වරප්‍රසාද අහිමි වීමත් සමඟ මහින්ද රාජපක්ෂ නව නිවසක් සොයමින් සිටී.. වරප්‍රසාද අහිමිවූ මහින්දට ජනතාව සහ භික්ෂූන් වහන්සේලා ආචාර කරති.. Tamil guardian මහින්ද නිල නිවසින් ඉවත්වීම වර්තා කළ හැටි මෙන්න..
ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයන්ට රාජ්‍ය අරමුදල්වලින් සැපයූ නිල නිවාස ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීමට පාර්ලිමේන්තුව විශාල බහුතරයකින් ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ, විශ්වාසනීය ලෙස යුද අපරාධ චෝදනාවට ලක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ නව නිවසක් සොයා ගැනීමට සිදුව ඇතැයි Tamil guardian වාර්තා කරයි.
“ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද (අහෝසි කිරීමේ) පනත් කෙටුම්පත” මෙම සතියේදී ඡන්ද 151 ට එකක් ලෙස සම්මත වූ අතර, කථානායක ජගත් වික්‍රමරත්න මහතා එය 2025 අංක 18 දරන ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද (අහෝසි කිරීමේ) පනත ලෙස සහතික කළේය.
මෙම නව නීතිය මගින් 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පනත අවලංගු කරන අතර, හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා දීමනා, ප්‍රවාහන පහසුකම්, ලේකම් ආධාර සහ නිල නිවාස අහෝසි කරයි.
විජේරාම මාවතේ පිහිටි විශාල නිල නිවසක පදිංචිව සිටි රාජපක්ෂ මහතාට දැන් එම දේපල ඉවත් කිරීමට සිදුවනු ඇත. ඔහුගේ සමීප ආරංචි මාර්ග තහවුරු කළේ, ඔහුගේ ආධාරකරුවන් “ඔහුගේ පොදු කටයුතු සඳහා ප්‍රමාණවත් ඉඩකඩ සහිත” කොළඹ නව නිවසක් සෙවීමට පටන් ගෙන ඇති බව යයිද වාර්තාවේ දැක්වෙයි.
අදාළ වාර්තාවල සබැඳි පහළින්..
https://tamilguardian.com/content/rajapaksa-forced-hunt-new-home-perks-ex-presidents-abolished
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි