධ්‍ය ජාලා මෙහෙයවනු ලබන සමාගම් නේපාලයේ ඔවුන්ගේ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් සහ එක්ස් ඇතුළු මාර්ගගත මාධ්‍ය ජාලා වේදිකා 26 ක් සඳහා නේපාල රජය විසින් පනවා ඇති දැඩි තහනමට ප්‍රතිචාර වශයෙන් පුපුරා ගියේය. පැය 48ක් ඇතුළත කළ එළි බැස්සවූ විරෝධතාවය වසර ගණනාවකට පසු නේපාලයේදී දකින්නට ලැබුණු විශාලතම විරෝධතාවයක් බවට පත් වූ අතර, විරෝධතාවය ආරම්භ වී දෙවෙනි දිනය වූ සැප්තැම්බර් 09 වන අඟහරුවාදා අගමැති කේ.පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වන ලෙස බල කෙරුණි.

අද වන විට හමුදාව ඵලදායී ලෙස පාලනය සියතට ගෙන තිබේ. සැප්තැම්බර් 10 වන බදාදා, විරෝධතාකරුවන්ගේ නියෝජිතයින් අන්තර්කාලීන නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නේපාල හමුදා ප්‍රධානී අශෝක්රාජ් සිග්ඩෙල් හමුවිය. විරෝධතාකරුවන් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි අන්තර්කාලීන අගමැති ධුරය සඳහා ඔවුන්ගේ එකම අපේක්ෂකයා ලෙස යෝජනා කර ඇත.

බික්‍රම් පවසන්නේ විරෝධතා කිසි විටෙකත් සමාජ මාධ්‍ය තහනම පිළිබඳව පමණක් අරමුණු කරගෙන සිදු නොවූ බවයි. ඒවා බලය, වගවීම සහ ගෞරවය සම්බන්ධයෙන් විය. “සමාජ මාධ්‍ය තහනම් කිරීම අපව නිහඬ කරනු ඇතැයි රජය සිතූ නිසා මට එයට සම්බන්ධ වීමට හේතු සැපයූවා.” බික්‍රම් සිහිපත් කළේය. “මේ පරම්පරාව බොහෝ දේ දන්නා බව ඔවුන් අමතක කළා. ඔවුන් කොතරම් දූෂණයක් කරනවාද, ඔවුන් ජාතිය කොල්ලකන ආකාරය සහ එය සැඟවීමට ඔවුන්ට අවශ්‍ය ආකාරය අපි දන්නවා. අපට නිහඬව සිටිය නොහැකියි.”


මුලින් තවත් මාර්ගගත අතත්‍ය ව්‍යාපාරයක් ලෙස පෙනුණු මෙම විරෝධතා ඇමතුම තම රටේ නායකත්වය වෙනස් කරන මහජන ව්‍යාපාරයක් බවට පත්වනු ඇතැයි බික්‍රම් කිසි විටෙකත් සිතුවේ නැත.

“වෙනස ගැන මම සතුටු වෙනවා,” බික්‍රම් දුරකථනයෙන් මෘදු ලෙස පවසයි. “නමුත් සන්නද්ධ හමුදා අතින් මියගිය අය ගැන මට වඩාත් කණගාටුයි. මම ඔවුන් ගැන සහ රෝහල්වල තවමත් ජීවිත වෙනුවෙන් සටන් කරන අය ගැන සිතමින් සිටිනවා. සාමකාමී විරෝධතාවයට වෙඩි උණ්ඩවලට මුහුණ දීමට සිදුවේ යැයි අපි කිසි විටෙකත් සිතුවේ නැහැ.”

ලේ වැගිරීම සියැසින් දුටු අය අතර කත්මණ්දු හි ඉහළම අවන්හලක පිළිගැනීමේ නිලධාරිනියක් වන 26 හැවිරිදි ඉෂිතා ශ්‍රෙෂ්තා ද වූවාය. සඳුදා(8) රැලියට එක් වූ ඇය, ඇගේ ඇස් ඉදිරිපිටම වෙඩි තබනු දැකීම කිසි විටෙකත් අපේක්ෂා නොකළාය.


