News Category
From Date
To Date
Maximum Number of Result

ඕස්ට්‍රේලියාවේ ෆැසිස්ට් පාගමන් පිටුපස ඇත්තේ කුමක්ද?-ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ (CPA) ශාඛා නියෝජ්‍ය ලේකම්, A Carruthers ගේ විග්‍රහය

Sep 4, 2025 at 04:11 PM
|

ඕස්ට්‍රේලියානු ජන සමාජය පරස්පර විරෝධීතාවන්ගෙන් පිරී පවතින මිනිස් සමාජයකි.  තවමත් බොහෝ දෙනෙක් "පදිංචිකරුවන්ගේ ජනපදයක්" ලෙස ඕස්ට්‍රේලියාව හඳුන්වනු ලබයි. එහෙත් ගෝලීය දකුණේ ජනතාව ඕස්ට්‍රේලියාව  "අධිරාජ්‍යවාදය" විසින් යටත් කර ඇති රටක් ලෙස හඳුන්වයි.  කෙසේ වුවද ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ(Communist Party of Australia-CPA)දැක්මට අනුව ඕස්ට්‍රේලියාව අධිරාජ්‍යවාදය විසින් "යටත් කර" ඇති රටක් බව පැවසීම කළ නොහැක. මක් නිසාද යත් ඕස්ට්‍රේලියාව ස්ව කැමැත්තෙන්ම අධිරාජ්‍යවාදී රටක් වන බැවිනි. එනම් එය "බටහිර" සන්ධානයේම කොටසකි. සමහරුන්ට අනුව ඕස්ට්‍රේලියාව යනු "උප-අධිරාජ්‍ය" වන අතර බටහිර බලවතුන් වෙනුවෙන් "ෂෙරිෆ් වරයෙකු" යටතේ පාලනය වන රටකි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් දහඅටවන සියවසේදී ඕස්ට්‍රේලියානු යටත් විජිතය නිර්මාණය කිරීමට උත්සාහ කළේ ඔවුන්ට පැසිෆික් සාගරයේ භූ උපායමාර්ගික මුරපොලක් අවශ්‍ය වූ බැවිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයවාදීන්ට අවශ්‍ය වූ දේ අද ඉෂ්ඨ වී ඇත.

බටහිර සඳහා "උප-අධිරාජ්‍ය ෂෙරිෆ්" ලෙස ඕස්ට්‍රේලියාව රඟ දක්වන  භූමිකාව හෙවත් මෙම බාහිර ගැටළුව එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවලින් වෙන් කර ගත හැක්කක් නොවේ. ඕස්ට්‍රේලියානු පාලන තන්ත්‍රය ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ කරමින් පලස්තීනයට එරෙහිව ජන සංහාරයට අරමුදල් සපයන ආකාරයටම, එය තමන්ගේම ජනතාවගේ ජීවිත කාලකණ්ණිභාවයට ඇද දැමීමටද කටයුතු කරයි. ධනවාදී ඕස්ට්‍රේලියාව වැඩ කරන ජනතාවට ජීවත් වීමට පහසු ස්ථානයක් නොවේ.  පළමු ජාතීන්ගේ ජනතාව(බොහෝ ඕස්ට්‍රේලියානු දත්ත එකතු කිරීම් වලදී, පළමු ජාතීන්ගේ ජනතාව ලෙස තමන්ව හඳුනා ගත් හෝ නියෝජිතයෙකු විසින් -උදාහරණයක් ලෙස, ඔවුන්ගේ දෙමාපියන් හෝ භාරකරු- හඳුනාගෙන ඇති පුද්ගලයින් ආදිවාසී සහ/හෝ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් සම්භවයක් ඇති අය හඳුන්වයි.) දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. ඕස්ට්‍රේලියාව තුළ දැඩි නිවාස අර්බුදයක් පවතී. එනම් සාමාන්‍ය නිවසක කුලිය සතියකට ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 දක්වා ඉහළ යමින් පවතින අතර නිවසක් විකිණීමේ මිළ සාමාන්‍යයෙන් ඩොලර් මිලියනය ඉක්මවයි. මෙය බොහෝ දෙනෙකුට දැරිය නොහැකි මිළකී. මේ වන විට ඕස්ට්‍රේලියානුවන් 120,000 ක් නිවාස නොමැතිව සිටින අතර, පාලනය නොකළහොත් ඕස්ට්‍රේලියාව ඉක්මනින්ම ලෝකයේ ඉහළම නිවාස නොමැති ජන අනුපාතයක් සහිත රටක් බවට පත්වනු ඇත. අධිවේගී දුම්රිය ජාලයක් ගොඩනැගීම, නිවාස සහ ජීවන වියදම් අර්බුද අවසන් කිරීම, කර්මාන්ත ජනසතු කිරීම සහ ජනතාවගේ අනාගතය සඳහා සැලසුම් කිරීම වෙනුවට, එය AUKUS( ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ආරක්ෂක ගිවිසුම ඉන්දු-පැසිෆික් කලාපයේ තාක්‍ෂණික බෙදාගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම සන්ධානය පුළුල් ලෙස වටහාගෙන ඇත්තේ එම උපායමාර්ගිකව වැදගත් ප්‍රදේශයේ චීන ආක්‍රමණ සහ අභිලාෂයන්ට ප්‍රතිචාර වශයෙන් සහ ඒවාට එරෙහිව වැළැක්වීමක් ලෙස උපායමාර්ගික ගොඩනැගීමක් ලෙස ය.) සඳහා ඩොලර් බිලියන 400 ක් වියදම් කරයි.

