News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර අපරාධ අධිකරණට යටත්වීම සහ ශ‍‍්‍රී ලංකාවේ රණවිරු දඩයම ක්‍රියාත්මක වන ආකාරය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

Sep 12, 2025 at 10:03 AM
|

(ජාත්‍යන්තර අපරාධ අධිකරණට යටත්වීම සහ ශ‍‍්‍රී ලංකාවේ රණවිරු දඩයම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සති අග ජාතික පුවත්පතකට සපයා තිබූ ලිපියකි)

ජාත්‍යන්තර අපරාධ අධිකරණට යටත්වීම සහ ශ‍‍්‍රී ලංකාවේ රණවිරු දඩයම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටූර්ක් විසින් සැප්තැම්බර් 08 දින ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇත. ඔහු විසින් පසුගිය මාසයේදී ශ‍‍්‍රී ලංකාවට පැමිණ යාපනයේ චෙම්මනි ප‍‍්‍රදේශයේ සුසාන භූමියක තිබෙනවා යැයි කියන ඊනියා සමූහ මිනී වළක් ඉදිරිපිට දී මාධ්‍ය වෙත සිදුකළ ප‍‍්‍රකාශය අනුව ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සිදුකළ ඊනියා යුද අපරාධවලට අදාළව මේ වනතුරු උතුරේ ජනතාවට සාධාරණය ඉටුවී නැත. ඊට අමතරව උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂ සාමූහිකව වෝල්කර් ටූර්ක් මහතා වෙත යොමු කළ ලිපියකට අගෝස්තු මස 4 වන දින ක්ෂණිකව පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කරන්නේ එම පක්ෂවල අපේක්ෂා ඉටු කරන වාර්තාවක් තමා විසින් 60 වන සැසියට ඉදිරිපත් කරන බවය. ඊට අදාළව ශ‍‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ එකඟතාවය තමාට ලැබී ඇති බව ද ඔහු විසින් සඳහන් කරන්නට යෙදුණි.

ඒ ආකාරයට ආණ්ඩුවේ පාර්ශව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්වරයාට යම් පොරොන්දු ලබා දී ඇති බව පිළිගත හැක්කේ ශ‍‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා විසින් 60 වන මානව හිමිකම් සැසියට අදාළව පුවත්පත්වලට සිදුකළ ප‍‍්‍රකාශය අනුවය. එම ප‍‍්‍රකාශයට අනුව මෙවර ශ‍‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන්නේ ”මෘදු” යෝජනාවකි. එනම් මීට පෙර ඉදිරිපත් වූ 30/1 හෝ 46/1 වැනි ශ‍‍්‍රී ලංකාවට එරෙහිව බරපතල කොන්දේසි පැනවෙන යෝජනාවක් මෙවර ඉදිරිපත් නොවේ. ඒ මඟින් ගම්‍ය වන්නේ මෙවර ඉදිරිපත් වන යෝජනාවට ශ‍‍්‍රී ලංකාවේ රජය 2009 දී මෙන් සම අනුග‍‍්‍රහය දක්වමින් හෝ 2015 දී මෙන් ස්තුති පූර්වකව අදාළ යෝජනාව පිළිගැනීම මගින් යෝජනාවේ අඩංගු කොන්දේසි වලට ආණ්ඩුව ඒක`ගතාවය ලබාදීමට නියමිත බවය.