“අපි තරමක් ඈතින් සිටියදී හදිසියේම මිනිසුන් සෑම දිශාවකටම දුවන්නට පටන් ගත්තා.” ඇය සිහිපත් කරයි. “විරෝධතාවය සම්පූර්ණයෙන්ම සාමකාමී විය, නමුත් පසුව සමහර විරෝධතාකරුවන් හිතාමතාම හමුදාව උසිගැන්වූ බවක් පෙනෙන්නට තිබුණා. හදිසියේම මම දුටුවේ මිනිසුන් පපුවෙන් අධික ලෙස ලේ ගලන කුඩා පිරිමි ළමයෙකු රැගෙන යන ආකාරයයි. එය සිදුවන බව මට විශ්වාස කරන්න අපහසු වුණා.”

විරෝධතා ඉක්මනින් ප්‍රචණ්ඩකාරී බවට විය. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී රජයේ ගොඩනැගිලි විනාශ කර නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට පහර දුන්හ. අඟහරුවාදා(09) පුද්ගලයින් 19 දෙනෙකු මිය ගියහ. බදාදා (10)වන විට මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබූ බව නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය පවසයි. ඒ දින දෙක තුළ 1,000 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

පරම්පරාවක බලය

දුරකථන සහ යෙදුම් හරහා ලෝකයට සම්බන්ධ වී හැදී වැඩුණු තරුණ නේපාල ජාතිකයින් විසින් විරෝධතා මෙහෙයවන ලදී. ඔවුන්ට, සමාජ මාධ්‍ය තහනම තාක්ෂණික අපහසුතාවයක් පමණක් නොව, ඔවුන්ගේ නිදහසට සහ සංවිධානය වීමේ හැකියාවට එල්ල කළ සෘජු ප්‍රහාරයක් විය.

“අපි රැකියා විරහිත පුරවැසියන් විය හැකි නමුත්, අපට බලපෑම් කිරීමට සමාජ මාධ්‍යවල බලය තිබෙනවා.” ඉෂිතා පවසයි. “තත්පර කිහිපයකින් රට පුරා සිටින අපගේ සහෝදර සහෝදරියන් වෙත ළඟා විය හැකියි. එය අපගේ ආයුධයයි.”


1997 වර්ෂය සහ 2012 වර්ෂය අතර උපත ලැබූ පරම්පරාවට උපහාරයක් ලෙස මාධ්‍ය මෙම නොසන්සුන්තාව “Gen Z” විරෝධතාවයක් ලෙස හැඳින්වීය. නමුත් මෙම නම “Gen-Z Nepal” යන ෆේස්බුක් කණ්ඩායමට ද සම්බන්ධ විය හැකි අතර, එම කණ්ඩායම පෙළපාලි සඳහා විවෘත ඇමතුම් පළ කරන ලදී. “Gen Z විරෝධතාවයට සූදානම් වන්න. එකමුතුවට ඕනෑම දෙයක් වෙනස් කළ හැකියි. අපි යමු..,” සැප්තැම්බර් 7 වන දින තැබූ සටහනක් මගින් ප්‍රකාශ කළේය.

ඉෂිතාට, විරෝධතා දැක්වීමේ තීරණය ද පැමිණියේ මාස ගණනාවක් නිහඬව රජයට එරෙහිව විරෝධතා ඇවිස්සීමෙන් පසුවය. “මම ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් රීල්ස් නරඹමින් සිටියා - දේශපාලනඥයන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් හෙළි කරන අය. ඔවුන්ගේ මන්දිර, ඔවුන්ගේ මෝටර් රථ, ඔවුන්ගේ මිල අධික ඔරලෝසු, සියල්ල අහිංසක පුරවැසියන්ගෙන් කොල්ල කෑ මුදල් වලින් ගොඩනගා තිබෙනවා. ඔවුන් අපව රැවට්ටුවා. එක් කුඩා ඇමතිවරයෙකු ඉල්ලා අස්වීම ප්‍රමාණවත් යැයි ඔවුන් සිතුවා. නමුත් අපි තවදුරටත් මෝඩ නැහැ.”


