News Category
From Date
To Date
Maximum Number of Result

නේපාල ගැටුමේ නොකී කතාව: තරුණ කළහය පිටුපස එන්ජීඕ නූල් සූත්තර?

Sep 12, 2025 at 02:45 PM
|

අදින්(12)සතියකට පමණ පෙර, කත්මණ්ඩු හි ජීවත් වන නේපාලයේ ලලිත්පූර් දිස්ත්‍රික්කයේ ජන්ම ලාභය ලැබූ හෝටල් කළමනාකරණ ශිෂ්‍යයෙකු වන බික්‍රම් පෝඩෙල්ගේ සමාජ මාධ්‍ය කාලරේඛා සහ බහුමාධ්‍ය පණිවිඩ යෙදුම් විරෝධතා ඇමතුම් වලින් පිරී යාමට පටන් ගත්තේය. ලැබුණු පණිවිඩ සෘජු පැහැදිලි හදිසි පණිවිඩ විය. වීදි බසින්න!​​ සමාජ මාධ්‍ය අඩවි තහනම් කිරීමට රජය ගන්නා උත්සාහයට විරුද්ධ වන්න! සහ ඔබේ කෝපය සටහන් කරන්න!

ඒ අනුව, සඳුදා(සැප්තැම්බර් 8) පැවැත්වීමට නියමිත විරෝධතාවට සම්බන්ධ විය යුතුද යන්න සම්බන්ධයෙන් පැහැදිලි හැඟීමක් ඔහු තුළ නොතිබුණු බව ඔහු දැන් පිළිගනු ල්බයි. නමුත් ලැබෙන පණිවිඩ ලැව් ගින්නක් මෙන් පැතිර යද්දී ඔහුගේ මිතුරන් බලධාරීන් කරන දූෂණය හෙළි කරන වීඩියෝවෙන් වීඩියෝව යොමු කළ විට, ඔහුට සම්බන්ධ වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔහුට හැඟී ගියේය.

බොහෝ දුරට යෞවනයන් සහ වයස විසි ගණන්වල සිටි අය විසින් මෙහෙයවන ලද විරෝධතා, සමාජ මාධ්‍ය ජාලා මෙහෙයවනු ලබන සමාගම් නේපාලයේ ඔවුන්ගේ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් සහ එක්ස් ඇතුළු මාර්ගගත මාධ්‍ය ජාලා වේදිකා 26 ක් සඳහා නේපාල රජය විසින් පනවා ඇති දැඩි තහනමට ප්‍රතිචාර වශයෙන් පුපුරා ගියේය. පැය 48ක් ඇතුළත කළ එළි බැස්සවූ විරෝධතාවය වසර ගණනාවකට පසු නේපාලයේදී දකින්නට ලැබුණු විශාලතම විරෝධතාවයක් බවට පත් වූ අතර, විරෝධතාවය ආරම්භ වී දෙවෙනි දිනය වූ සැප්තැම්බර් 09 වන අඟහරුවාදා අගමැති කේ.පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වන ලෙස බල කෙරුණි.

අද වන විට හමුදාව ඵලදායී ලෙස පාලනය සියතට ගෙන තිබේ. සැප්තැම්බර් 10 වන බදාදා, විරෝධතාකරුවන්ගේ නියෝජිතයින් අන්තර්කාලීන නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නේපාල හමුදා ප්‍රධානී අශෝක්රාජ් සිග්ඩෙල් හමුවිය. විරෝධතාකරුවන් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි අන්තර්කාලීන අගමැති ධුරය සඳහා ඔවුන්ගේ එකම අපේක්ෂකයා ලෙස යෝජනා කර ඇත.

බික්‍රම් පවසන්නේ විරෝධතා කිසි විටෙකත් සමාජ මාධ්‍ය තහනම පිළිබඳව පමණක් අරමුණු කරගෙන සිදු නොවූ බවයි. ඒවා බලය, වගවීම සහ ගෞරවය සම්බන්ධයෙන් විය. “සමාජ මාධ්‍ය තහනම් කිරීම අපව නිහඬ කරනු ඇතැයි රජය සිතූ නිසා මට එයට සම්බන්ධ වීමට හේතු සැපයූවා.” බික්‍රම් සිහිපත් කළේය. “මේ පරම්පරාව බොහෝ දේ දන්නා බව ඔවුන් අමතක කළා. ඔවුන් කොතරම් දූෂණයක් කරනවාද, ඔවුන් ජාතිය කොල්ලකන ආකාරය සහ එය සැඟවීමට ඔවුන්ට අවශ්‍ය ආකාරය අපි දන්නවා. අපට නිහඬව සිටිය නොහැකියි.”