ඒ අනුව 60/1 යෝජනාවට ඇතුළත් වීමට නියමිත කොන්දේසි අතුරින් ප‍‍්‍රධාන කොන්දේසියක් විය හැක්කේ ශ‍‍්‍රී ලංකාව මෙතෙක් අත්සන් තබා නොමැති රෝම ප‍‍්‍රඥප්තියට අත්සන් තබා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බලාධිකාරියට ශ‍‍්‍රී ලංකාව යටත් කිරීමය. එසේ කළ යුතු බවට මේ වන විට නිකුත් කර ඇති මහකොමසාරිස් වාර්තාව මගින් අවධාරණය කර ඇති අතර ඊට අදාළව සමාජයේ යම් සංවාදයක් ද මතුවෙමින් ඇත. නමුත් ආණ්ඩුවේ පාර්ශව විසින් ඊට නිශ්චිත ප‍‍්‍රතිචාරයක් දක්වා නැත. එසේ වුවත් ආණ්ඩුව විසින් මේ වන විට දක්වා ඇති ප‍‍්‍රතිචාර අනුව එම යෝජනාවට එකඟතාවය පළකිරීමේ ප‍‍්‍රබල අවකාශයක් තිබෙන බව පිළිගැනීමට සිදුවේ. ඊට හේතුව වන්නේ සත්‍ය සෙවීමේ සහ ප‍‍්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම සහ ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීමට අදාළ නීතිමය රාමු සම්මත කරන බවට ආණ්ඩුව විසින් දැනටමත් ප‍‍්‍රතිඥාවක් ලබා දී තිබීමය.

එම නව නීති මගින් රණවිරු දඩයම සඳහා යොදා ගැනීමට නියමිත නීති 9ක් අතුරින් අවසාන සහ ඉතා බරපතල නීතිමය රාමු දෙක ක්‍‍්‍රියාත්මක වනු ඇත. මේ වන විට 2015 30/1, යෝජනාව මගින් ඇති කරගත් එකඟතාවයන්ට අනුව නීතිමය රාමු 7ක් සම්මත කර ඇත. ඊට අමතරව මහා කොමසාරිස් වාර්තාවේ අඩංගු ආකාරයට, අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවූ ඊනියා වගවීමේ ක්‍‍්‍රියාවලිය හෙවත් රණවිරු දඩයම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානම් බව හිටපු නාවික හමුදාපතිවරයකු අභූත චෝදනාවක් මත නඩු පවරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් පෙන්වා ඇත. එසේම මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු ආකාරයට ආරක්ෂක කටයුතුවලට අදාළව පවරාගත් සහ දැනට නිදහස් කර ඇති 96% පමණ වූ ඉඩම් වලට අමතරව අවශ්‍යතාවය නොතකා ඉතිරි 4% ද නිදහස් කිරීමට ආණ්ඩුව දැනටමත් එකඟතාවය පළ කර ඇත. ඒ සියල්ලට අමතරව ත‍‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ ඒ යටතේ නඩු පවරා ඇති සහ අත්අඩංගුවේ සිටින ත‍‍්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කිරීමට ද එක`ගතාවය ප‍‍්‍රකාශයට පත්වී ඇත. 

අණ්ඩුව විසින් පෙන්වන එම ප‍‍්‍රවණතාවය අනුව රෝම ප‍‍්‍රඥප්තිය අත්සන් තැබීම මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බල අධිකාරිය පිළිගැනීමට 60 වන සැසියෙදි ආණ්ඩුව විසින් එකකතාවය ප‍‍්‍රකාශ කළහොත් සිදුවන්නේ කුමක්ද? ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පිහිටුවීම සඳහා වූ රෝම ප‍‍්‍රඥප්තිය 1998 දී ඉදිරිපත් වූ අතර 2002 සිට ක්‍‍්‍රියාත්මක වේ. ඒ මගින් සාමාජික රටවල යුද අපරාධ චෝදනා, මානව සංහතියට එරෙහිව සිදුකළ අපරාධ පිළිබඳ චෝදනා සහ සමූල ඝාතන චෝදනාවලට අදාළව නඩු පවරා ආරක්ෂක හමුදා සාමාජිකයන්ට සහ අණදීමේ වගකීමට අදාළව දේශපාලන නායකයන්ට ද දඬුවම් කිරීමේ හැකියාව ඇත. රෝම ප‍‍්‍රඥප්තියට 2010 දී ඇතුළු කළ සංශෝධනයකට අනුව ්ටටරුිිසදබ හෙවත් ආරක්ෂක හමුදා ආක්‍‍්‍රමණශීලීව ක්‍රියා කිරීම යන වරදට අදාළව ද දඬුවම් කළ හැක.

