CEB සමාගම් හතරකට කඩයි.. සේවකයන්ට තමන් කැමති සමාගමක් තෝරා ගන්න කියයි..
ලංකා විදුලිබල මණ්ඩලය නව නීති යටතේ සමාගම් 4ක් ලෙස ප‍්‍රතිව්‍යුහගත කර ඇති බව වාර්තා වේ.
බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ, මෙම නව සමාගම් හතර වන්නේ, ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් සහ ජාතික පද්ධති මෙහෙයුම් කටයුතු සඳහා බවයි.
මෙම සමාගම් නම් කර ඇත්තේ,
නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්
නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්
ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්
ලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්
මේ සියලු සමාගම් රාජ්‍ය අයිතිය යටතේ ක්‍රියාත්මක වනු ඇත.
වර්තමාන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මෙම නව සමාගම්වලින් තමන් කැමති සමාගමක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
අද සිට මාස දෙකක කාලයක් ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව ඇති බවත්, ඒ පිළිබඳව සියලු සේවකයන්ට දැනුම් දෙන බවත් බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නව සමාගම්වලට බැඳීමට අකමැති සේවකයන්ට වන්දි ගෙවීමක් යටතේ විශ්‍රාම ගැන්වීමට ද සැලසුම් කර තිබේ.
එසේම, මෙම නව ආයතනවල ඉහළ කළමනාකාරීත්වය සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන ඉහළ පෙළේ ඉංජිනේරුවන් බඳවා ගැනීමට ද අවධානය යොමු කර ඇත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..