"පාතාල රාජ්‍යය" එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව වටකර තිබෙනවා - එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්
එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව තුළට පාතාල රාජ්‍යයයේ ක්‍රියාකාරීන් ඇතුළු වී ඇති අතර, ඔවුන් බුද්ධි නිෂ්පාදනවලට “තමන්ගේම පක්ෂග්‍රාහී දේශපාලන අදහස් සහ උදහස්” ඇතුළත් කර ඇමරිකානු ජනතාවට එරෙහිව අතිශය විනාශකාරි ලෙස ක්‍රියා කරන බව එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් පැවසුවාය.
එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවෙන් වංචනික ක්‍රියාකාරීන් මුලිනුපුටා දැමීමට නැවත නැවතත් ප්‍රතිඥා දී ඇති එක්සත් ජනපද ජාතික බුද්ධි සේවා ප්‍රධානියා, පසුගිය 21 වනදා FOX Business වෙත අදහස් දක්වමින් මෙලෙස් ප්‍රකාශ කළේ, "පාතාල රාජ්‍යය" ඇමරිකාවේ බුද්ධි ආයතන තුළ සම්පූර්ණයෙන්ම “මඩිස්සල” නිර්මාණය කර ඇති බව අවධාරණය කරමිනි.
“පාතාල රාජ්‍යයේ ක්‍රියාකාරීන් ගැඹුරට මුල් බැස ගෙන ඔවුන් නායකත්වය දෙන මධ්‍යස්ථාන හෝ ඔවුන්ගේ ස්ථාවරයන් දේශපාලනීකරණය කරමින්, එක්කෝ ඇමරිකානු ජනතාවට එරෙහිව... [හෝ] බුද්ධි වාර්තා වලට ඔවුන්ගේම පක්ෂග්‍රාහී දේශපාලන අදහස් සහ අදහස් ඇතුළත් කළ නිර්මාණය කරණු ලබන "මඩිස්සල" රාශියක් තිබුණා.” ඇය පැවසුවාය.
"මේ අය භයානක පුද්ගලයන්, මොකද එයාලගේ අදහස් සහ මත ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යනවා කියලා එයාලා විශ්වාස කරනවා. එයාල හැමෝම ඇමරිකානු ජනතාව විසින් තේරී පත් කළ අයව, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීමට සහ සහාය දීමට දිවුරුම් දෙනවා." ගැබාර්ඩ් තවදුරටත් පැවසීය.
බුද්ධි ප්‍රජාව වසර ගණනාවක් තිස්සේ අතිශයින් දේශපාලනීකරණය වී ඇති අතර එහි අපේක්ෂිත ඉලක්ක සහ මුල් විධානයන්ගෙන් ඈත් වී ඇති බව ගැබාර්ඩ් තවදුරටත් පැවසීය. "ඒක හරිම සරලයි. බුද්ධි ප්‍රජාවට ඇති විධානය සත්‍යය සොයා ගැනීම සහ සත්‍යය පැවසීමයි." ඇය අවධාරණය කරමින් ප්‍රමාණවත් විනිවිදභාවයකින් පමණක් බුද්ධි ප්‍රජාව සඳහා "සැබෑ වගවීම" සහතික කර "සැබෑ වෙනසක්" ඇති කළ හැකි බව පැවසුවාය.
මේ සතිය මුලදී, ගැබාර්ඩ් වත්මන් සහ හිටපු බුද්ධි නිලධාරීන් 37 දෙනෙකුගෙන් ආරක්ෂක නිෂ්කාශන ඉවත් කළේ, ඔවුන් බුද්ධි තොරතුරු හැසිරවීම සහ දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමිනි. ගැබාර්ඩ්ට අනුව, මෙම පියවර "අපගේ මූලික ජාතික ආරක්ෂක මෙහෙයුම ආක්‍රමණශීලීව අනුගමනය කිරීමට, එම පාතාල රාජ්‍ය ක්‍රියාකාරීන් මුලිනුපුටා දැමීමට" පළමු පියවර බවට පත්ව ඇත.
මෙම ලැයිස්තුවට ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රිචඩ් ලෙඩෙට්, බුද්ධි හා පර්යේෂණ සඳහා හිටපු සහකාර රාජ්‍ය ලේකම් බ්‍රෙට් හොල්ම්ග්‍රන් සහ එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය් හි හිටපු ප්‍රධාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්ටෙෆනි ඕ'සුලිවන් ඇතුළු ප්‍රමුඛ, බුද්ධි අංශවල ඉහළ නිළ්තල දැරූ පුද්ගලයින් කිහිප දෙනෙකු ඇතුළත් වේ.
Deep state entrenched in US intel community – Gabbard
පසු සටහන: මෙම ප්‍රවෘත්තිය තුළ එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් භාවිත කළ වචනය වූයේ "Deep state" යන්නයි. Deep යන්නෙහි සිංහල තේරුම ගැඹුරු යන්නයි. මතු පිටින් පෙනෙන රාජ්‍යයට වඩා ගැඹුරින් තිබෙන රාජ්‍යය යන අර්ථයෙන් Deep state යන්න භාවිත කරන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. එහෙත් අමෙරිකාවේ Deep state හි ක්‍රියාකාරිත්වය ඉතාම අමානුෂික නීති විරෝධී ක්‍රම විරෝධී ස්ථාවරයන් මත ක්‍රියාත්මක වන හෙයින් එයට සිංහල භාෂාවෙන් ලබා දිය හැකි හොඳම වදන පාතාල රාජ්‍යය යන්න අපගේ මතය වන හෙයින් පාතාල රාජ්‍ය යන වදන යොදා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..