News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර අපරාධ අධිකරණට යටත්වීම සහ ශ‍‍්‍රී ලංකාවේ රණවිරු දඩයම ක්‍රියාත්මක වන ආකාරය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

Sep 12, 2025 at 10:03 AM
|

(ජාත්‍යන්තර අපරාධ අධිකරණට යටත්වීම සහ ශ‍‍්‍රී ලංකාවේ රණවිරු දඩයම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සති අග ජාතික පුවත්පතකට සපයා තිබූ ලිපියකි)

ජාත්‍යන්තර අපරාධ අධිකරණට යටත්වීම සහ ශ‍‍්‍රී ලංකාවේ රණවිරු දඩයම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටූර්ක් විසින් සැප්තැම්බර් 08 දින ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇත. ඔහු විසින් පසුගිය මාසයේදී ශ‍‍්‍රී ලංකාවට පැමිණ යාපනයේ චෙම්මනි ප‍‍්‍රදේශයේ සුසාන භූමියක තිබෙනවා යැයි කියන ඊනියා සමූහ මිනී වළක් ඉදිරිපිට දී මාධ්‍ය වෙත සිදුකළ ප‍‍්‍රකාශය අනුව ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සිදුකළ ඊනියා යුද අපරාධවලට අදාළව මේ වනතුරු උතුරේ ජනතාවට සාධාරණය ඉටුවී නැත. ඊට අමතරව උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂ සාමූහිකව වෝල්කර් ටූර්ක් මහතා වෙත යොමු කළ ලිපියකට අගෝස්තු මස 4 වන දින ක්ෂණිකව පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කරන්නේ එම පක්ෂවල අපේක්ෂා ඉටු කරන වාර්තාවක් තමා විසින් 60 වන සැසියට ඉදිරිපත් කරන බවය. ඊට අදාළව ශ‍‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ එකඟතාවය තමාට ලැබී ඇති බව ද ඔහු විසින් සඳහන් කරන්නට යෙදුණි.

ඒ ආකාරයට ආණ්ඩුවේ පාර්ශව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්වරයාට යම් පොරොන්දු ලබා දී ඇති බව පිළිගත හැක්කේ ශ‍‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා විසින් 60 වන මානව හිමිකම් සැසියට අදාළව පුවත්පත්වලට සිදුකළ ප‍‍්‍රකාශය අනුවය. එම ප‍‍්‍රකාශයට අනුව මෙවර ශ‍‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන්නේ ”මෘදු” යෝජනාවකි. එනම් මීට පෙර ඉදිරිපත් වූ 30/1 හෝ 46/1 වැනි ශ‍‍්‍රී ලංකාවට එරෙහිව බරපතල කොන්දේසි පැනවෙන යෝජනාවක් මෙවර ඉදිරිපත් නොවේ. ඒ මඟින් ගම්‍ය වන්නේ මෙවර ඉදිරිපත් වන යෝජනාවට ශ‍‍්‍රී ලංකාවේ රජය 2009 දී මෙන් සම අනුග‍‍්‍රහය දක්වමින් හෝ 2015 දී මෙන් ස්තුති පූර්වකව අදාළ යෝජනාව පිළිගැනීම මගින් යෝජනාවේ අඩංගු කොන්දේසි වලට ආණ්ඩුව ඒක`ගතාවය ලබාදීමට නියමිත බවය.