විරෝධතාවයට සති කිහිපයකට පෙර විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා #SaveOurSocialMedia සහ #Nepalprotests, #Nepalbanssocialmedia සහ #GenZprotest වැනි හැෂ් ටැග් ජනප්‍රිය විය. තරුණයින් සෑම මොහොතක්ම සටහන් කළහ - අහසේ පුපුරා යන කඳුළු ගෑස් ෂෙල් වෙඩි වල සිට රෝහල් වෙත දිව යන ගිලන්රථ දක්වා - ලෝකය බලා සිටින බව සහතික කළහ. පර්සියානු ගල්ෆ්, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඩයස්පෝරා ප්‍රජාවන් විරෝධතා තීව්‍ර කළ අතර ජාත්‍යන්තර පීඩනයක් ඇති කළහ.

මාධ්‍ය වාර්තා මගින් නේපාල කැරැල්ලේ ප්‍රධාන සංවිධායකයෙකු ලෙස Hami Nepal රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දී ඇත. 2015 දී අවිධිමත් ලෙස ආරම්භ කර 2020 දී ලියාපදිංචි කරන ලද මෙම රාජ්‍ය නොවන සංවිධානය , දානපති සුදාන් ගුරුන්ග් විසින් සභාපතිත්වය දරන අතර එහි ආපදා සහන කටයුතු හේතුවෙන් මුලින්ම මහජන අවධානය දිනා ගත්තේය. ඉන්ස්ටග්‍රෑම් හි, කණ්ඩායම සැප්තැම්බර් 8 වන දින මයිටිගාර් මණ්ඩල හි විරෝධතා සඳහා කැඳවුම් කළ අතර, "විරෝධතා දක්වන්නේ කෙසේද" යන වීඩියෝ උඩුගත කළ අතර, විද්‍යාල බෑග්, පොත් සහ නිල ඇඳුම් සමඟ සිසුන්ට එක්වන ලෙස ඉල්ලා සිටියේය. විරෝධතාකරුවන් "දූෂණයට එරෙහි තරුණයින්" බැනර් රැගෙන ගිය අතර, ඒවා රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ බව වාර්තා වේ.

පසුව, Hami Nepal ප්‍රකාශ කළේ සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදාව සමඟ "සහයෝගයෙන් කටයුතු කළ" බවත්, ඝෙන් Z නියෝජිතයන් සහ හමුදාව අතර සාකච්ඡා ආරම්භ වන බවත්ය. ආන්දෝලනාත්මක අවි ගනුදෙනුවකට සම්බන්ධ දීපක් භට්ටා වැනි ව්‍යාපාරිකයන් සහ කළු වෙළඳපොලේ උෂ්ණත්වමාන තුවක්කු අලෙවි කළ බවට චෝදනා කරමින් කොවිඩ්-19 සමයේදී අත්අඩංගුවට ගත් ශැන්කර් සමූහයේ සුලව් අග්‍රවාල් වැනි අය Hami Nepal වෙත සහාය ලබා දී ඇති බව "The Commune" වාර්තා කළේය. එයට ප්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරයෙකු සහ මැග්සයිසේ සම්මානලාභී වෛද්‍ය සන්දුක් රූයිට්ගෙන් ද සහාය ලැබී ඇත. මැග්සයිසේ සම්මානය එක්සත් ජනපද බලපෑමට ඓතිහාසික සබඳතා ඇති සම්මානයකි.

අනිසි දේශපාලන ප්‍රතිවිපාක

කේ.පී. ෂර්මා ඔලිගේ ඉල්ලා අස්වීම නේපාලයේ "සැලුන් දොර" දේශපාලනයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කරයි. මීට පෙර ඒකාධිපති ප්‍රවණතා පිළිබඳ චෝදනාවලට මුහුණ දී ඇති ඔලි, සංවිධානාත්මක ඩිජිටල් බලය අවතක්සේරු කළේය. සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමෙන් විවේචන නිහඬ කිරීමට ඔහු දැරූ උත්සාහය නාටකාකාර ලෙස අසාර්ථක විය.

