News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරුවන් පාවාදෙන සහ ඊළමට පාර කපන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේ යෝජනාවට එකඟ නොවනු.! - මහජන පෙත්සම අත්සන් තබයි..

Aug 29, 2025 at 09:35 AM
|

රණවිරුවන් පාවාදෙන සහ ඊළමට පාර කපන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේ යෝජනාවට එකඟ නොවන ලෙස රජයෙන් ඉල්ලා සිටීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම කොළඹ එන්.එම්. පෙරේරා ශාලාවේ දී ඊයේ(28) දින සිදු විය‍.

මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරය සංවිධානය කර තිබුනේ රණවිරු ජනපවුර මගිනි.

එහිදී වර්තමාන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පහත දැක්වෙන කරුණු අනාවරණයක් ද සිදුවිය.

ගරු විදේශ අමාත්‍ය,

විජිත හේරත් මැතිතුමා,

විදේශ කටයුතු අමාත්‍යාංශය,

කොළඹ 01. 

ගරු අමාත්‍යතුමනි,

මහජන පෙත්සම

රණවිරුවන් පාවාදෙන සහ ඊළමට පාර කපන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේ යෝජනාවට එකඟ නොවන ලෙස ඉල්ලා සිටීම

1. මෙම වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 59 සැසියෙදි අප රටේ රණවිරු දඩයම් ක්‍රියාවලියට අදාළ නීතිමය රාමු 9ක් අතුරින් 8වැන්න හෙවත් ඉතා බරපතළ නීතියක් වන සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසංවිධාන කොමිසම පනත සම්මත කරන බවට ඔබතුමා විසින් පොරොන්දුවක් ලබා දී ඇත. 

2. එසේම සැප්තැම්බර් 8 දින ආරම්භ වන 60 වැනි සැසියට අදාළව ජනමාධ්‍ය මගින් සිදුකළ විමසීමකදී ඊට පිළිතුරු දෙමින් ඔබතුමා සඳහන් කරන්නේ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් මගින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව ඊනියා යුධ අපරාධ චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂ්‍යම කිරීම සඳහා රණවිරු දඩයම් නීතිමය රාමු 9 අතරින් අවසන් නීතිය වන ස්වාධීන අභිචෝදක කාර්යාල පනත සම්මත කරන බවය. 

3. ඊට අමතරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔබතුමා තවදුරටත් සඳහන් කරන්නේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියට “මෘදු” යෝජනාවක් ඉදිරිපත් වන බවය. ඒ මඟින් ඔබතුමා සහ පසුගිය ජුලි මාසය දි අප රටට පැමිණි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වොල්ටර් ටූර්ක් සමඟ රටේ මහජනයා නොදන්නා යම් එකඟතාවයක් ඇති කරගෙන තිබෙන බව ගම්‍ය වේ.

4. ඒ අතර අගෝස්තු 4 වැනි දින ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී දේශපාලන පක්ෂ විසින් වෝල්ටර් ටුර්ක් මහතා වෙත යොමු කළ ලිපියකට ක්ෂණිකව පිළිතුරු ලබාදෙමින් එතුමා සඳහන් කරන්නේ 60 වැනි සැසියේ තම වාර්තාව සහ යෝජනාව මගින් ඔවුන්ගේ අපේක්ෂා ඉටුවන බවය. එම ප්‍රකාශය තුළ ඊට වර්තමාන රජයේ එකඟතාවයක් තිබෙන බව ද වක්‍රව සඳහන් වේ.

5. ඒ අනුව පැහැදිලි වන්නේ රජය සහ වෝල්ටර් ටූර්ක් ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග අතර ඇතිකරගන්නා එකඟතාවයකට අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඊනියා මෘදු යෝජනාවක් ඉදිරිපත් වන බව සහ ඒ මගින් බෙදුම්වාදී බලවේගවල අපේක්ෂා ඉටුවන බවය. එම එකඟතාවය 2019 දී 11/1 යෝජනාවට අදාළව සිදුකළ ආකාරයට අදාල යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම මගින් හෝ 2015 දී 30/1 යෝජනාවට අදාළව සිදුකළ ආකාරයට අදාළ යෝජනාව ස්තුති පූර්වකව පිළිගැනීම මගින් සිදුකළ හැකි බව ඉතා පැහැදිලිය.