ඒ අනුව 60/1 යෝජනාවට ඇතුළත් වීමට නියමිත කොන්දේසි අතුරින් ප‍‍්‍රධාන කොන්දේසියක් විය හැක්කේ ශ‍‍්‍රී ලංකාව මෙතෙක් අත්සන් තබා නොමැති රෝම ප‍‍්‍රඥප්තියට අත්සන් තබා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බලාධිකාරියට ශ‍‍්‍රී ලංකාව යටත් කිරීමය. එසේ කළ යුතු බවට මේ වන විට නිකුත් කර ඇති මහකොමසාරිස් වාර්තාව මගින් අවධාරණය කර ඇති අතර ඊට අදාළව සමාජයේ යම් සංවාදයක් ද මතුවෙමින් ඇත. නමුත් ආණ්ඩුවේ පාර්ශව විසින් ඊට නිශ්චිත ප‍‍්‍රතිචාරයක් දක්වා නැත. එසේ වුවත් ආණ්ඩුව විසින් මේ වන විට දක්වා ඇති ප‍‍්‍රතිචාර අනුව එම යෝජනාවට එකඟතාවය පළකිරීමේ ප‍‍්‍රබල අවකාශයක් තිබෙන බව පිළිගැනීමට සිදුවේ. ඊට හේතුව වන්නේ සත්‍ය සෙවීමේ සහ ප‍‍්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම සහ ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීමට අදාළ නීතිමය රාමු සම්මත කරන බවට ආණ්ඩුව විසින් දැනටමත් ප‍‍්‍රතිඥාවක් ලබා දී තිබීමය.

එම නව නීති මගින් රණවිරු දඩයම සඳහා යොදා ගැනීමට නියමිත නීති 9ක් අතුරින් අවසාන සහ ඉතා බරපතල නීතිමය රාමු දෙක ක්‍‍්‍රියාත්මක වනු ඇත. මේ වන විට 2015 30/1, යෝජනාව මගින් ඇති කරගත් එකඟතාවයන්ට අනුව නීතිමය රාමු 7ක් සම්මත කර ඇත. ඊට අමතරව මහා කොමසාරිස් වාර්තාවේ අඩංගු ආකාරයට, අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවූ ඊනියා වගවීමේ ක්‍‍්‍රියාවලිය හෙවත් රණවිරු දඩයම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානම් බව හිටපු නාවික හමුදාපතිවරයකු අභූත චෝදනාවක් මත නඩු පවරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් පෙන්වා ඇත. එසේම මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු ආකාරයට ආරක්ෂක කටයුතුවලට අදාළව පවරාගත් සහ දැනට නිදහස් කර ඇති 96% පමණ වූ ඉඩම් වලට අමතරව අවශ්‍යතාවය නොතකා ඉතිරි 4% ද නිදහස් කිරීමට ආණ්ඩුව දැනටමත් එකඟතාවය පළ කර ඇත. ඒ සියල්ලට අමතරව ත‍‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ ඒ යටතේ නඩු පවරා ඇති සහ අත්අඩංගුවේ සිටින ත‍‍්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කිරීමට ද එක`ගතාවය ප‍‍්‍රකාශයට පත්වී ඇත. 

අණ්ඩුව විසින් පෙන්වන එම ප‍‍්‍රවණතාවය අනුව රෝම ප‍‍්‍රඥප්තිය අත්සන් තැබීම මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බල අධිකාරිය පිළිගැනීමට 60 වන සැසියෙදි ආණ්ඩුව විසින් එකකතාවය ප‍‍්‍රකාශ කළහොත් සිදුවන්නේ කුමක්ද? ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පිහිටුවීම සඳහා වූ රෝම ප‍‍්‍රඥප්තිය 1998 දී ඉදිරිපත් වූ අතර 2002 සිට ක්‍‍්‍රියාත්මක වේ. ඒ මගින් සාමාජික රටවල යුද අපරාධ චෝදනා, මානව සංහතියට එරෙහිව සිදුකළ අපරාධ පිළිබඳ චෝදනා සහ සමූල ඝාතන චෝදනාවලට අදාළව නඩු පවරා ආරක්ෂක හමුදා සාමාජිකයන්ට සහ අණදීමේ වගකීමට අදාළව දේශපාලන නායකයන්ට ද දඬුවම් කිරීමේ හැකියාව ඇත. රෝම ප‍‍්‍රඥප්තියට 2010 දී ඇතුළු කළ සංශෝධනයකට අනුව ්ටටරුිිසදබ හෙවත් ආරක්ෂක හමුදා ආක්‍‍්‍රමණශීලීව ක්‍රියා කිරීම යන වරදට අදාළව ද දඬුවම් කළ හැක.