මේ වන විට ලෝකයේ රටවල් 195ක් අතරින් ඊට අත්සන් තබා ඇත්තේ රටවල් 125 ක් පමණි. ඇමරිකා එක්සත් ජනපදය සෙසු රටවල් දිරිමත් කිරීම සඳහා ඊට පළමු වටයේදී අත්සන් තැබුවද පසුව 2002 දී අත්සන් සහතික නොකිරීම මගින් රෝම ප‍‍්‍රඥප්තියෙන් ඉවත්වී ජාත්‍යන්තර අපරාධ අධිකරණය තම රටවැසියන්ට අදාලව යොදා ගැනීමට ඉඩ නොතබන බව ප‍‍්‍රකාශයට පත්කරනු ලැබීය. ඊට හේතු වූයේ 1998 දී ඉරාකයට ගුවනින් බෝම්බ දැමීම මගින් ආරම්භ කළ ක්‍‍්‍රියාවලිය 2003 දී ආක්‍‍්‍රමණයක් බවට පරිවර්තනය කිරීම මගින් සිදුකරන යුද අපරාධ වලින් ගැලවීමේ අවශ්‍යතාවය බවට පසුව චෝදනා එල්ල විය. 

එම තත්ත්වය තුළ ඇමෙරිකාව ඉන්දියාව සහ ශ‍‍්‍රී ලංකාව ඇතුළු රෝම ප‍‍්‍රඥප්තියට අත්සන් නොකළ රටවල රට වැසියන්ට එරෙහිව ස්වාධීනව චෝදනා එල්ල කිරීම මගින් අපරාධ නඩු කටයුතු ආරම්භ කිරීමට බලයක්  ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නොමැත. එසේවුවත් එම රටවලට අදාළව  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් එම අධිකරණය වෙත යොමු කෙරෙන ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ සුවිශේෂී අපරාධ පිළිබඳව පමණක් ක්‍‍්‍රියාත්මක වීමේ හැකියාව ඇත. නමුත් ඒ ආකාරයට ඊශ‍‍්‍රායලයේ අගමැතිවරයෙකුට සහ ආරක්ෂක හමුදා ප‍‍්‍රධානියකුට එල්ල වූ යුද අපරාධ චෝදනාවලට අදාළව නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තු ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව එම රට විසින් විවෘතව ප‍‍්‍රකාශයට පත්කරනු ලැබීය. ඊශ‍‍්‍රායලයද ඇමෙරිකාව සේම 2002 දී රෝම ප‍‍්‍රඥප්තියෙන් ඉවත් වී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බලය පිලිනොගන්නා බව ප‍‍්‍රකාශයට පත් කළේය. 

කෙසේ වුවත් ප‍‍්‍රඥප්තියට අත්සන් නොකළ රටකට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නියමය පරිදි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ක්‍රියාත්මක විය හැක්කේ ජාත්‍යන්තර අවධානයට ලක්වූ යම් විශේෂිත යුධ අපරාධයකට පමණි. ඒ අනුව මෙතෙක් සිදු නොවූ ආකාරයට මෙවර ජාත්‍යන්තර අධිකරණය පිළිගන්නා ලෙස ශ‍‍්‍රී ලංකාවේ රජය බල කෙරෙන්නේ ”තො`ග වශයෙන්” යුධ අපරාධ චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා බව ඉතා පැහැදිලියි. ඊට හේතුව කුමක්ද යන්න 60 වන සැසියට ඉදිරිපත් වීමට නියමිත ශ‍‍්‍රී ලංකාවට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ 46/1 යෝජනාවට අදාළ වාර්තාව මගින් පැහැදිලි වනු ඇත. එම යෝජනාව මඟින් ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් සිදුකළ බවට සඳහන් වන යුද අපරාධ චෝදනා විභාග කර චෝදනා සහ සාක්ෂි ගොණු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත‍‍්‍රණයක් පිහිටුවනු ලැබීය. එම චෝදනා සහ සාක්ෂි අඩංගු වාර්තාව මෙවර සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