මුලින් තවත් මාර්ගගත අතත්‍ය ව්‍යාපාරයක් ලෙස පෙනුණු මෙම විරෝධතා ඇමතුම තම රටේ නායකත්වය වෙනස් කරන මහජන ව්‍යාපාරයක් බවට පත්වනු ඇතැයි බික්‍රම් කිසි විටෙකත් සිතුවේ නැත.

“වෙනස ගැන මම සතුටු වෙනවා,” බික්‍රම් දුරකථනයෙන් මෘදු ලෙස පවසයි. “නමුත් සන්නද්ධ හමුදා අතින් මියගිය අය ගැන මට වඩාත් කණගාටුයි. මම ඔවුන් ගැන සහ රෝහල්වල තවමත් ජීවිත වෙනුවෙන් සටන් කරන අය ගැන සිතමින් සිටිනවා. සාමකාමී විරෝධතාවයට වෙඩි උණ්ඩවලට මුහුණ දීමට සිදුවේ යැයි අපි කිසි විටෙකත් සිතුවේ නැහැ.”

ලේ වැගිරීම සියැසින් දුටු අය අතර කත්මණ්දු හි ඉහළම අවන්හලක පිළිගැනීමේ නිලධාරිනියක් වන 26 හැවිරිදි ඉෂිතා ශ්‍රෙෂ්තා ද වූවාය. සඳුදා(8) රැලියට එක් වූ ඇය, ඇගේ ඇස් ඉදිරිපිටම වෙඩි තබනු දැකීම කිසි විටෙකත් අපේක්ෂා නොකළාය.


“අපි තරමක් ඈතින් සිටියදී හදිසියේම මිනිසුන් සෑම දිශාවකටම දුවන්නට පටන් ගත්තා.” ඇය සිහිපත් කරයි. “විරෝධතාවය සම්පූර්ණයෙන්ම සාමකාමී විය, නමුත් පසුව සමහර විරෝධතාකරුවන් හිතාමතාම හමුදාව උසිගැන්වූ බවක් පෙනෙන්නට තිබුණා. හදිසියේම මම දුටුවේ මිනිසුන් පපුවෙන් අධික ලෙස ලේ ගලන කුඩා පිරිමි ළමයෙකු රැගෙන යන ආකාරයයි. එය සිදුවන බව මට විශ්වාස කරන්න අපහසු වුණා.”

විරෝධතා ඉක්මනින් ප්‍රචණ්ඩකාරී බවට විය. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී රජයේ ගොඩනැගිලි විනාශ කර නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට පහර දුන්හ. අඟහරුවාදා(09) පුද්ගලයින් 19 දෙනෙකු මිය ගියහ. බදාදා (10)වන විට මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබූ බව නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය පවසයි. ඒ දින දෙක තුළ 1,000 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

පරම්පරාවක බලය

දුරකථන සහ යෙදුම් හරහා ලෝකයට සම්බන්ධ වී හැදී වැඩුණු තරුණ නේපාල ජාතිකයින් විසින් විරෝධතා මෙහෙයවන ලදී. ඔවුන්ට, සමාජ මාධ්‍ය තහනම තාක්ෂණික අපහසුතාවයක් පමණක් නොව, ඔවුන්ගේ නිදහසට සහ සංවිධානය වීමේ හැකියාවට එල්ල කළ සෘජු ප්‍රහාරයක් විය.

“අපි රැකියා විරහිත පුරවැසියන් විය හැකි නමුත්, අපට බලපෑම් කිරීමට සමාජ මාධ්‍යවල බලය තිබෙනවා.” ඉෂිතා පවසයි. “තත්පර කිහිපයකින් රට පුරා සිටින අපගේ සහෝදර සහෝදරියන් වෙත ළඟා විය හැකියි. එය අපගේ ආයුධයයි.”


1997 වර්ෂය සහ 2012 වර්ෂය අතර උපත ලැබූ පරම්පරාවට උපහාරයක් ලෙස මාධ්‍ය මෙම නොසන්සුන්තාව “Gen Z” විරෝධතාවයක් ලෙස හැඳින්වීය. නමුත් මෙම නම “Gen-Z Nepal” යන ෆේස්බුක් කණ්ඩායමට ද සම්බන්ධ විය හැකි අතර, එම කණ්ඩායම පෙළපාලි සඳහා විවෘත ඇමතුම් පළ කරන ලදී. “Gen Z විරෝධතාවයට සූදානම් වන්න. එකමුතුවට ඕනෑම දෙයක් වෙනස් කළ හැකියි. අපි යමු..,” සැප්තැම්බර් 7 වන දින තැබූ සටහනක් මගින් ප්‍රකාශ කළේය.

