News Category
From Date
To Date
Maximum Number of Result

ඉතිහාසයේ සත්‍යය මතක තබා ගත යුතුයි.. අමතක කිරීම යනු වැටුණු අයව දෙවන වරටත් මරා දැමීමක් - මෙරට චීන තානාපති ක්වි ෂෙන්හොං

Aug 21, 2025 at 11:42 AM
|

ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින්  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති පිළිගැනීමේ උත්සවයේදී චීන තානාපති ක්වි ෂෙන්හොං විසින්  අදහස් දක්වමින්, ඉතිහාසයේ සත්‍යය මතක තබා ගත යුතු බවත් අමතක කිරීම යනු යුද බිමේ ඇද වැටුණු අයව දෙවන වරටත් මරා දැමීමක් බවත්, මතක තබා ගැනීම සාමය සඳහා වඩාත්ම අවංක ආරක්ෂාව බවත් අවධාරණය කළේය.

එතුමා විසින් කළ සමස්ත කතාව පහතින්....

ශ්‍රී ලංකාවේ 6 වන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ගරු උපාලි පන්නිලගේ මැතිතුමා,ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මැතිතුමා,හිතවත් අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකාවේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වල නියැලෙන සාමාජිකයිනි,සෑම තරාතිරමකම සම්භාවනීය අමුත්තනි සහ මිත්‍රවරුනි.

මෙම වසර ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාව ගෙනගිය අරගලයේ ජයග්‍රහණය සමරන  80 වන වසර මෙන්ම මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරනවා. ඒ වෙනුවෙන් චීනය අනුස්මරණ ක්‍රියාකාරකම් මාලාවක් පවත්වනු ලබනවා. අද රාත්‍රියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතය වන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අපි රැස්වන්නේ වසර 80 කට පෙර ලැබූ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය සැමරීම වෙනුවෙනුයි. එය අතිමහත් දුක් වේදනා අවසන් කර මනුෂ්‍යත්වය සඳහා බලාපොරොත්තුව නැවත ඇති කළ ජයග්‍රහණයක්. අපි සියළු දෙනා එක්ව, ඒ ඉතිහාසය සිහිපත් කරමු, වැටුණු වීරයන්ට ගෞරව කරමු, සාමය අගය කරමු, සහ වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට දායක වෙමු.

ඉතිහාසයේ සත්‍යය මතක තබා ගත යුතුයි. ඉතිහාසය අමතක කිරීම යනු වැටුණු අයව දෙවන වරටත් මරා දැමීම බවත්, ඉතිහාසය මතක තබා ගැනීම සාමය සඳහා වඩාත්ම අවංක ආරක්ෂාව බවත් එය ඉතිහාසය අපට මතක් කර දෙනවා. වසර 80 කට පෙර යුද්ධය යුක්තිය සහ නපුර, ආලෝකය සහ අන්ධකාරය, ප්‍රගතිශීලීන් සහ ප්‍රතිගාමීන් අතර තීරණාත්මක සටනක් වූවා. යුක්තියේ ධාරාව අවසානයේ උන්මත්තක ෆැසිස්ට් යුද යන්ත්‍රයේ බලකොටු බිඳ දමනු ලැබුවා. ගෝලීය ව්‍යසනය මධ්‍යයේ, ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ යුද්ධය, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ආරම්භය සනිටුහන් කළ අතර නැගෙනහිර ප්‍රධානතම  යුධ පිටිය විවෘත කළේය. වසර 14ක් පුරා පැවති එම යුද්ධය, දෙවන ලෝක යුද්ධයේ මූලාරම්භය වූ , දීර්ඝතම කාලයක් පැවති, මරණය දක්වාම දරුණු ලෙස සටන් වැදුණු, විශාලතම හමුදා යෙදවීමක් කළ, දරුණු සටන් සිදු කළ එමෙන්ම වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා කළ යුධ පිටිය ලෙස හැඳින්විණි.චීනය පුරා මිලියන 35කට අධික ජීවිත පූජා කරමින්, චීන ජනතාව නිරන්තරයෙන් ජපන් මිලිටරිවාදයේ ප්‍රධාන බලවේග සමඟ සටන් කළ අතර, දෙවන ලෝක යුද්ධයේදී ජපන් හමුදා භටයින් මිලියන 1.5 කට වඩා විනාශ කළ අතර එය දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ මුළු හමුදා තුවාලකරුවන්ගෙන් 70% ක් පමණ විය. මෙම ජයග්‍රහණය ජපන් ආක්‍රමණිකයින්ගේ අවසාන පරාජයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා පමණක් නොව, ලොව පුරා අනෙකුත් සටන් පෙරමුණු වලට තීරණාත්මක සහයෝගයක් ලබා දුන් අතර, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ අවසාන ජයග්‍රහණයට දැවැන්ත ඓතිහාසික දායකත්වයක් ලබා දුන්නේය. චීනයේ භූමියේ ඇති සෑම නමක් නොමැති ජීවිතය පූජා කළ අයෙකුගේ සොහොනක්ම ෆැසිස්ට්වාදයට එරෙහි ලෝක යුද්ධයේ ජයග්‍රහණයේ මුල් ගලක් වන්නේය. ලේ වැගිරෙන කඳු සහ ගංගාවල සෑම අඟලක්ම ධර්මිෂ්ඨකම වෙනුවෙන් තම ජීවිත පූජා කළ අයගේ සලකුණ දරනවා. නිහඬතාවයේ මැකී ගිය සෑම පුද්ගල නමක්ම අන්ධකාරය හරහා කපා දිලිසෙන ආලෝකයේ කඩුවකි.