ඕස්ට්‍රේලියාව පළමු ලෝකයේ පොහොසත් රටක් යන අදහස මතු පිටින් පෙනෙන  සත්‍ය වුවද යථාර්ථයේ දී එය දුප්පත්, අනාරක්ෂිත සහ මිනිසුන්  එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින ජනතාවක් වාසය කරන රටකි.

එබැවින් මෙම ප්‍රතිවිරෝධතා හේතුවෙන් සුදු ජාතිකවාදය ඉස්මතු වේ. අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ ඉහළම අවධිය යන්න මාක්ස්වාදින්ගේ කියවීමයි.ඒ අනුව ෆැසිස්ට්වාදය අධිරාජ්‍යවාදයේ ඉහළම අවධිය යැයි කෙනෙකුට පැවසිය හැකිය. ඕස්ට්‍රේලියානු ධජයම පළමු ජාතීන්ගේ ජනතාව යටත් කර ගැනීමේ සංකේතය වන "යුනියන් ජැක්" ඇති නිසාම මෙවැනි ප්‍රවනතා වලට දිශානති වීම ඉතා පහසුය. 

ෆැසිස්ට්වාදීන්ගේ සහ ඔවුන්ගේ සහචරයින්ගේ පන්ති සංයුතිය පිළිබඳ සලකා බැලීමෙන් පමණක් සියල්ල විශ්ලේෂණය කළ නොහැක. ඔවුන් බොහෝ විට පන්ති පසුබිම්වල මිශ්‍රණයකින් පැමිණි අය විය හැකිය. නමුත් අප දන්නා කරුණ නම් පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ආශ්‍රිත්ව පැන නැගුණු පාගමන්වලට සම්බන්ධ වූ පුළුල් ජනසංයුතිය තුළ ෆැසිස්ට්වාදීන් නොවන ජනතාවද සිටින බවයි. එය ඇත්ත වශයෙන්ම මෙම ප්‍රවනතාවය අතිශයින්ම භයානක ය.

ඕස්ට්‍රේලියානු රජය මෙම තත්වය පාලනය කිරීමට කිසිවක් නොකරන බව ද සැලකිල්ලට ගැනීම වැදගත්ය. ඕස්ට්‍රේලියාව තුළ ෆැසිස්ට්වාදය සහ නාසිවාදය නීති විරෝධී නොවේ. එහෙත් ලෝකයේ වෙනත් රටවල පුද්ගලයෙකුට ෆැසිස්ට්වාදියෙකු ලෙස පෙනී සිටීමට නීතිමය අවසරයක් නැත. උදාහරණයක් ලෙස බැටිස්ටාට එරෙහිව ෆැසිස්ට් විරෝධී යුද්ධයක් කළ කියුබාවේ හෝ ජපානයට එරෙහිව ෆැසිස්ට් විරෝධී යුද්ධයක් කළ චීනයේ, ෆැසිස්ට්වාදියෙකු වීම නීති විරෝධී ය. ඕස්ට්‍රේලියාව තුළ පවතින පන්ති ස්වභාවය සහ ඕස්ට්‍රේලියාවේ අධිරාජ්‍ය-යටත් විජිත ඉතිහාසය ෆැසිස්ට්වාදයේ නැගීමට බොහෝ ඉවහල් වේ.

