නේපාල ආණ්ඩුව පෙරලා දැමීමට ඇමරිකානු සමාජ මාධ්‍ය ජාලා ලොකු වැඩ කොටසක් කළා- රනිල් වික්‍රමසිංහ
ගූගල්, ෆේස්බුක් සහ යූ ටියුබ් වැනි ඇමරිකාවට අයත් සමාජ මාධ්‍ය සමාගම් ආණ්ඩු පෙරලා දැමීම සඳහා දේශපාලන කැලඹිලි උපයෝගී කර ගත් ආකාරය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ. නේපාලයේ පැතිර යන ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එවැනි සමාජ මාධ්‍ය වේදිකා මගින් ඉටු කරන කාර්යභාරය අවතක්සේරු නොකළ යුතු බවයි.
නේපාලයේ කත්මණ්දු නුවර තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මෑත කාලීන ප්‍රචණ්ඩත්වය හෙළා දැක ඇති අතර රට තුළ සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කරන ලෙසද ඉල්ලා සිටී.
“පළමුවෙන්ම, නේපාලයේ සිදුවී ඇති තරුණ ඝාතන ඇතුළු සියලු ආකාරයේ ඝාතන මම හෙළා දකිමි. ඒ හා සමානව, හිටපු අගමැතිගේ නිවස ගිනි තැබීම සහ හිටපු අගමැතිගේ බිරිඳ ඝාතනය කිරීම අතිශයින්ම කණගාටුදායක තත්ත්වයක්. එම ඝාතනය සම්බන්ධයෙන් මම මගේ ශෝකය ප්‍රකාශ කරමි." හිටපු ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් පවසයි.
ඇමතිවරුන්ට, විශේෂයෙන් විදේශ අමාත්‍යවරියට එල්ල කරන ලද ප්‍රහාර ඛේදවාචකයේ අඛණ්ඩ පැවැත්මක් බව හිටපු ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් පවසන කළ අතර, කාන්තා අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්, එවැනි ක්‍රියාවන් නේපාලයේ ජාත්‍යන්තර කීර්ති නාමයට කැළලක් ඇති කර ඇති බවත් අවධාරණය කළේය.
කත්මණ්දු නුවර තත්ත්වය “මෙතරම් දුර නොයා යුතුව තිබූ” බවත්, පොලිසිය විසින් වෙඩි තැබීම “පිළිගත නොහැකි ක්‍රියාමාර්ගයක්” බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. වාර්තා උපුටා දක්වමින් ඔහු සිය ප්‍රකාශය මගින් පවසන්නේ පළමු දිනයේම වෙඩි තැබීමකින් තොරව නොසන්සුන්තාව පාලනය කළ හැකිව තිබූ බවත්, එවැනි වර්ධනයන් තවදුරටත් උත්සන්න වීමේ අන්තරායන් පිළිබඳව අනතුරු ඇඟවූ බවත්ය.
ගෝලීය සමාජ මාධ්‍ය වේදිකාවල බලපෑම ද ඉස්මතු කරමින් ඔහු සිය ප්‍රකාශය මගින්,
නේපාලයේ අර්බුදය ඇති වූයේ දිගුකාලීන ගැටළු වලින් බවත්, දේශපාලනඥයන් එදිනෙදා ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරමින් දිගු කාලීන දේශපාලන අනතුර නොසලකා හරින ලද බවත් එක්සත් ජාතික පක්ෂ නායකයා තර්ක කළේය.
“දකුණු ආසියානු සම්ප්‍රදායට අනුව, උග්‍ර ගැටළු වලට විසඳුම් සොයා නොගෙන, සෑම කෙනෙකුම එදිනෙදා දේශපාලනය කෙරෙහි අවධානය යොමු කර තිබුණි. මෙය තරුණ පරම්පරාව අතර දැඩි කලකිරීමට හේතු වී තිබේ.”
මූල හේතු ආමන්ත්‍රණය කිරීම වෙනුවට සම්පූර්ණ සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට ගත් තීරණය තරුණයින් අතර පුළුල් කලකිරීමක් ඇති කර ඇති බව ඔහු සිය ප්‍රකාශය මගින් අවධාරණය කළේය.
නේපාල පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි ගිනි තැබීම දැඩි ලෙස හෙළා දකින ඔහු “නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලද මහත් අගෞරවයක්” බව අවධාරණය කළේය.
සිය ප්‍රකාශය මගින් ඔහු දැඩිව අවධාරණය කරමින් “කෙසේ වෙතත්, අවසානයේ ඉතිරි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති නේපාලයකි. රට තුළ සාමය ස්ථාපිත කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්වීම බලය භාරගත් හමුදාවේ වගකීමකි.” යනුවෙන් පවසා තිබේ.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඇති ඓතිහාසික සබඳතා සම්බන්ධයෙන් අදහස් ද්ක්වමින්, බුදුන් වහන්සේ උපන් ස්ථානය ලෙස නේපාලයට විශේෂ ස්ථානයක් හිමි වන බව ඔහු සඳහන් කළ අතර එවැනි රටක ඉවසිය නොහැකි "ම්ලේච්ඡ ක්‍රියාවන්" ලෙස ඔහු ප්‍රචණ්ඩත්වය හෙළා දුටුවේය.
"රාජ්‍ය පාලනයේ පෙන්නුම් කරන ලද නොහැකියාව ද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි සිතිය හැකිය," රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
බුදුන්ගේ ඉගැන්වීම් උපුටා දක්වමින් වික්‍රමසිංහ මහතා නේපාලයේ වත්මන් නායකයින්ගෙන් සමගියෙන් යුත් මාවතක් අනුගමනය කරන ලෙස සිය ප්‍රකාශය මගින් ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි