විපක්ෂයේ පුළුල් සහයෝගිතාවක්.. කබීර්,දයාසිරි,නලින්ට වගකීම්..
ආණ්ඩුවට එරෙහිව මේ වන විට විපක්ෂය තුළ පුළුල් සහයෝගිතාවක් ඇති වී තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම තත්ත්වය දැඩි ලෙස වර්ධනය වී ඇති අතර මෙතෙක් දේශපාලන පසමිතුරු වූ බොහෝදෙනා මේ වන විට කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි අංක 30, විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඉතා මිත්‍රත්වයකින් යුතුව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටී.
ඒ අනුව එවැනි විශේෂ සාකච්ඡා වට තුනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පවත්වා ඇති අතර ඊට සජබය, එජාපය, ශ්‍රීලනිපය ඇතුළු පාර්ශ්ව ගණනාවක් මෙන්ම සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.
මෙම විපක්ෂ සහයෝගිතාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ මාර්ග සිතියමක් සෑදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, නලින් බණ්ඩාර, දයාසිරි ජයසේකර යන මහත්වරුන් වෙත භාර කර ඇත.
කෙසේවෙතත් මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහභාගිත්වය ඉතා අවම වශයෙන් ලැබී ඇති අතර එජාපයට හිතවත් තිනියාවල පාලිත හිමි, ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ ද සහාය හිමි වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..