අපගේ කියවීම නම් ඔස්ට්‍රේලියාව මුහුණ දෙන වර්තමා ගැටලුව වලට මූලය ජාතිකවාදයම නොවන බවයි. පලස්තීන ජාතිකවාදීන් ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කරන නිදහස් පලස්තීන පාගමන්වලට සහභාගී වන අතර, ලොව පුරා කළු ජාතිකවාදීන් සහ ජාතික විමුක්ති හමුදා වර්ගවාදයට, ෆැසිස්ට්වාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව දැවැන්ත ජයග්‍රහණ ලබා ගෙන ඇත. ගැටලුව වන්නේ ඕස්ට්‍රේලියානු රාජ්‍යය ඔස්ට්‍රේලියානු ජාතිය ලෙස හඳුනාගෙන ඇති ප්‍රපංචයයි. අපට අවශ්‍ය වන්නේ අධිරාජ්‍ය විරෝධී සහ යටත් විජිත විරෝධී වාමාංශිකයින් යන දෙඅංශයම නියෝජනය කරන  “ඕස්ට්‍රේලියානු ජාතියක්” සඳහා සම්පූර්ණයෙන්ම වෙනස් දැක්මකි. එය පළමු ජාතීන්ගේ මූලධර්ම, ආදිවාසී දර්ශනය සහ නීතිය මත පදනම් වීම අත්‍යවශ්‍ය බව අපගේ දැක්මයි. අපගේ යෝජනාව වන්නේ වැඩිහිටි සම්මේලනයක් හෝ ස්වදේශික රාජ්‍ය නායකයෙකු ඕස්ට්‍රේලියා පාලනය කළයුතු බවයි. ආදිවාසී ජනතාවට තමන්ගේ කටයුතු සහ ඉඩම් පාලනය කිරීමට අවස්ථාව හිමි විය යුතුය. යටත් විජිතවාදය, නව යටත් විජිතවාදය, අධිරාජ්‍යවාදය සහ ෆැසිස්ට්වාදය අවසන් කළ යුතු බව අපගේ අවධාරණයයි.

අප යෝජනා කරන මෙම ප්‍රවේශය තුළ වන විසඳුම කුමක්ද? එය දෙයාකාරයක සටනකි.එනම් අපට දේශීය හා ජාත්‍යන්තර පෙරමුණු දෙකෙහිම සටන් කිරීමට සිදුවේ.

පළමුවෙන්ම, මගේ මතය අනුව විසඳුම වන්නේ පළමු ජාතීන්ගේ සටන්කාමීන්, බහුතර කම්කරු පන්තිය, වෘත්තීය සමිති, කොමියුනිස්ට්වාදීන් සහ සංක්‍රමණික ප්‍රජාවන් අතර එක්සත් පෙරමුණක් ගොඩනැගීමයි. වත්මනයෙහි ඕස්ට්‍රේලියාවේ දකින්නට ලැබෙන ෆැසිස්ට් රැලිවලදී ඕස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් ඒවා අනුමත නොකරයි. කෙසේ වුවද ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය මේ තත්වය අවදියෙන් සිට පරාජය කිරීමේ අවශ්‍යතාවය වටහා ගෙන සිටි. බහුතර ජනයාගේ සහය නොලැබුවද එම පිරිස වීදිවලින් පලවා හැරීමට කටයුතු කළයුතු අතර ඒ සඳහා ට ඕස්ට්‍රේලියාව පුරා විසිරී සිටින බහුතර සහ සුළුතරයන් එක්සත් කිරීමට ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයට සිදුවනු ඇත.

දෙවනුව, යුද්ධයට එරෙහිව සාමය සඳහා ජාත්‍යන්තර ෆැසිස්ට් විරෝධී ව්‍යාපාරය සමඟ අපගේ ෆැසිස්ට් විරෝධී අරගලය බැඳ තබා ගැනීමට අප කටයුතු කරමු. ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරය වැනි කණ්ඩායම් වලින් අප ඉගෙන ගනිමින් සිටිමු. වියට්නාමය, ලාඕසය, චීනය, කොරියාව සහ කියුබාව වැනි ෆැසිස්ට් විරෝධී ජයග්‍රහණ මත පදනම් වෙමින් අප්‍රිකාව, ලතින් ඇමරිකාව, ආසියාව, ගෝලීය දකුණ සහ සමාජවාදී රටවල ක්‍රියාත්මක වන අධිරාජ්‍ය විරෝධී අරගලවලට සම්බන්ධ වීමට ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය කටයුතු කරමින් සිටි. බාහිර ලෝකයෙන් ඉගෙනීම සැමවිටම ඵලදායී හා බුද්ධිමත් ක්‍රියාවක් බවත් ලෝකයෙන් අපව වෙන්කරගනිමින් කටයුතු  කිරීම අදූරදර්ශී චින්තනයක් ගොඩ නගන බව ඕස්ට්‍රේලියානු කොම්යුනිස්ට් පක්ෂයේ දැක්මයි. "සතුරාට එරෙහිව එකමුතුව! ෆැසිස්ට්වාදයට පරාජය! අධිරාජ්‍යවාදය, යටත් විජිතවාදය සහ ෆැසිස්ට්වාදය කිසි විටෙකත් පිළිනොගනිමු!" අපගේ සටන් පාඨය වන්නේය.

ඔස්ට්‍රේලියාවේ මේ වන විට මතුවී තිබෙන නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් ලංකා ලීඩර් පුවත් අඩවිය කළ විමසුමකට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ(Communist Party of Australia) ශාඛා නියෝජ්‍ය ලේකම්, A Carruthers  විසින් අප වෙතයොමු කරන ලද ලිපියෙහි සිංහල පරිවර්තනයයි.

පරිවර්තනය ජිවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.