රනිල් වෙනුවෙන් එරික් සොල්හයිම් පෙරට..
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඔහු වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ හිටපු විශේෂ සාම නියෝජිතයෙකු වන එරික් සොල්හයිම් මහතා ඉල්ලයි.
X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සොල්හයිම් මහතා සඳහන් කර ඇත්තේ, වික්‍රමසිංහ මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින “ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ලොව පුරා සිටින නායකයින්” සමඟ තමන්ද එක්වන බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වික්‍රමසිංහ මහතා 2022 වසරේ ඇති වූ ආර්ථික හා දේශපාලන අර්බුදයේදී “ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා” බවයි.
තවදුරටත් අදහස් දක්වමින් සොල්හයිම් මහතා කියා සිටියේ, වික්‍රමසිංහ මහතාට එල්ල වන චෝදනා “අගයක් නැති” බවත්, එම චෝදනා සත්‍ය වුවද, යුරෝපයේදී ඒවා කිසිදු අපරාධමය හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසලකන බවත් ය.
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ව්‍යාපාරයට සිය සහාය පළ කර ඇති හිටපු නෝර්වේ දූතයා, බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේ වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු පැවරීම වෙනුවට “සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන” ලෙසයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..