ආරක්‍ෂක ලේකම්ගේ නඩුව අත්හිටුවයි..
2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (සැප්: 04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලිණි.
පෙත්සම්රු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන පෙරේරාගේ උපදෙස් මත නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, 2023 වසරේ ඔක්තෝබර් මස සිදුවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව වැල්ලවත්ත පොලීසිය විසින් බීමත්ව රිය පැදවීම ඇතුළු රථවාහන වැරදි යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබූ බව ය.
ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැරුණු බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
ඉන් අනතුරුව තම සේවාදායකයාට එරෙහිව බීමත්ව රිය පැදවීම යන චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්න ද, නීතිපතිවරයා එවැනි උපදෙසක් අධිකරණයට එවා නොමැති නිසා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කර තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.
මහේස්ත්‍රාත්වරියගේ එම ක්‍රියා කලාපය වැරදිසහගත බවත් මේ තුළින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
ඒ අනුව, මෙම නඩුව වෙනත් අධිකරණයට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු, පෙත්සම් විභාගය අවසන් වන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියම කළ අතර, විරෝධතා තිබේ නම් ඒවා ලබන 23 වන දා ඉදිරිපත් කරන ලෙසත් නියම කළේ ය.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 25 වන දා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේ ය.
BBC
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..