News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව හිතාගෙන ඉන්නවනං පොලීසි අධිකරණ ඕන නෑ අපි තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා ඒක බරපතළ තත්වයක් - පුබුදු ජයගොඩ

Sep 3, 2025 at 05:35 PM
|

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පියවර ගැනීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කරනවා.
ඊයේ දිනයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද ( 03) දින වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්, සිවිල් පුරවැසියන් ඇතුළු පිරිසක් එකතුව ඒකාබද්ධ මාධ්‍යය හමුවක් කොළඹ මහජන පුස්තාලයේදී පැවැත්වුවා.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

"සමහරු හිතනවා ඊයේ යක්කල වුණු සිදුවීම පක්ෂ දෙකක් අතර දේපළ ප්‍රශ්නයක් ඒ නිසා ජාතික ප්‍රශ්නයක් විදිහට ගන්න එපා කියලා.
නමුත් අපි කියනවා මේක එහෙම පටු විදිහට ගන්න පුලුවන් දෙයක් නෙවෙයි.
අපිත් දන්නවා මේ සිදුවීමේ දේපළ ප්‍රශ්නය විසඳගන්න ඕන අධිකරණයක් ඉදිරියේදී. නමුත් මේ සිදුවීම පිටුපස හැගිලා තියෙන දේශපානලන සංඥා අපි අඳුරගන්න ඕන.
මොකද මේ ආණ්ඩුවෙ ගමන් මාර්ගය පිළිබඳව පූර්ව ඉඟියක් තමයි ඊයේ යක්කලදි දකින්නට ලැබුණේ.

ආණ්ඩුවේ ඇමතිවරු මේ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම තමයි අධිකරණ තීන්දුවකින් නීත්‍යානුකූලව කාර්‍යායාලය ලබාගැනීමක් තමයි වුණේ කියන එක. නමුත් අපි ආණ්ඩුවෙන් අහන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා එහෙම අධිකරණ තීන්දුවක් දීලා තියනවද ? සහ එහෙම තීන්දුවක් තියනවනං ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඇයි අධිකරණයේ පිස්කල් නිළධාරියා ආවෙ නැත්තේ ? දැන් මේ ආණ්ඩුව පොලිස් බලතලයි අධිකරණ බලතලයි සියල්ලම පවරගෙන වගේ තමයි කටයුතු කරමින් ඉන්නේ.

ආණ්ඩුව හිතාගෙන ඉන්නවනං පොලීසි අධිකරණ ඕන නෑ අපි තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා ඒක බරපතළ තත්වයක්.
ආණ්ඩුවේ මේ මැර ක්‍රියා මෙතනින් නතර වෙන්නේ නෑ. ආණ්ඩුව අපිට අද දික් කරපු ඇඟිල්ල ඉස්සරහට මේ රටේ ජනතාවටත් අත් වෙන්න නියමිතයි.

එදා යක්කලට ආව මැර කණ්ඩායම වැඩිහිටියන්ගේ ඉඳලා උසස්පෙළ විභාගයට පාඩම් කරමින් හිටපු ශිෂ්‍යයන් දක්වා සියල්ලන්ටම මෙලෙච්ඡ විදිහට පහර දුන්නේ.

අපි සදාචාරය නීතිය කිසි දෙයක් සලකන්නේ නෑ.
අපිට ඕන දෙයක් අපි කරනවා කියන සඥාව තමයි ආණ්ඩුව මේ සමාජයට දෙමින් ඉන්නේ.
හැබැයි කලින් ආණ්ඩු මේ වගේ මැර වැඩ කලේ හොර රහසේ. නමුත් මේ ආණ්ඩුව මේ මැර ක්‍රියා ප්‍රසිද්ධියේම කරන්න පටන් අරගෙන. පාර්ලිමේන්තු මත්‍රීවරු පවා ඇවිල්ලා ප්‍රසිද්ධියේ බලහත්කාරයෙන් දේපළකට ඇතුල්වෙලා පහරදෙමින් දේපළ විනාශ කරමින් නින්දිත විදිහට තමයි හැසිරුණේ.
දැන් ජනතාව තේරුම් ගන්න ඕන කාරණය තමයි ආණ්ඩුවේ මේ හැසිරීම මෙතනින් නවත්තන්න මැදිහත් නොවුනොත් ඉස්සරහට මේක පොරවෙන්වත් කපන්න බැරි පිළිලයක් බවට පත් වෙනවා.
මොකද ආණ්ඩුව මේ යන IMF විනාශකාරී මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ කියන්නෙම බලහත්කාරයෙන් මර්දනයෙන් යන්න වෙන පාරක්.

ඒ නිසා තමයි ජේ ආර්ගේ ඉඳලා රාජපක්ෂලා වෙනකල් සියලු ආණ්ඩු මැර බලය සහ පාවිච්චි කරගෙන ආණ්ඩු ගෙනිච්චේ.
මේ ආණ්ඩුවත් ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ අපි වෙනස් නොකර IMF කොන්දේසි ඉටු කරන පාරේ යනවා කියලා. අන්න ඒ ගමනට මූලාරම්භයක් තමයි ආණ්ඩුව ඊයේ යක්කලින් පටන් ගත්තේ.

අද මේ නින්දිත ක්‍රියාවට එරෙහිව විශාල පිරිසක් අපි එක්ක එකතුවෙලා ඉන්නවා. වෘත්තීය සමිති නියෝජිතයෝ, කලාකරුවෝ, සිවිල් පුරවැසියන්, දේශපානලන පක්ෂ වගේම රටේ ජනතාවත් ආණ්ඩුවේ මේ හැසිරීම අනුමත කරන්නේ නෑ. ඒ නිසා ඒ සියලු බලවේග එකතුකරගෙන ආණ්ඩුවේ මර්දනයකට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්

සම්බන්ධිත පුවත් | Related News

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.
රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කිසිදු ආකාරයක වදහිංසාවක් පමුණුවා නොමැති බවත්, ඔහුට සැලකීමේදී කිසිදු අනීතික ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) අවධාරණය කළේ
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ සමාගම් හරහා ඩොලර් මිලියන 42.7ක් සහ තවත් ඩොලර් මිලියන 43ක් රටින් පිටකර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතරතුර ඔහුට දැවැන්ත ලෙස කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.
දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.

සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.