සල්ලි අච්චු ගැහුවේ නෑ.. පුළුල් මුදල් සැපයුම වෙනස් කළා විතරයි..- මහ බැංකුව කියයි
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකකි!
“මුදල් අච්චු ගැසීම” යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීමයි. මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි. මෙමගින් මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය ඉහළ යන අතර, ආර්ථිකයට අලුතින් මුදල් එකතු වේ.
“පුළුල් මුදල් සැපයුම (M2b)” යනු ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාරයක් පමණි. පුළුල් මුදල් සැපයුම (M2b) තුළ මහජනතාව සතු ව්‍යවහාර මුදල් වලට අමතරව තවත් සංරචක කීපයක් ඇතුළත්වේ.
බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජය සතු වාණිජ ව්‍යාපාර වෙත ලබා දුන් ණය සහ බැංකු පද්ධතිය සතු විදේශීය වත්කම් යනාදිය පුළුල් මුදල් සැපයුම (M2b) තුළ අන්තර්ගත වේ.
මේ නිසා, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම, මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැනදැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්