දැන්, කත්මණ්දු නුවර බලය සඳහා පොරබැදීමක් දක්නට ලැබේ. ඔලිගේ ඉල්ලා අස්වීමෙන් පසු, සියලු දෙනාගේම ඇස් බැලන් ලෙස හැඳින්වෙන  කත්මණ්දු නගරාධිපති බාලේන්ද්‍ර ෂා වෙත යොමු විය. 35 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු සහ රැප් ගායකයෙකු වන ඔහු 2022 නගරාධිපති තරඟය ස්වාධීන පුද්ගලයෙකු ලෙස ජයග්‍රහණය කළ අතර, දූෂණ විරෝධී පණිවිඩ යැවීම සහ නිර්භීත පිරිසිදු කිරීමේ ව්‍යාපාර හරහා තරුණයින් තුළ ප්‍රමුඛ ප්‍රතිරූපයක් වර්ධනය කළේය.

35 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු සහ රැප් ගායකයෙකු 2022 නගරාධිපති මැතිවරණය ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජයග්‍රහණය කළ අතර, දූෂණ විරෝධී පණිවිඩ සහ නිර්භීත පිරිසිදු කිරීමේ ව්‍යාපාර සමඟ තරුණ සහයෝගය ලබා ගත්තේය.  සෘජු වැඩ කිරීමේ රටාව සහ ශක්තිමත් වීදි සහයෝගය හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වූ ෂා, ශිෂ්‍ය නායකයින් සහ විපක්ෂ සාමාජිකයින් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

මෑතකදී සිරෙන් නිදහස් වූ මතභේදාත්මක දේශපාලනඥයෙකු වන රවී ලැමිචේන් ද ඒ අතර වේ. මැතිවරණයක් පැවැත්වෙන තුරු රට ස්ථාවර කළ හැකි අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

නේපාල දේශපාලන විශ්ලේෂකයින්ට අනුව විරෝධතාවලින් පෙනී ගොස් ඇත්තේ  බොහෝ විට දේශපාලනික නොවන හෝ අවධානය වෙනතකට යොමු කරන ලද අය ලෙස නොසලකා හරින ලද නේපාලයේ තරුණයින් - තීරණාත්මක බලවේගයක් ලෙස මතුවෙමින් පවතින බවයි. "මෙම ව්‍යාපාරය නායකයෙකු නොමැති, විමධ්‍යගත සහ ඩිජිටල් සංවිධානයක් වූවා." එක් විශ්ලේෂකයෙක් පැවසීය. "ඒ නිසාමයි ඇති වූ රැල්ල නැවැත්වීමට නොහැකි වූයේ." ඔහු අවධාරණය කළේය.

ජාතියක් සන්ධිස්ථානයක

කත්මණ්දු නුවර මනෝභාවය තවමත් නොසන්සුන්ය. මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු රැලි බවට පත්ව ඇත. රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී පවතී. පවුල් ශෝක වන අතරම වගවීම ඉල්ලා සිටී. බ්‍රහස්පතින්දා(11), නව ප්‍රචණ්ඩ රැල්ලක් වාර්තා විය. අන්තර්කාලීන අගමැති සහ ප්‍රමුඛ පෙළේ අපේක්ෂකයින්ගේ නම් කිහිපයක් සම්බන්ධයෙන් සැකයක් මධ්‍යයේ විරෝධතාකරුවන් හමුදා මූලස්ථානය අසල ගැටුම් ඇති කර ගත් බව වාර්තා විය.


බික්‍රම් සහ ඉෂිතා වැනි තවත් දහස් ගණනකට, අගමැතිවරයෙකුගේ ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ පද්ධතිමය වෙනසක් හෙවත් විනිවිදභාවය, රැකියා සහ ගෞරවය. එම ඉල්ලීම ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය වේද යන්න තවමත් අවිනිශ්චිතය. "අපි ඉල්ලා අස්වීමට බල කළා," බික්‍රම් පවසයි. "දැන් අපි අවංකකමට බල කළ යුතුයි. ඒක ඊටත් වඩා අමාරු වෙයි."

ස්වාධීන මාධ්‍යවේදියෙකු වන සෞරබ් ෂර්මා විසිනි

සෞරබ් ෂර්මා  ඉන්දියාවේ සම්මානලාභී නිදහස් මාධ්‍යවේදියෙකි. ඔහු රොයිටර් වැනි ජාත්‍යන්තර ප්‍රවෘත්ටි ආයතන  සඳහා ලිපි සම්පාදනය කරනු ලබන්නෙකි.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

Protesters spoke, NGOs pulled strings: The untold story of Nepal’s upheaval

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.