මේ වන විට ලෝකයේ රටවල් 195ක් අතරින් ඊට අත්සන් තබා ඇත්තේ රටවල් 125 ක් පමණි. ඇමරිකා එක්සත් ජනපදය සෙසු රටවල් දිරිමත් කිරීම සඳහා ඊට පළමු වටයේදී අත්සන් තැබුවද පසුව 2002 දී අත්සන් සහතික නොකිරීම මගින් රෝම ප‍‍්‍රඥප්තියෙන් ඉවත්වී ජාත්‍යන්තර අපරාධ අධිකරණය තම රටවැසියන්ට අදාලව යොදා ගැනීමට ඉඩ නොතබන බව ප‍‍්‍රකාශයට පත්කරනු ලැබීය. ඊට හේතු වූයේ 1998 දී ඉරාකයට ගුවනින් බෝම්බ දැමීම මගින් ආරම්භ කළ ක්‍‍්‍රියාවලිය 2003 දී ආක්‍‍්‍රමණයක් බවට පරිවර්තනය කිරීම මගින් සිදුකරන යුද අපරාධ වලින් ගැලවීමේ අවශ්‍යතාවය බවට පසුව චෝදනා එල්ල විය. 

එම තත්ත්වය තුළ ඇමෙරිකාව ඉන්දියාව සහ ශ‍‍්‍රී ලංකාව ඇතුළු රෝම ප‍‍්‍රඥප්තියට අත්සන් නොකළ රටවල රට වැසියන්ට එරෙහිව ස්වාධීනව චෝදනා එල්ල කිරීම මගින් අපරාධ නඩු කටයුතු ආරම්භ කිරීමට බලයක්  ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නොමැත. එසේවුවත් එම රටවලට අදාළව  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් එම අධිකරණය වෙත යොමු කෙරෙන ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ සුවිශේෂී අපරාධ පිළිබඳව පමණක් ක්‍‍්‍රියාත්මක වීමේ හැකියාව ඇත. නමුත් ඒ ආකාරයට ඊශ‍‍්‍රායලයේ අගමැතිවරයෙකුට සහ ආරක්ෂක හමුදා ප‍‍්‍රධානියකුට එල්ල වූ යුද අපරාධ චෝදනාවලට අදාළව නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තු ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව එම රට විසින් විවෘතව ප‍‍්‍රකාශයට පත්කරනු ලැබීය. ඊශ‍‍්‍රායලයද ඇමෙරිකාව සේම 2002 දී රෝම ප‍‍්‍රඥප්තියෙන් ඉවත් වී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බලය පිලිනොගන්නා බව ප‍‍්‍රකාශයට පත් කළේය. 

කෙසේ වුවත් ප‍‍්‍රඥප්තියට අත්සන් නොකළ රටකට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නියමය පරිදි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ක්‍රියාත්මක විය හැක්කේ ජාත්‍යන්තර අවධානයට ලක්වූ යම් විශේෂිත යුධ අපරාධයකට පමණි. ඒ අනුව මෙතෙක් සිදු නොවූ ආකාරයට මෙවර ජාත්‍යන්තර අධිකරණය පිළිගන්නා ලෙස ශ‍‍්‍රී ලංකාවේ රජය බල කෙරෙන්නේ ”තො`ග වශයෙන්” යුධ අපරාධ චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා බව ඉතා පැහැදිලියි. ඊට හේතුව කුමක්ද යන්න 60 වන සැසියට ඉදිරිපත් වීමට නියමිත ශ‍‍්‍රී ලංකාවට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ 46/1 යෝජනාවට අදාළ වාර්තාව මගින් පැහැදිලි වනු ඇත. එම යෝජනාව මඟින් ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් සිදුකළ බවට සඳහන් වන යුද අපරාධ චෝදනා විභාග කර චෝදනා සහ සාක්ෂි ගොණු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත‍‍්‍රණයක් පිහිටුවනු ලැබීය. එම චෝදනා සහ සාක්ෂි අඩංගු වාර්තාව මෙවර සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

