ලංවිම වැඩ වර්ජනයක් කැඳවයි..
රජය විසින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ලබන මස පළමුවැනිදා (01) එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිති තීරණය කර ඇත.
මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, නව පනත යටතේ ලංවිම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් රජය සහ පාලනාධිකාරිය පිළිබඳ පවතින විශ්වාසය බිඳ වැටීමයි.
වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන පරිදි, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම පනතට එරෙහිව දැඩි ස්ථාවරයක් ගෙන සිටි බවත් වත්මන් එක් අමාත්‍යවරයෙකු විසින් මෙම පනතට එරෙහිව නඩු පැවරූ බවත්ය.
ලංවිම ජවිපෙ වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් මහතා විසින් පනතේ පිටපත් ප්‍රසිද්ධියේ පුළුස්සා දැමූ බවත් ඔවුහු සිහිපත් කරති.
වෘත්තීය සමිති වැඩිදුරටත් චෝදනා කරන්නේ, සේවකයන්ගේ කිසිදු එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් නව සමාගම්වලට අනුයුක්ත කිරීම සඳහා ලිපි බෙදා හැරීමක් දැනටමත් සිදු වෙමින් පවතින බවයි. මෙම තත්ත්වය සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ඔවුන් සලකයි.
මෙම ක්‍රියාමාර්ග වලට අමතරව, වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව යටතේ ගල් අඟුරු වංචාවක් සහ LTL හෝල්ඩින්ස් සමාගමේ ගනුදෙනු පිළිබඳව ද බරපතල සැකසහිත ගණුදෙනු ඇති බවයි.
මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, සේවක අයිතිවාසිකම් සහ ආයතනයේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙම වැඩවර්ජනය අත්‍යවශ්‍ය බව වෘත්තීය සමිති අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..