6. ඒ සියල්ලට අමතරව මාස 6ක කාලයකයට පසුව පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් සඳහන් කර ඇති අතර ඒ අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ද ඒකකතාවයක් ඇති වී තිබෙන බව ඉතා සාධාරණව පිළිගත හැක. මීට පෙර 2009 දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා විසින් සමානුග්‍රහය දැක්වූ 11/1  යෝජනාවේ අඩංගු වූ ප්‍රධානම එකඟතාවය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමය. ඊට හිලව්වක් හෝ කෘතගුණ සැලකීමක් ලෙස එම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට කිසිදු යුධ අපරාධ චෝදනාවක් එල්ල නොවීය. නමුත් එම එකඟතාවය ඉටු කිරීමට මහින්ද රාජපක්ෂ රජයේ අසමත් වීම නිසා ඔහු බලයෙන් පහකළ යුතු බවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රබලයකු වූ ඇලන් කීනන් විසින් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය. 

7. එම තත්ත්වය තුළ ඉන්පසුව බලයට පත් වූ ආණ්ඩුවට 2015 දී 30/1 යෝජනාව ස්තුති පූර්වකව පිළිගැනීමට සිදුවූ අතර ඒ මඟින් රණවිරු දඩයමට අදාළව ඉහත සඳහන් කළ ආකාරයට නීතිමය රාමු 9ක් සම්මත කිරීමට සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා එකඟතාවය ඇති වූ අතර අද වන විට එම නීතිමය රාමු අතුරින් 7ක් සම්මත කර අවසන්ව තිබේ. එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කිරීම හෙවත් බිය ගැන්වීම සඳහා 46/1 යෝජනාව මගින් යුධ අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවනු ලැබීය.

8. ඒ අනුව දැන් ඩයස්පෝරාව ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට ඊනියා යුද අපරාධ විමර්ශන ජාත්‍යන්තර යාන්ත්‍රණය නැමැති “කෙවිට” පෙන්වා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ විශ්‍රාමික සහ සේවයේ නියුක්ත උසස් ආරක්ෂක හමුදා නිලධාරීන් බිය ගැන්වීමට හැකි වී ඇත. ඔබතුමා ප්‍රමුඛ රජය රණවිරු දඩයමට අදාල අවසන් නීති දෙක සම්මත කිරීමට එකඟවීම මගින් මෘදු යෝජනාවක් අපේක්ෂා කරන්නේ එම බිය ගැන්වීමට යටත් වීම නිසා බව සැඟවිය නොහැක. එසේ බියට පත්වීම නිසා එම එකඟතාවයන් ඇතිකර ගන්නා බව උපකල්පනය කිරීම සාධාරණ වන්නේ ඒ මගින් ඇතිවන අවසාන ප්‍රතිඵලය කෙතරම් භයානකද යන්න තේරුම් ගැනීමේදීය. ආණ්ඩුව විසින් දෙමළ ඩයස් පෝරාව සතුටු කිරීම සඳහා පුනරුත්ථාපනය කළ බවට හඳුන්වන ත්‍රස්තවාදී සාමාජිකයන්ගේ කටඋත්තර යොදා ගනිමින් හිටපු නාවික හමුදාපතිවරයා සිරගත කිරීමට සැළැස්වීම වැනි ක්‍රියා සිදුකළද ඒ මගින් අපේක්ෂීත සහනය නොලැබෙන බව ඉතා කෙටි කළකින් ඔබ තුමන්ලාට වැටහෙනු ඇත. 