මහා කොමසාරිස්වරයාගේ නිල ප‍‍්‍රකාශ අනුව එම වාර්තාවේ අඩංගු චෝදනා සහ සාක්ෂි අනුව ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණ බලය අනුව විවිධ රටවලදී නඩු පැවරීම සඳහා රටවල් 29ක අභිචෝදකවරුන් සමග දැනටමත් සාකච්ඡුුා කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ එසේ විවිධ රටවල අපරාධ අධිකරණය මගින් නඩු පැවරීමට අමතරව ජාත්‍යන්තර අපරාධ අධිකරණ මගින් ද ඉහත සඳහන් කළ ආකාරයට ”තොග වශයෙන්” නඩු පැවරීමේ ක්‍‍්‍රියාවලියක් ආරම්භ කිරීමට ජාත්‍යන්තර බලවේග ක්‍‍්‍රියාත්මක වන බවය. එම තත්ත්වය තුළ රෝම ප‍‍්‍රඥප්තියට අත්සන් තබන ලෙසට ශ‍‍්‍රී ලංකාවේ ආණ්ඩුවට එල්ල වන බලපෑම් වලට යටත් වුවහොත් දැනටමත් යම් පමණකට රට තුළ ආරම්භ වී ඇති රණවිරු දඩයම් නාට්‍යය ජාත්‍යන්තර තලයේදී මහා වේදිකාවක් මත රඳ දැක්වීමට අවස්ථාව නිර්මාණය වන බව ඉතා පැහැදිලිය. 

කෙසේ වෙතත් ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශන යාන්ත‍‍්‍රණය මගින් ඉදිරිපත් කරන චෝදනා සහ සාක්ෂි මත ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට නඩු පවරා දඬුවම් කිරීම යනු ඉතා දීර්ඝ සහ කාලය ගතවන ක්‍‍්‍රියාවලියක් බවට විවාදයක්  ඇත. කම්බෝජ පාලකයින් සහ හමුදා නායකයින් තිදෙනෙකුට එරෙහි එල්ලවූ යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා පත්කළ විශේෂිත ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය මගින් චෝදනා විභාග කර තීන්දුව ලබාදීම සඳහා වසර 12 ක් ගත විය. එම නඩු වාර්තා පිටු දස දහස්  ගණනකින් සමන්විත විය. තීන්දුව ලබාදෙන විට එක් චූදියකු ස්වාභාවිකව මරණයට පත්වී තිබුණි. නමුත් ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණ බලය ක්‍‍්‍රියාත්මක වීම ආරම්භ වී වරෙන්තු නිකුත් කිරීම සහ පිටුවහල් කිරීමේ නියෝග ක්‍‍්‍රියාත්මක කිරීම යන ක්‍‍්‍රියාවලිය ආරම්භ කිරීම සමග රට තුළ මහා ආන්දෝලනයක් ඇතිවන බවට සැකයක් නැත. විශේෂයෙන්ම දැනටමත් ඊට පහසුකම් සලසන පනත් දෙකක් එනම් පිටුවහල් කිරීමේ සාංශෝධන පනත සහ අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතා පනත් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සම්මත කර තිබෙන බැවින් තත්ත්වය වඩා බරපතළ වනු ඇත. 