ඉෂිතාට, විරෝධතා දැක්වීමේ තීරණය ද පැමිණියේ මාස ගණනාවක් නිහඬව රජයට එරෙහිව විරෝධතා ඇවිස්සීමෙන් පසුවය. “මම ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් රීල්ස් නරඹමින් සිටියා - දේශපාලනඥයන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවන් හෙළි කරන අය. ඔවුන්ගේ මන්දිර, ඔවුන්ගේ මෝටර් රථ, ඔවුන්ගේ මිල අධික ඔරලෝසු, සියල්ල අහිංසක පුරවැසියන්ගෙන් කොල්ල කෑ මුදල් වලින් ගොඩනගා තිබෙනවා. ඔවුන් අපව රැවට්ටුවා. එක් කුඩා ඇමතිවරයෙකු ඉල්ලා අස්වීම ප්‍රමාණවත් යැයි ඔවුන් සිතුවා. නමුත් අපි තවදුරටත් මෝඩ නැහැ.”


විරෝධතාවයට සති කිහිපයකට පෙර විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා #SaveOurSocialMedia සහ #Nepalprotests, #Nepalbanssocialmedia සහ #GenZprotest වැනි හැෂ් ටැග් ජනප්‍රිය විය. තරුණයින් සෑම මොහොතක්ම සටහන් කළහ - අහසේ පුපුරා යන කඳුළු ගෑස් ෂෙල් වෙඩි වල සිට රෝහල් වෙත දිව යන ගිලන්රථ දක්වා - ලෝකය බලා සිටින බව සහතික කළහ. පර්සියානු ගල්ෆ්, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඩයස්පෝරා ප්‍රජාවන් විරෝධතා තීව්‍ර කළ අතර ජාත්‍යන්තර පීඩනයක් ඇති කළහ.

මාධ්‍ය වාර්තා මගින් නේපාල කැරැල්ලේ ප්‍රධාන සංවිධායකයෙකු ලෙස Hami Nepal රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දී ඇත. 2015 දී අවිධිමත් ලෙස ආරම්භ කර 2020 දී ලියාපදිංචි කරන ලද මෙම රාජ්‍ය නොවන සංවිධානය , දානපති සුදාන් ගුරුන්ග් විසින් සභාපතිත්වය දරන අතර එහි ආපදා සහන කටයුතු හේතුවෙන් මුලින්ම මහජන අවධානය දිනා ගත්තේය. ඉන්ස්ටග්‍රෑම් හි, කණ්ඩායම සැප්තැම්බර් 8 වන දින මයිටිගාර් මණ්ඩල හි විරෝධතා සඳහා කැඳවුම් කළ අතර, "විරෝධතා දක්වන්නේ කෙසේද" යන වීඩියෝ උඩුගත කළ අතර, විද්‍යාල බෑග්, පොත් සහ නිල ඇඳුම් සමඟ සිසුන්ට එක්වන ලෙස ඉල්ලා සිටියේය. විරෝධතාකරුවන් "දූෂණයට එරෙහි තරුණයින්" බැනර් රැගෙන ගිය අතර, ඒවා රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ බව වාර්තා වේ.

පසුව, Hami Nepal ප්‍රකාශ කළේ සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදාව සමඟ "සහයෝගයෙන් කටයුතු කළ" බවත්, ඝෙන් Z නියෝජිතයන් සහ හමුදාව අතර සාකච්ඡා ආරම්භ වන බවත්ය. ආන්දෝලනාත්මක අවි ගනුදෙනුවකට සම්බන්ධ දීපක් භට්ටා වැනි ව්‍යාපාරිකයන් සහ කළු වෙළඳපොලේ උෂ්ණත්වමාන තුවක්කු අලෙවි කළ බවට චෝදනා කරමින් කොවිඩ්-19 සමයේදී අත්අඩංගුවට ගත් ශැන්කර් සමූහයේ සුලව් අග්‍රවාල් වැනි අය Hami Nepal වෙත සහාය ලබා දී ඇති බව "The Commune" වාර්තා කළේය. එයට ප්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරයෙකු සහ මැග්සයිසේ සම්මානලාභී වෛද්‍ය සන්දුක් රූයිට්ගෙන් ද සහාය ලැබී ඇත. මැග්සයිසේ සම්මානය එක්සත් ජනපද බලපෑමට ඓතිහාසික සබඳතා ඇති සම්මානයකි.

අනිසි දේශපාලන ප්‍රතිවිපාක

කේ.පී. ෂර්මා ඔලිගේ ඉල්ලා අස්වීම නේපාලයේ "සැලුන් දොර" දේශපාලනයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කරයි. මීට පෙර ඒකාධිපති ප්‍රවණතා පිළිබඳ චෝදනාවලට මුහුණ දී ඇති ඔලි, සංවිධානාත්මක ඩිජිටල් බලය අවතක්සේරු කළේය. සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමෙන් විවේචන නිහඬ කිරීමට ඔහු දැරූ උත්සාහය නාටකාකාර ලෙස අසාර්ථක විය.

