News Category
From Date
To Date
Maximum Number of Result

"පාතාල රාජ්‍යය" එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව වටකර තිබෙනවා - එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්

Aug 24, 2025 at 10:06 AM
|

එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව තුළට පාතාල රාජ්‍යයයේ ක්‍රියාකාරීන් ඇතුළු වී ඇති අතර, ඔවුන් බුද්ධි නිෂ්පාදනවලට “තමන්ගේම පක්ෂග්‍රාහී දේශපාලන අදහස් සහ උදහස්” ඇතුළත් කර ඇමරිකානු ජනතාවට එරෙහිව අතිශය විනාශකාරි ලෙස ක්‍රියා කරන බව එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් පැවසුවාය.

එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවෙන් වංචනික ක්‍රියාකාරීන් මුලිනුපුටා දැමීමට නැවත නැවතත් ප්‍රතිඥා දී ඇති එක්සත් ජනපද ජාතික බුද්ධි සේවා ප්‍රධානියා, පසුගිය 21 වනදා FOX Business වෙත අදහස් දක්වමින් මෙලෙස් ප්‍රකාශ කළේ, "පාතාල රාජ්‍යය" ඇමරිකාවේ බුද්ධි ආයතන තුළ සම්පූර්ණයෙන්ම “මඩිස්සල” නිර්මාණය කර ඇති බව අවධාරණය කරමිනි.

“පාතාල රාජ්‍යයේ ක්‍රියාකාරීන් ගැඹුරට මුල් බැස ගෙන ඔවුන් නායකත්වය දෙන මධ්‍යස්ථාන හෝ ඔවුන්ගේ ස්ථාවරයන් දේශපාලනීකරණය කරමින්, එක්කෝ ඇමරිකානු ජනතාවට එරෙහිව... [හෝ] බුද්ධි වාර්තා වලට ඔවුන්ගේම පක්ෂග්‍රාහී දේශපාලන අදහස් සහ අදහස් ඇතුළත් කළ නිර්මාණය  කරණු ලබන "මඩිස්සල" රාශියක් තිබුණා.” ඇය පැවසුවාය.

"මේ අය භයානක පුද්ගලයන්, මොකද එයාලගේ අදහස් සහ මත ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යනවා කියලා එයාලා විශ්වාස කරනවා. එයාල හැමෝම ඇමරිකානු ජනතාව විසින් තේරී පත් කළ අයව, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීමට සහ සහාය දීමට දිවුරුම් දෙනවා." ගැබාර්ඩ් තවදුරටත් පැවසීය.

බුද්ධි ප්‍රජාව වසර ගණනාවක් තිස්සේ අතිශයින් දේශපාලනීකරණය වී ඇති අතර එහි අපේක්ෂිත ඉලක්ක සහ මුල් විධානයන්ගෙන් ඈත් වී ඇති බව ගැබාර්ඩ් තවදුරටත් පැවසීය. "ඒක හරිම සරලයි. බුද්ධි ප්‍රජාවට ඇති විධානය සත්‍යය සොයා ගැනීම සහ සත්‍යය පැවසීමයි." ඇය අවධාරණය කරමින් ප්‍රමාණවත් විනිවිදභාවයකින් පමණක් බුද්ධි ප්‍රජාව සඳහා "සැබෑ වගවීම" සහතික කර "සැබෑ වෙනසක්" ඇති කළ හැකි බව පැවසුවාය.

මේ සතිය මුලදී, ගැබාර්ඩ් වත්මන් සහ හිටපු බුද්ධි නිලධාරීන් 37 දෙනෙකුගෙන් ආරක්ෂක නිෂ්කාශන ඉවත් කළේ, ඔවුන් බුද්ධි තොරතුරු හැසිරවීම සහ දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමිනි. ගැබාර්ඩ්ට අනුව, මෙම පියවර "අපගේ මූලික ජාතික ආරක්ෂක මෙහෙයුම ආක්‍රමණශීලීව අනුගමනය කිරීමට, එම පාතාල රාජ්‍ය ක්‍රියාකාරීන් මුලිනුපුටා දැමීමට" පළමු පියවර බවට පත්ව ඇත.

මෙම ලැයිස්තුවට ජාතික ආරක්ෂක ඒජන්සියේ  හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රිචඩ් ලෙඩෙට්, බුද්ධි හා පර්යේෂණ සඳහා හිටපු සහකාර රාජ්‍ය ලේකම් බ්‍රෙට් හොල්ම්ග්‍රන් සහ එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය් හි හිටපු ප්‍රධාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්ටෙෆනි ඕ'සුලිවන් ඇතුළු ප්‍රමුඛ, බුද්ධි අංශවල ඉහළ නිළ්තල දැරූ පුද්ගලයින් කිහිප දෙනෙකු ඇතුළත් වේ.

Deep state entrenched in US intel community – Gabbard


පසු සටහන: මෙම ප්‍රවෘත්තිය තුළ  එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් භාවිත කළ වචනය වූයේ "Deep state" යන්නයි. Deep යන්නෙහි සිංහල තේරුම ගැඹුරු යන්නයි. මතු පිටින් පෙනෙන රාජ්‍යයට වඩා ගැඹුරින් තිබෙන රාජ්‍යය යන අර්ථයෙන් Deep state යන්න භාවිත කරන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. එහෙත් අමෙරිකාවේ Deep state හි ක්‍රියාකාරිත්වය ඉතාම අමානුෂික නීති විරෝධී ක්‍රම විරෝධී ස්ථාවරයන් මත ක්‍රියාත්මක වන හෙයින් එයට සිංහල භාෂාවෙන් ලබා දිය හැකි හොඳම වදන පාතාල රාජ්‍යය යන්න අපගේ මතය වන හෙයින්  පාතාල රාජ්‍ය යන වදන යොදා ඇත. 

සම්බන්ධිත පුවත් | Related News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
රෙන්අයි ජියාඕ (Ren’ai Jiao) ප්‍රදේශයේ මෑතකදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පිලිපීනයේ චෝදනා අනුගමනය කරමින් ප්‍රකාශ නිකුත් කළ තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (DPP) බලධාරීන් චීනයේ ප්‍රධාන භූමියේ ප්‍රකාශකයෙකු විසින් අද(21) දැඩි ලෙස විවේචනය කරනු ලැබීය.
යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි විසින් ආරක්ෂක අමාත්‍ය මිහායිල් ෆෙදොරොව් යුක්රේන රජයේ අමාත්‍ය මණ්ඩලය විශාල ලෙස ප්‍රතිසංවිධානය කිරීමේදී ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන්, තමන්ට තවත් බලවත් දේශපාලන ප්‍රතිවාදියෙකු බිහි කරගෙන ඇති බව යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු The Times පුවත්පතට ප්‍රකාශ කර ඇත.
ඉරානය සමඟ පවතින යුද ගැටුම හේතුවෙන් මේ වන විට ඇමරිකාවට, ඩොලර් බිලියන 37.5ක එනම් පවුම් බිලියන 28ක පමණ වැය වී ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරයි.
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් එරට හමුදා ප්‍රධානියා වූ ඔලෙක්සැන්ඩර් සර්ස්කි එම ධුරයෙන් ඉවත් කර තිබේ.
කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.
ජාතික මට්ටමේ තරගකාරී විභාගවල සිදුවූ බව කියන අක්‍රමිකතා සහ ඊට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සිසුන්ට පොලිසිය පහරදීමේ සිද්ධිය මුල් කරගනිමින්, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් කොංග්‍රස් පක්ෂයේ නායකයෝ අද නව දිල්ලියේදී දැවැන්ත විරෝධතාවයක නිරත වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.