9. එසේ අනාගතයේදී ආණ්ඩුවට ඉතා බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන ආකාරයට ඊනියා මෘදු යෝජනාවට එකඟවීම හෙවත් කැමැත්තෙන් මර උගුලට පය තැබුවද ආණ්ඩුවට ගැලවීමක් නොමැති බව ඉතා පැහැදිලිය. ඊට හේතුව ඊනියා ජාත්‍යන්තර යාන්ත්‍රණ කෙවිට යොදා ගනිමින් ආණ්ඩුවේ පමණක් නොව සමස්ත රාජ්‍යයේ සහ රණවිරුවන් ප්‍රමුඛ පොදු ජනතාවගේ ගෙල සිරවන තෙක් සියලු කොන්දේසි ඉටු කිරීමට ආණ්ඩුවට බල කෙරෙන බවට කිසිදු සැකයක් නොමැති වීමය. 

10. එම නිසා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා සිදුකරන බලපෑම්වලට යටත් වී බෙදුම්වාදී මාර්ග සිතියම තුළ රණවිරු දඩයම සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා පාර කැපීමට ඉදිරිපත් නොවන ලෙස රණවිරු ප්‍රජාව ලෙස අප ඔබතුමාගෙන් දැඩි අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින අතර ඒ වෙනුවට පහත සඳහන් පියවර ගන්නා ලෙස ඉතා කරුණාවෙන් දන්වා සිටිමු.

i. සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස සහ අණදීමේ වගකීමට අදාළව රණවිරුවන් පාවාදෙන සහ රට තුළ ජාත්‍යන්තර මැදිහත්වීමට ඉඩ සලසන සත්‍ය සෙවීමේ කොමිසම් පනත සම්මත නොකිරීම (රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පවා අදාළ පනත කැසට් කළ ද එය සම්මත කරන බවට පොරොන්දුවක් ලබාදීමට හෝ සම්මත කිරීමට දිරිමත් වූයේ නැත)

ii. මීට පෙර කිසිදු රාජ්‍යයක් එකඟ නොවූ ස්වාධීන අභිචෝදක කාර්යාල පනත සම්මත කිරීම මගින් ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ වෙනත් රටවල අභිචෝධකයින් සමඟ සම්බන්ධීකරණය දිරිමත් කිරීම සහ දේශීය සහ විදේශීය වශයෙන් ක්‍රියාවලිය කාර්යක්ෂ්‍යම කිරීමේ මහා පාපකර්මයට දායක නොවීම.

iii. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්ම කිරීමට එකඟ නොවීම හෙවත් මීට පෙර ජනාධිපතිවරුන් 8 දෙනකු විසින් නොකළ වරද සිදුකිරීමට ඉදිරිපත් නොවීම.

iv. කිසිදු ලෙසකින් අනාගතයේදී ආපසු හැරවිය නොහැකි එම බරපතළ වැරදි හෙවත් පාවාදීම සිදුකිරීම හෙවත් යටත්වීම වෙනුවට ඊනියා ජාත්‍යන්තර යුද අපරාධ යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි බව සහ ශ්‍රී ලංකකාවේ ආරක්ෂක හමුදා පද්ධතියක් ලෙස යුද අපරාධ නොකළ බව ඔප්පු කිරීම සඳහා පවතින ප්‍රබල නීතිමය සහ කරුණුමය සාක්ෂි මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ඉදිරිපත් කිරීම.





සම්බන්ධිත පුවත් | Related News

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික ලේකම් විසින් නගර සභාවේ ඇති බුද්ධ ප්‍රතිමාව සහ මාසික ධර්ම දේශනය නතර කරන බවට මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකර ඇති බවත්, මෙම ලිපිය යොමුකර ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් පරිදි බවත් රූපවාහිනී නාලිකාවක සංවාදයකදී අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු විසින් කරුණු විමසීමක් සිදුකර ඇත.
විධායකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව කටාන නගරයේදී සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ජීවත්වන 160,000කට වැඩි පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් එළැඹෙන 23 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (11) නොතීසියක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.