ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත්‍ර සකස් කෙරේ..
රජයේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් දූෂණ චෝදනා මත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීම සඳහා වන අධි චෝදනා පත්‍ර සකස් කරමින් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව උපුටමින් ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.
පසුගිය සතියේ, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත විසින් වාර්තා කර තිබුණේ, 2015 වසරේදී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් සම්බන්ධයෙන් සිදු වූ බව කියන අරමුදල් අවභාවිතයක් පිළිබඳව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇති බවයි.
අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන අටක (රු. 8,000,000) මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
අදාළ කාලසීමාව තුළ එම ටෙන්ඩරය පිරිනමන ලද ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි මහතා කටයුතු කර ඇත.
අදාළ ගෙවීම් සිදු කර ඇති ආකාරය සහ තැන්පත් කර තිබූ ඇපකර බැඳුම්කරය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම ටෙන්ඩරය පිළිබඳ විමර්ශන කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..