මහා ශ්‍රම සහ ධන කොල්ලයකට මුල පුරන ගැසට් අහෝසි කරනු! - වෘත්තීය සංගම්වලින් ඒකාබද්ධ නිවේදනයක්..
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, මුදල් ඇමති ලෙස සිය නිල බලය භාවිතාකර ඉකුත් ජූලි 14 වන දින, අංක 2445/02, 2445/03, 2445/04 සහ 2445/05 දරණ විශේෂ ගැසට්පත් 04 ක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ආයෝජන සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත්, ක්ලෝස්පින් කළමනාකරණ හා සංවර්ධන පුද්ගලික සමාගමත්, අයි.එෆ්.සී. කොළඹ 01 පුද්ගලික සමාගමත්, අයි.සී.සී පෝට් සිටි පුද්ගලික සමාගමත්, කොළඹ වරාය පුරවර ආර්ථික කොමිසමේ ප්‍රතිපාදන යොදා ගනිමින් "වැදගත් ප්‍රාථමික උපායමාර්ගික ව්‍යාපාර" ලෙස නම් කර ඇති බවත්, එම සමාගම් වෙන් වෙන් වශයෙන් කොළඹ වරාය පුරවරයේ නියැලෙන ආර්ථික ක්‍රියාකාරකම් ද ඊට අනුෂංගික රජයේ සහන මාලාව ද එම ගැසට්පත්වල සඳහන්ව ඇති බවත් වෘත්තීය සංගම් පෙන්වා දෙයි.
රටේ සාමාන්‍ය සේවක, සේවිකාවන්ට හිමි නීතිමය රැකවරණය කොළඹ වරාය නගරයේ මෙම සමාගම්වල සේවයට බැඳෙන සේවක ප්‍රජාවට හිමි නොවන බවත්, මේ හේතුවෙන් නීතිමය වශයෙන් සේවක, සේවිකාවන් දෙවර්ගයක් සහ එකම රටක නීති දෙකක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බවත් එම සංගම් පෙන්වා දෙයි.
අදාළ නිවේදනය පහළින්..
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය
මහා ශ්‍රම සහ ධන කොල්ලයකට මුල පුරන ගැසට් අහෝසි කරනු !
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, මුදල් ඇමති ලෙස සිය නිල බලය භාවිතාකර ඉකුත් ජූලි 14 වන දින, අංක 2445/02, 2445/03, 2445/04 සහ 2445/05 දරණ විශේෂ ගැසට්පත් 04 ක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ආයෝජන සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත්, ක්ලෝක්ස්පින් කළමනාකරණ හා සංවර්ධන පුද්ගලික සමාගමත්, අයි.එෆ්.සී. කොළඹ 01 පුද්ගලික සමාගමත්, අයි.සී.සී පෝට් සිටි පුද්ගලික සමාගමත්, කොළඹ වරාය පුරවර ආර්ථික කොමිසමේ ප්‍රතිපාදන යොදා ගනිමින් "වැදගත් ප්‍රාථමික උපායමාර්ගික ව්‍යාපාර” ලෙස නම් කර ඇත. ඒ සමග, එම සමාගම් වෙන් වෙන් වශයෙන් කොළඹ වරාය පුරවරයේ නියැලෙන ආර්ථික ක්‍රියාකාරකම් ද ඊට අනුෂංගික රජයේ සහන මාලාව ද එම ගැසට්පත්වල සඳහන්ව ඇත.
කොළඹ වරායට යාබදව ගොඩකෙරුනු මෙම භූමිය රටේ ස්වාභාවික සම්පත් සූරාගනිමින් වෙරළාසන්න පරිසරයට ද සැළකිය යුතු හානි සිදුකරමින් ඉදි කෙරෙන ව්‍යාපෘතියක් යැයි වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටිය දී එකල විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන්, පරිසරවේදීන් සහ ධීවර සංවිධාන සමග එක්ව දිගින් දිගට විරෝධතාවය පළ කළ එකකි. එදා රාජපක්ෂ පාලනය වරාය නගර ව්‍යාපෘතිය සාධාරණීකරනය කලේ විශාල විදේශීය මුදල් ආදායමක් උපයාගත හැකි එකක් බව සඳහන් කරමිනි. එවැනි විශේෂිත පාලනයක් සහිත බිම් කඩක පවත්වාගෙන යන ආර්ථික ව්‍යාපෘතියකින් රටට ලබාගත හැකි වාසි වේ නම් ඒ, බදු හා තීරු ගාස්තු ආදායමත් රටේ ජනතාවට ලබාදිය හැකි ස්ථිර රැකියා ප්‍රමාණයත් වේ.
ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති විශේෂ ගැසට් පත්‍රවලට අනුව, මෙම සමාගම් හතර, රුපියල් මිලියන 45, 955.9 ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 1017.2 ක් ආරම්භක ආයෝජන සිදුකිරීමට නියමිත අතර මින් පිළිබිඹු වන්නේ මෙම ව්‍යාපෘති මගින් අදාල සමාගමේ ඩොලර් සහ රුපියල් කෝටි ගණනින් ලාභ උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි. මේ තත්ත්වය යටතේ රටට ඇති මහත් වාසි වන්නේ රැකියා, තීරු ගාස්තු සහ බදුය.