එසේ වුවත් ඒ ආකාරයට මහා පරිමාණ ජාත්‍යන්තර ක්‍‍්‍රියාවලියක් ආරම්භ කිරීම මගින් ශ‍‍්‍රී ලංකාවේ ආණ්ඩුව බිය ගැන්වීම සඳහා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් ජාත්‍යන්තර ආයතන පද්ධතිය යොදා ගනිමින් දියත් කෙරෙන මෙහෙයුමේ අවසාන අරමුණ එම ප‍‍්‍රතිඵලය පමණක් නොවන බව ඉතා පැහැදිලිය. ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම, පිටුවහල් කිරීම හෝ වසර ගණනාවක් නඩු අසා ශ‍‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන් පිරිසකට දඬුවම් කිරීම යනු බෙදුම්වාදී බලවේග වල අවසාන අපේක්ෂාව නොවන බව ද ඉතා පැහැදිළිය. දැනටමත් ෂගඡුුගන්‍ගඡුු නැමති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය විසින් ලැයිස්තු ගතකර ඇති ආරක්ෂක හමුදා ප‍‍්‍රධානීන් 58 දෙනකු එසේ දුකට පත් කිරීම මගින් බෙදුම්වාදී බලවේග බලවත් සතුටට පත්වන බවට ද විවාදයක් නැත. එසේම ඒ මගින් දැනට සේවයේ නියුක්ත හමුදා ප‍‍්‍රධානීන්ට අනාගතයේ දී ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට අදාලව මානසික බාධක පැනවීම ද ප‍‍්‍රබල අපේක්ෂාවක් බවට විවාදයක් නැත. 

නමුත් ඒ මහා ක්‍රියාවලිය තුළ බෙදුම්වාදීන්ගේ අවසාන අපේක්ෂාව වන්නේ බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම පසුකිරීම සඳහා තත්ත්වය නිර්මාණය කිරීම බව ඉතා පැහැදිලි සත්‍යයකි. රණවිරුවන් දඩයම් කිරීම මගින් ආරක්ෂක හමුදාවලට මානසික බාධක පැනවීම සහ සමස්තයක් ලෙස හමුදාව දුර්වල කිරීම සහ දුර්මුඛ කිරීම යනු ඊට අදාළ මූලික පූර්ව කොන්දේසියකි. දෙවන කොන්දේසිය වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට එකඟවීම සහ රට තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට නීතිමය වාතාවරණය සකස් කිරීමය. ඒ අනුව රෝම ප‍‍්‍රඥප්තිය අත්සන් කිරීමට අමතරව සත්‍යසෙවීමේ කොමිසම පනත් සහ අභිචෝදන කාර්යාල පනත සම්මත කිරීමටද ආණ්ඩුවට බලකෙරෙනු ඇත. සත්‍ය සෙවීමේ කොමිෂන් පනත මගින් රට තුළ සිටිමින් ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ විවර වෙන අතර අභිචෝදක කාර්යාල පනත මගින් ජාත්‍යන්තර අපරාධ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට අවකාශය සැලසේ. ඒ අනුව ශ‍‍්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් දියත් කර තිබෙන මහා ක්‍රියාන්විතය 60/1 යෝජනාව මගින් කූඨප්‍රාප්තියට පත්වනු ඇත. 

එම ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලිය නැමති කෙවිට පෙන්වා ස්ව කැමැත්තෙන් තොණ්ඩුව බෙල්ලට දමා ගැනීමට ආණ්ඩුවට බලකෙරෙනු ඇත. ඉන්පසුව කෙවිට වනමින් තවදුරටත් තොණ්ඩුව හිරකර ගැනීමට ආණ්ඩුවට බලකෙරෙනු ඇත. ඒ මහා පාවාදීමේ ක්‍‍්‍රියාලියේ ආණ්ඩුවට ගැළවිය හැක්කේ යුධ අපරාධ චෝදනාවලට පිළිතුරු බැදීමට අවස්ථාව ඉල්ලා ඊට ශ‍‍්‍රී ලංකාවට හිතවාදී රටවල සහය ලබාගැනීම සඳහා සහ ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන යාන්ත‍‍්‍රණය එක්සත් ජාතීන්ගේ ප‍‍්‍රඥප්තියට පටහැනි බවට නීතිමය සහ කරුණුමය සාක්ෂි ඉදිරිපත් කිරීම මගින් පමණි.  

වෛද්‍ය වසන්ත බණ්ඩාර,

මහ ලේකම්,

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
යම් සංවිධානයක් විසින් තමන්ට වෙනම රටක් අවශ්‍ය බවට මතයක් ඉදිරිපත් කළ හොත් අලුතෙන් ගෙනවිත් ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් පවසන කතාවක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.