ඉතිහාසයේ නාදය නිමක් නැතිව දෝංකාර දෙනවා. සාමය කිසිදා ඉතිහාසයෙන් ලැබුණු ස්වභාවික තෑග්ගක් නොව, තර්කය, ධෛර්යය සහ එකඟතාවය තුළින් මනුෂ්‍යත්වය විසින් පෝෂණය කරන ලද වටිනා පලතුරක් බව ජීවිතය පූජා කළ අපට පසක් කරනු ලබන්නේය. දැන් මේ ඉතිහාසය වසර 80ක් ගෙවා පැමිණ සිටින අතර යුද්ධයේ දුමරාය බොහෝ කලකට පෙර අතුරුදන කර හැර ඇත. කෙසේ වෙතත්, අද ලෝකය දැඩි කැළඹිලි සහිත වී තිබේ. බල දේශපාලනය සහ සීතල යුද්ධ මානසිකත්වය තවමත් අවතාර මෙන් රැඳී  තිබෙන අතර, කලාපීය ගැටුම්වල සෙවනැල්ල වෙහෙස මහන්සි වී උපයාගත් සාමයට තර්ජනයක් වෙමින් පවතිනවා. වෛරයේ දම්වැල් සදාකාලික කිරීමට නොව, වරක් මනුෂ්‍යත්වය අගාධයට ඇද දැමූ නපුරු මූලයන් සදහටම කපා දැමීමට සහ සැබෑ ආලෝකයේ උදාව පිළිගැනීමට අපි ඉතිහාසය මතක තබා ගන්න්නෙමු.

ඉතිහාසයේ පාඩම් තවමත් නැවුම් ය. මිලිටරිවාදය කල් පවතින සාමයක් ගෙන නොඑන බවට ඔවුන් අපට අනතුරු අඟවනවා. සීතල යුද්ධයකදී, උණුසුම් යුද්ධයකදී, තීරුබදු යුද්ධයකදී හෝ තාක්ෂණික යුද්ධයකදී, ජයග්‍රාහකයින් නොසිටිනු ඇත. ආධිපත්‍යය උඅනු දුර්වලයන්ට එරෙහිව ශක්තිමත් ගොදුරක් නැවත පැමිණීමට ඉඩ නොදිය යුතු වනාන්තර නීතියකි. නව තත්වයන් සහ අභියෝගවලට මුහුණ දෙන විට, එක්සත් ජාතීන්ගේ අධිකාරිත්වය සහ එහි මූලික කාර්යභාරය විය යුත්ට්තේ සමාජය දුර්වල කිරීමට නොව ශක්තිමත් කිරීමට පමණි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම කිසි විටෙකත් යල් පැන ගොස් නැත. ඊට පටහැනිව, ඒවා ඊටත් වඩා වැදගත් වී ඇත. මේ මොහොතේ, ඉතිහාසයේ පාඩම් මත පදනම් වූ ගැඹුරු විඥානයකට පමණක් අපගේ මාවත නැංගුරම් ලෑමට සහ මනුෂ්‍යත්වය අන්ධකාරයේ සහ යුද්ධවල චක්‍රයට නැවත වැටීම වළක්වා ගත හැකිය.

ඉතිහාසයේ මතකය කිසිදා මැකී නොයනු ඇත. එය රුධිරයේ සහ ගින්නේ කැළැල් දරාගෙන, ගෞරවය සහ සහජීවනය කරා යන ගමන ආලෝකවත් කරන ආලෝකයකි. අපි එක්ව ප්‍රතිඥා දෙමු: ඉතිහාසයේ ඛේදවාචකය නැවත ඇති වීමට ඉඩ නොදිය යුතුය! අපව ඉදිරියට ගෙන යන යාත්‍රාව ලෙස අනුස්මරණය අපගේ පැහැදිලි කැඳවීම සහ සහයෝගීතාවය ලෙස තබාගෙන, ඓතිහාසික මතකයේ ආරක්ෂකයින් ලෙස, සංවර්ධනයේ සහ පුනර්ජීවනයේ හවුල්කරුවන් ලෙස සහ ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තියේ ආරක්ෂකයින් ලෙස ඒකාබද්ධව සේවය කරමු. අපි වෙහෙස වී දිනාගත් සාමයේ අගය කර ආරක්ෂා කර, අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණත්වය, යුක්තිය සහ ජයග්‍රාහී සහයෝගීතාවයේ මාවත ඔස්සෙඔ ස්ථිරව ඉදිරියට යමු.

චීන මහා ප්‍රාකාරයේ සිට ශ්‍රී ලංකාවේ සීගිරි සිංහ පර්වතය දක්වා, සාමය කෙරෙහි විශ්වාසය සදාකාලික පර්වතයක් මෙන් රැඳී සිටීමට ඉඩ දෙන්න, සංවර්ධනයේ ඵල අපගේ සියලු පරම්පරාවන්ට ප්‍රයෝජනවත් වේවා!

ස්තූතියි!

Remarks by Ambassador Qi Zhenhong at the Reception Commemorating the 80th Anniversary of the Victory of the Chinese People's War of Resistance Against Japanese Aggression and the World Anti-Fascist War

සම්බන්ධිත පුවත් | Related News

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ප්‍රධාන පුවත්

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.