මහා කොමසාරිස්වරයාගේ නිල ප‍‍්‍රකාශ අනුව එම වාර්තාවේ අඩංගු චෝදනා සහ සාක්ෂි අනුව ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණ බලය අනුව විවිධ රටවලදී නඩු පැවරීම සඳහා රටවල් 29ක අභිචෝදකවරුන් සමග දැනටමත් සාකච්ඡුුා කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ එසේ විවිධ රටවල අපරාධ අධිකරණය මගින් නඩු පැවරීමට අමතරව ජාත්‍යන්තර අපරාධ අධිකරණ මගින් ද ඉහත සඳහන් කළ ආකාරයට ”තොග වශයෙන්” නඩු පැවරීමේ ක්‍‍්‍රියාවලියක් ආරම්භ කිරීමට ජාත්‍යන්තර බලවේග ක්‍‍්‍රියාත්මක වන බවය. එම තත්ත්වය තුළ රෝම ප‍‍්‍රඥප්තියට අත්සන් තබන ලෙසට ශ‍‍්‍රී ලංකාවේ ආණ්ඩුවට එල්ල වන බලපෑම් වලට යටත් වුවහොත් දැනටමත් යම් පමණකට රට තුළ ආරම්භ වී ඇති රණවිරු දඩයම් නාට්‍යය ජාත්‍යන්තර තලයේදී මහා වේදිකාවක් මත රඳ දැක්වීමට අවස්ථාව නිර්මාණය වන බව ඉතා පැහැදිලිය. 

කෙසේ වෙතත් ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශන යාන්ත‍‍්‍රණය මගින් ඉදිරිපත් කරන චෝදනා සහ සාක්ෂි මත ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට නඩු පවරා දඬුවම් කිරීම යනු ඉතා දීර්ඝ සහ කාලය ගතවන ක්‍‍්‍රියාවලියක් බවට විවාදයක්  ඇත. කම්බෝජ පාලකයින් සහ හමුදා නායකයින් තිදෙනෙකුට එරෙහි එල්ලවූ යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා පත්කළ විශේෂිත ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය මගින් චෝදනා විභාග කර තීන්දුව ලබාදීම සඳහා වසර 12 ක් ගත විය. එම නඩු වාර්තා පිටු දස දහස්  ගණනකින් සමන්විත විය. තීන්දුව ලබාදෙන විට එක් චූදියකු ස්වාභාවිකව මරණයට පත්වී තිබුණි. නමුත් ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණ බලය ක්‍‍්‍රියාත්මක වීම ආරම්භ වී වරෙන්තු නිකුත් කිරීම සහ පිටුවහල් කිරීමේ නියෝග ක්‍‍්‍රියාත්මක කිරීම යන ක්‍‍්‍රියාවලිය ආරම්භ කිරීම සමග රට තුළ මහා ආන්දෝලනයක් ඇතිවන බවට සැකයක් නැත. විශේෂයෙන්ම දැනටමත් ඊට පහසුකම් සලසන පනත් දෙකක් එනම් පිටුවහල් කිරීමේ සාංශෝධන පනත සහ අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතා පනත් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සම්මත කර තිබෙන බැවින් තත්ත්වය වඩා බරපතළ වනු ඇත. 