එසේ වුවත් මෙම සමාගම් හතරට අදාල සහන පැකේජය ලබාදීමේ දී ආණ්ඩුව ඉහත වාසිදායක තත්ත්වයන් සළකා බලා නැත.
1990 දශකයේ මැද භාගයේ ලංකාවේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 28% ක සිට 2022 බංකොලොත් ආර්ථිකයක් දක්වා වැටෙන විට 7% දක්වා පහළ බැස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් මතආයෝජන වලට ලබා දුන් බදු සහන සහ බදු විරාම මූලික කොට ගෙන ය. 2022 කඩා වැටුණු ආර්ථිකයට ප්‍රතිකර්ම ලෙස IMF යෝජනාව වුනේ රාජ්‍ය ආදායම 15% දක්වා වැඩි කරගන්නා ලෙසය. ඒ සඳහා මහජනයා මත අධික බදු බරක් පැවැති ආණ්ඩුව විසින් පටවන ලදී . අලුතින් එන මේ ආයෝජන සඳහා බදු පණත් 12 ක් බල නොපාන ලෙස සහන ලබාදීම මගින් තවදුරටත් ලැබිය යුතු රාජ්‍ය ආදායම ජනතාව මතටම පැටවීම අසාධාරණ එකක් නොවන මෙන්ම ලැබිය හැකි වාසි අත්හැර දැමීමක්ද වේ.
1971 අංක 45 දරණ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පණත අහෝසි කිරීම වඩාත්ම දරුණු වන්නේ රටේ සාමාන්‍ය සේවක, සේවිකාවන්ට හිමි නීතිමය රැකවරණය කොළඹ වරාය නගරයේ මෙම සමාගම්වල සේවයට බැඳෙන සේවක ප්‍රජාවට හිමි නොවීමයි. මේ හේතුවෙන් නීතිමය වශයෙන් සේවක, සේවිකාවන් දෙවර්ගයක් සහ එකම රටක නීති දෙකක් නිර්මාණය වීම නොවැළැක්විය හැක. 1971 අංක 45 දරණ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පණතට අනුව සේවකයෙකුගේ සේවය අහෝසි කළ හැක්කේ ඔහු හෝ ඇයගේ විනයානුකූල කරුණක් සම්බන්ධ අවස්ථාවක හැර, සේවය අවසන් කිරීම සඳහා හාම්පුතා විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු ය. අදාල ඉල්ලීම සළකා බැලීමෙන් පසු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලබාදෙන ලිඛිත නියෝගයකින් පමණක් එසේ සේවය අවසන් කළ හැක. බඳවා ගැනීමේ දී දෙනු ලබන සේවා කොන්දේසි මත, කල්දීමකින් පසු කෙරෙන සේවය අහෝසි කිරීම් පවා, නීති විරෝධී යැයි කම්කරු උසාවි විසින් තීන්දු කළ අවස්ථා ඇත. රැකියා සුරක්ෂිතභාවය සඳහා වන එවැනි නීතිමය රැකවරණයක් වන 1971 අංක 45 දරණ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත මෙම සමාගම් 04 ට අදාල නොවන ලෙස ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍ර නිකුත් කරනු ලැබීමෙන් කොළඹ වරාය පුරවරයේ ඒ සමාගම්වල සේවයට යන ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඔවුන් සතු මූලික අයිතිය ආණ්ඩුව විසින් උල්ලංඝණය කරන්නේ ය.
ඒ සමග, රැකියා සුරක්ෂිතභාවය අහෝසි කිරීමේ පූර්වාදර්ශයක් සැපයෙන්නේ යැයි අනෙක් ව්‍යාපාර තර්ක කිරීමේ සන්දර්භයක් නිර්මාණය විය හැකි යැයි අප කණස්සල්ලට පත්ව සිටිමු. මේනිසා ජනාධිපතිවරයා සේවක අයිතිවාසිකම් රැකීම වෙනුවට ව්‍යාපාරික ලාභ සුරැකීම සිය සම්මතය බවට පත්කරගෙන ඇති බව ද පෙනී යන කරුණකි. මේ තත්වය මෙරට ලක්ෂ 25 කට අධික සේවක ප්‍රජාව ඉදිරියේ දී සේවා අනාරක්ෂිත භාවයට විවෘතකිරීමකි. එබැවින් අප ජනාධිපතිවරයාට කියා සිටින්නේ කරුණාකර මෙම ගැසට් 04 වහාම අහෝසි කරන ලෙසය.
මෙම නීති විරෝධී ගැසට් පත්‍ර 04 වහාම අහෝසි කරවා ගැනීම සඳහා එක්වන ලෙස මෙරට සියළු වෘත්තීය සමිති සහ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින සියළු සංවිධාන හා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..