News Category
From Date
To Date
Maximum Number of Result

බහාලුම් 323 පරීක්‍ෂා කලේ නැති වුනාට මිද්දෙනියේ බහාලුම් දෙක හොදට පරීක්‍ෂා කරලයි යැවුවේ - රේගු අධ්‍යක්‍ෂ (වීඩියෝ)

Sep 12, 2025 at 06:49 AM
|

මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අයිස් නිෂ්පාදන අමුද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන බහාලුම් දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

මෙම බහාලුම්, මීට පෙර නිදහස් කෙරුණු ප්‍රශ්නගත කන්ටේනර් 323 සමඟ සම්බන්ධ නොවන බවත්, ඒවා පරීක්ෂා කර නීත්‍යානුකූලව මුදා හැර ඇති බවත් ඔහු දෙරණ නාලිකාවේදී අවධාරණය කලේය.

බොහෝ පිරිසක් චෝදනා කරන්නේ මීට පෙර වරායෙන් නිදහස් කෙරුණු ප්‍රශ්නගත කන්ටේනර් 323 අතරට මෙම බහාලුම් දෙක අයත්ද යන්න පිළිබඳවය.

කෙසේ වෙතත්, පුංචිහේවා මහතා පැහැදිලි කරන්නේ, එම කන්ටේනර් 323 පරීක්ෂා නොකර යවන ලද ඒවා වන අතර, මෙම බහාලුම් දෙක පරීක්ෂා කර මුදා හැර ඇති බැවින් ඒවා එකට සම්බන්ධ කළ නොහැකි බවයි. පොලීසියද සඳහන් කර ඇත්තේ එම 323 අතර මෙම බහාලුම් දෙක නොතිබූ බවය.

මෙම බහාලුම් දෙක 2024 දෙසැම්බර් මාසයේ පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මාස කිහිපයක් නිෂ්කාශනය නොවී තිබී ඇත. මුලින්ම ආනයනකරු ලෙස සඳහන් ආයතනය එය තමන්ගේ නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු, තොරතුරු අනුව කිහිප වතාවක්ම හිමිකාරිත්වය මාරු වී ඇති බව වාර්තා වේ. අවසානයේ මෙම වසරේ ජනවාරි මාසය අවසානයේ පමණ මේවා නිෂ්කාශනය කරගෙන තිබේ.

නිෂ්කාශනය කරන අවස්ථාවේදී මෙම බහාලුම් පරීක්ෂා කර ඇති බවත්, එම පරීක්ෂාව සියුම් ලෙස සිදු කර ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. වාර්තාවල සඳහන් වී ඇත්තේ භාණ්ඩය “ටැල්ක් පවුඩර්” (talc powder) සහ “ටැල්ක් ස්ටෝන්” (talc stone) ලෙසයි. මෙය විවිධ කර්මාන්ත සඳහා භාවිතා කරන, සාමාන්‍යයෙන් ආනයනය කරන භාණ්ඩයක් වන බවත්, ළදරු පවුඩර්, තීන්ත, පොලිෂ් වැනි දේ සඳහා යොදා ගන්නා බවත් ඔහු පෙන්වා දෙයි.

ප්‍රශ්නය වන්නේ පරීක්ෂාව නිසි ලෙස සිදු වූවාද යන්න බව පුංචිහේවා මහතා පවසයි.

දැනට, මෙම රසායනිකය කුමක්ද යන්න පිළිබඳව ඔහුට තවමත් නිශ්චිතව කිව නොහැකිය. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ වරාය පාලන අංශය එක්ව මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇත. ඔවුන් ජාත්‍යන්තර සංවිධානයක් වන UNODC සමඟ කෙලින්ම වැඩ කරන ශාඛාවන්ය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (NDDCB) රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් ලැබෙන තෙක් ඔවුන් බලා සිටින බව වරාය පාලන අංශය දැනුම් දී ඇත. එම වාර්තාව ලැබුණු පසු සම්පූර්ණ වාර්තාව අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කරන අතර එහි පිටපතක් තමාටද ලැබෙනු ඇති බව අධ්‍යක්ෂවරයා පවසයි.

කෙසේ වෙතත්, පරීක්ෂා කිරීමේදී නිලධාරීන් මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට භාවිතා කරන ටෙස්ට් කට්ටලයට මෙම ද්‍රව්‍යය ප්‍රතිචාර නොදැක්වූ බව ඔවුන් දැනුම් දී ඇත.

ටැල්ක් පවුඩර් සඳහා නියමිත බදු ප්‍රමාණය රජයට ගෙවා ඇති බව වාර්තා වේ. තවද, භාණ්ඩයේ ප්‍රකාශිත වටිනාකම සාමාන්‍ය නිර්ණායකයන්ට වඩා අඩු බැවින්, එය තක්සේරුවකට ලක් කර අමතර බද්දක්ද අය කරගෙන ඇත.

මෙම පරීක්ෂණය සඳහා රේගුවට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයද සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ද පරීක්ෂා කිරීමෙන් පසු නිදහස් කිරීමට විරෝධයක් නොමැති බව ලිඛිතව ලබාගෙන ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

පුංචිහේවා මහතා පෞද්ගලිකව උපකල්පනයක් ඉදිරිපත් කරමින් පවසන්නේ, ටැල්ක් ස්ටෝන් යනු සැහැල්ලු සහ සවිවර ගලක් බැවින්, ඒ තුළට වෙනත් යමක් අවශෝෂණය කර තිබුණාද යන්න විමසා බැලිය යුතු බවයි. කෙසේ වෙතත්, මෙය ඔහුගේ පෞද්ගලික උපකල්පනයක් බව ඔහු අවධාරණය කරයි. රසායනාගාර වාර්තාව ලැබුණු පසු සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත.

සම්බන්ධිත පුවත් | Related News

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් එළැඹෙන 23 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (11) නොතීසියක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව හිමිව ඇති බවට ව්‍යාජ නිල ලේඛන සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි 'බී' වාර්තාව හෝ පසු වාර්තා මඟින් අනාවරණය වී නොමැති බව පවසමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.