එසේ වුවත් ඒ ආකාරයට මහා පරිමාණ ජාත්‍යන්තර ක්‍‍්‍රියාවලියක් ආරම්භ කිරීම මගින් ශ‍‍්‍රී ලංකාවේ ආණ්ඩුව බිය ගැන්වීම සඳහා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් ජාත්‍යන්තර ආයතන පද්ධතිය යොදා ගනිමින් දියත් කෙරෙන මෙහෙයුමේ අවසාන අරමුණ එම ප‍‍්‍රතිඵලය පමණක් නොවන බව ඉතා පැහැදිලිය. ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම, පිටුවහල් කිරීම හෝ වසර ගණනාවක් නඩු අසා ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන් පිරිසකට දඬුවම් කිරීම යනු බෙදුම්වාදී බලවේග වල අවසාන අපේක්ෂාව නොවන බව ද ඉතා පැහැදිළිය. දැනටමත් ෂගඡුුගන්‍ගඡුු නැමති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය විසින් ලැයිස්තු ගතකර ඇති ආරක්ෂක හමුදා ප‍‍්‍රධානීන් 58 දෙනකු එසේ දුකට පත් කිරීම මගින් බෙදුම්වාදී බලවේග බලවත් සතුටට පත්වන බවට ද විවාදයක් නැත. එසේම ඒ මගින් දැනට සේවයේ නියුක්ත හමුදා ප‍‍්‍රධානීන්ට අනාගතයේ දී ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට අදාලව මානසික බාධක පැනවීම ද ප‍‍්‍රබල අපේක්ෂාවක් බවට විවාදයක් නැත. 

නමුත් ඒ මහා ක්‍රියාවලිය තුළ බෙදුම්වාදීන්ගේ අවසාන අපේක්ෂාව වන්නේ බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම පසුකිරීම සඳහා තත්ත්වය නිර්මාණය කිරීම බව ඉතා පැහැදිලි සත්‍යයකි. රණවිරුවන් දඩයම් කිරීම මගින් ආරක්ෂක හමුදාවලට මානසික බාධක පැනවීම සහ සමස්තයක් ලෙස හමුදාව දුර්වල කිරීම සහ දුර්මුඛ කිරීම යනු ඊට අදාළ මූලික පූර්ව කොන්දේසියකි. දෙවන කොන්දේසිය වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට එකඟවීම සහ රට තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට නීතිමය වාතාවරණය සකස් කිරීමය. ඒ අනුව රෝම ප‍‍්‍රඥප්තිය අත්සන් කිරීමට අමතරව සත්‍යසෙවීමේ කොමිසම පනත් සහ අභිචෝදන කාර්යාල පනත සම්මත කිරීමටද ආණ්ඩුවට බලකෙරෙනු ඇත. සත්‍ය සෙවීමේ කොමිෂන් පනත මගින් රට තුළ සිටිමින් ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ විවර වෙන අතර අභිචෝදක කාර්යාල පනත මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට අවකාශය සැලසේ. ඒ අනුව ශ‍‍්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් දියත් කර තිබෙන මහා ක්‍රියාන්විතය 60/1 යෝජනාව මගින් කූඨප්‍රාප්තියට පත්වනු ඇත. 

එම ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලිය නැමති කෙවිට පෙන්වා ස්ව කැමැත්තෙන් තොණ්ඩුව බෙල්ලට දමා ගැනීමට ආණ්ඩුවට බලකෙරෙනු ඇත. ඉන්පසුව කෙවිට වනමින් තවදුරටත් තොණ්ඩුව හිරකර ගැනීමට ආණ්ඩුවට බලකෙරෙනු ඇත. ඒ මහා පාවාදීමේ ක්‍‍්‍රියාලියේ ආණ්ඩුවට ගැළවිය හැක්කේ යුධ අපරාධ චෝදනාවලට පිළිතුරු බැදීමට අවස්ථාව ඉල්ලා ඊට ශ‍‍්‍රී ලංකාවට හිතවාදී රටවල සහය ලබාගැනීම සඳහා සහ ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන යාන්ත‍‍්‍රණය එක්සත් ජාතීන්ගේ ප‍‍්‍රඥප්තියට පටහැනි බවට නීතිමය සහ කරුණුමය සාක්ෂි ඉදිරිපත් කිරීම මගින් පමණි.  

වෛද්‍ය වසන්ත බණ්ඩාර,

මහ ලේකම්,

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.