ආසියා-පැසිෆික් කලාපය සහයෝගීතාවය සඳහා තෝතැන්නක් මිස භූ දේශපාලනික ක්‍රීඩා සඳහා චෙස් පුවරුවක් නොවෙයි-ජපානය බ්‍රිතාන්‍ය ගුවන් යානා ගෙන යාහැකි නෞකාවකට ඉඩ දීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය පවසයි
ජපානය සහ බටහිර පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමෙන් පසු පසුගිය 28 වනදා බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ගුවන් යානා ගෙන යා හැකි නෞකාව ජපානයේ නැංගුරම් ලා සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එක්සත් රාජධානිය පැවසුවේ අදාල නෞකාව නැංගුරම් ලෑම ඊනියා "ඉන්දු-පැසිෆික් කලාපයේ" ආරක්ෂාව සහ සමෘද්ධිය කෙරෙහි එහි අඛණ්ඩ අවධානය සහ කැපවීම ලොවට පෙන්වීම වෙනුවෙන් මෙලෙස කළ බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් ඊයේ(29) පැවසුවේ ආසියා-පැසිෆික් කලාපය සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා ස්ථානයක් මිස භූ දේශපාලනික ක්‍රීඩා සඳහා චෙස් පුවරුවක් නොවන බවයි.
ප්‍රහාරක ගුවන් යානා වාහක කණ්ඩායමේ ප්‍රමුඛයා වන එච්එම්එස් ප්‍රින්ස් ඔෆ් වේල්ස් පසුගිය 28 වනදා ටෝකියෝ ජාත්‍යන්තර නෞකා පර්යන්තයට පැමිණි බව ජපාන එන්එච්කේ පුවත් සේවය වාර්තා කළේය. මාධ්‍ය වාර්තාවට අනුව එච්එම්එස් ප්‍රින්ස් ඔෆ් වේල්ස් අගෝස්තු මස මුලදී ජපානය සහ බටහිර පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසවලට සහභාගී වී තිබුණි.
එක්සත් රාජධානියේ ප්‍රහාරක ගුවන් යානා වාහක කණ්ඩායමේ අණදෙන නිලධාරී කොමදෝරු ජේම්ස් බ්ලැක්මෝර් නෞකාව වරායට පැමිණීම විස්තර කළේ "එක්සත් රාජධානියට ඉන්දු-පැසිෆික් කලාපය කෙරෙහි ඔවුන් තුළ වන මැදිහත් වීමට ඇති අභිලාශය සැබවින්ම ප්‍රදර්ශනය කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්" ලෙසයි යනුවෙන් එන්එච්කේ පුවත් සේවය පැවසීය.
සාමකාමී සංවර්ධනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය කලාපයේ ජනතාවගේ පොදු අභිලාෂයන් වේ. අදාළ රටවල් කලාපීය රටවල් සමඟ එක්ව විශ්වාසය හා සහයෝගීතාවය ගොඩනැගීමට සහ සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට සැබවින්ම උපකාරී වන තවත් බොහෝ දේ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා ගුඕ පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්