අපගේ දැක්ම තුළ රුසියාව සහ චීනය එක්සත්ව කටයුතු කරනවා - පුටින්
දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 80 වන සංවත්සරය සහ ජයග්‍රාහී දින සැමරුම සනිටුහන් කරමින් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා චීනයේ නිල සංචාරයක යෙදේන රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් , රුසියාව සහ චීනය, සාධාරණ බහුධ්‍රැව ලෝක පිළිවෙලක් පිළිබඳ "අපගේ දැක්ම තුළ එක්සත්" යැයි පැවසීය.
ජනාධිපති පුටින් ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී, රුසියානු ජනාධිපතිවරයා මොස්කව්-බීජිං හවුල්කාරිත්වය ලෝක දේශපාලන වේදිකාවේ ස්ථාවර බලවේගයක් ලෙස හැඳින්වූ අතර එය ගෝලීය කටයුතු හැඩගැස්වීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවද අවධාරණය කළේය.
"තීරණාත්මක ජාත්‍යන්තර ගැටළු පිළිබඳ අපගේ මැදිහත් වීමේදී මොස්කව් සහ බීජිං පුළුල් පොදු අවශ්‍යතා සහ මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් කැපී පෙනෙන ලෙස සමාන අදහස් දර්ණ බව නැවත නැවතත් ඔප්පු කර තිබෙනවා." ඔහු පැවසීය. "ගෝලීය බහුතරයේ ජාතීන් කෙරෙහි අවධානය යොමු කරමින්, සාධාරණ, බහුධ්‍රැව ලෝක පිළිවෙලක් ගොඩනැගීමේ අපගේ දැක්ම තුළ අපි එක්සත් වී සිටිනවා."
“යුරේසියාවේ ප්‍රමුඛ බලවතුන් දෙදෙනා ලෙස, අපගේ මහාද්වීපය සහ පුළුල් ලෝකය මුහුණ දෙන අභියෝග සහ තර්ජන කෙරෙහි අපට උදාසීනව සිටිය නොහැකියි.” ඔහු තවදුරටත් සඳහන් කළේ, මෙය ද්විපාර්ශ්වික දේශපාලන සංවාදයේ “නිරන්තර අවධානයක්” ලෙස පවතින බව පෙන්වා දෙමිනි. චීන ජනාධිපති ෂී ජින් පිං විසින් යෝජනා කරන ලද ගෝලීය ආරක්ෂක මුලපිරීම සමඟ සමීපව ගැලපෙන “යුරේසියාවේ සමාන හා අත්හළ නොහැකි ආරක්ෂාවක් පිළිබඳ පොදු අවකාශයක්” පිළිබඳ රුසියාවේ සංකල්පය ද ඔහු ඉස්මතු කළේය.
නාසි ජර්මනියට එරෙහිව සෝවියට් ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කළ මැයි මාසයේ චීන ජනාධිපතිවරයාගේ මොස්කව් රාජ්‍ය සංචාරයේ සාර්ථකත්වය මත මෙම සංචාරය ගොඩනැගෙන බව පුටින් පෙන්වා දුන්නේය.
“ජනාධිපති ෂී ජින් පිං තම රටේ ඉතිහාසය අතිශයින්ම ගෞරවයෙන් සිහිපත් කරනවා... ඔහු ශ්‍රේෂ්ඨ ලෝක බලවතෙකු මෙන්ම සැබෑ නායකයෙක්. ශක්තිමත් උපායමාර්ගික දැක්මක් සහ ගෝලීය දැක්මක් ඇති, සහ ජාතික අවශ්‍යතා සඳහා ඔහුගේ කැපවීම තුළ නොසැලෙන මිනිසෙක්,” පුටින් පැවසුවේ, “විදේශීය හවුල්කරුවන් සමඟ ගෞරවනීය හා සාධාරණ සංවාදයක් තුළ අද කුමක් විය හැකිද සහ කුමක් විය යුතුද යන්න පිළිබඳ මුළු ලෝකයටම ආදර්ශයක්” ලෙස ඔහුව හඳුන්වමිනි.
පුටින්ගේ චීන නිල සංචාරය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 3 දක්වා පැවැත්වෙන අතර, එය ටියැන්ජින් හි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වීමෙන් ආරම්භ වී බීජිං හි ජයග්‍රාහී දින උත්සවය පැවැත්වීම දක්වා දිවෙනු ඇත. චීන අගනුවරදී, පුටින් ෂී සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. න්‍යාය පත්‍රයට කලාපීය ආරක්ෂාව, එක්සත් ජනපදය සමඟ සබඳතා, යුක්රේනයේ ගැටුම සහ ඉදිරි බහුපාර්ශ්වික සමුළු ආදිය ඇතුළත් වේ. මෙම සමුළුවට සමගාමීව, පුටින් ඉරානය, ඉන්දියාව, තුර්කියේ සහ වෙනත් රටවල නායකයින් හමුවීමට අපේක්ෂා කෙරේ.
Russia and China ‘united in our vision’ – Putin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..