දැන්, කත්මණ්දු නුවර බලය සඳහා පොරබැදීමක් දක්නට ලැබේ. ඔලිගේ ඉල්ලා අස්වීමෙන් පසු, සියලු දෙනාගේම ඇස් බැලන් ලෙස හැඳින්වෙන  කත්මණ්දු නගරාධිපති බාලේන්ද්‍ර ෂා වෙත යොමු විය. 35 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු සහ රැප් ගායකයෙකු වන ඔහු 2022 නගරාධිපති තරඟය ස්වාධීන පුද්ගලයෙකු ලෙස ජයග්‍රහණය කළ අතර, දූෂණ විරෝධී පණිවිඩ යැවීම සහ නිර්භීත පිරිසිදු කිරීමේ ව්‍යාපාර හරහා තරුණයින් තුළ ප්‍රමුඛ ප්‍රතිරූපයක් වර්ධනය කළේය.

35 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු සහ රැප් ගායකයෙකු 2022 නගරාධිපති මැතිවරණය ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජයග්‍රහණය කළ අතර, දූෂණ විරෝධී පණිවිඩ සහ නිර්භීත පිරිසිදු කිරීමේ ව්‍යාපාර සමඟ තරුණ සහයෝගය ලබා ගත්තේය.  සෘජු වැඩ කිරීමේ රටාව සහ ශක්තිමත් වීදි සහයෝගය හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වූ ෂා, ශිෂ්‍ය නායකයින් සහ විපක්ෂ සාමාජිකයින් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

මෑතකදී සිරෙන් නිදහස් වූ මතභේදාත්මක දේශපාලනඥයෙකු වන රවී ලැමිචේන් ද ඒ අතර වේ. මැතිවරණයක් පැවැත්වෙන තුරු රට ස්ථාවර කළ හැකි අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

නේපාල දේශපාලන විශ්ලේෂකයින්ට අනුව විරෝධතාවලින් පෙනී ගොස් ඇත්තේ  බොහෝ විට දේශපාලනික නොවන හෝ අවධානය වෙනතකට යොමු කරන ලද අය ලෙස නොසලකා හරින ලද නේපාලයේ තරුණයින් - තීරණාත්මක බලවේගයක් ලෙස මතුවෙමින් පවතින බවයි. "මෙම ව්‍යාපාරය නායකයෙකු නොමැති, විමධ්‍යගත සහ ඩිජිටල් සංවිධානයක් වූවා." එක් විශ්ලේෂකයෙක් පැවසීය. "ඒ නිසාමයි ඇති වූ රැල්ල නැවැත්වීමට නොහැකි වූයේ." ඔහු අවධාරණය කළේය.

ජාතියක් සන්ධිස්ථානයක

කත්මණ්දු නුවර මනෝභාවය තවමත් නොසන්සුන්ය. මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු රැලි බවට පත්ව ඇත. රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී පවතී. පවුල් ශෝක වන අතරම වගවීම ඉල්ලා සිටී. බ්‍රහස්පතින්දා(11), නව ප්‍රචණ්ඩ රැල්ලක් වාර්තා විය. අන්තර්කාලීන අගමැති සහ ප්‍රමුඛ පෙළේ අපේක්ෂකයින්ගේ නම් කිහිපයක් සම්බන්ධයෙන් සැකයක් මධ්‍යයේ විරෝධතාකරුවන් හමුදා මූලස්ථානය අසල ගැටුම් ඇති කර ගත් බව වාර්තා විය.


බික්‍රම් සහ ඉෂිතා වැනි තවත් දහස් ගණනකට, අගමැතිවරයෙකුගේ ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ පද්ධතිමය වෙනසක් හෙවත් විනිවිදභාවය, රැකියා සහ ගෞරවය. එම ඉල්ලීම ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය වේද යන්න තවමත් අවිනිශ්චිතය. "අපි ඉල්ලා අස්වීමට බල කළා," බික්‍රම් පවසයි. "දැන් අපි අවංකකමට බල කළ යුතුයි. ඒක ඊටත් වඩා අමාරු වෙයි."

ස්වාධීන මාධ්‍යවේදියෙකු වන සෞරබ් ෂර්මා විසිනි

සෞරබ් ෂර්මා  ඉන්දියාවේ සම්මානලාභී නිදහස් මාධ්‍යවේදියෙකි. ඔහු රොයිටර් වැනි ජාත්‍යන්තර ප්‍රවෘත්ටි ආයතන  සඳහා ලිපි සම්පාදනය කරනු ලබන්නෙකි.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

Protesters spoke, NGOs pulled strings: The untold story of Nepal’s upheaval

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.