‘සීහෙළ ගෝතම සිරි සම්බුද්ධ නිකාය’ ශාසන විරෝධී භික්‍ෂු සංවිධානයක් - ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් දැනුම් දීමක්..
‘සීහෙළ ගෝතම සිරි සම්බුද්ධ නිකාය’ ශාසන විරෝධි භික්ෂු සංවිධානයක් බවට ත්‍රෛනිකායික මහනායක ස්ථවිරයන් වහන්සේලා එක්ව තීරණය කර කොට ඇත.
ත්‍රෛනිකායික අතිගෞරවාර්භ මහනායක මාහිමිපාණන් වහන්සේලා සිව් නමගේ උපදෙස් අනුශාසනා පරිදි අදාළ ත්‍රෛනිකායික ලේඛකාධිකාරී නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා 19 වැනි දින මල්වතු මහා විහාරයට රැස්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට එම තීරණය පිළිබඳව දැනුම් දීමක් සිදු කළහ.
මෑතකදී ආරම්භ කරන ලදැයි කියන ‘සීහෙළ ගෝතම සිරි සම්බුද්ධ නිකාය’ට අයත් භික්ෂු කණ්ඩායම මගින් සිදු කරන ධර්ම විනය විකෘතිය හා ශාසන පරිහානිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කොට එකී අප්‍රතිකාරී කටයුත්ත වැළැක්වීම් සම්බන්ධයෙන් ගත යුතු ශාසනික හා නෛතික පියවර පිළිබඳවත් ඒ සම්බන්ධයෙන් බෞද්ධ ජන සමාජය දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡා කළහ.
එසේම එම පිරිස විසින් මහනායක ධුරය ආදි තනතුරු පිහිටුවමින් සිදු කරන ලදැයි පවසන උපසම්පදා විනය කර්මය එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වංචනික ලෙස රවටා සිදුකරන ලද බවට එකී විහාරාධිපති හිමි විසින් ලිඛිතව දන්වා ඇත. ඒ අනුව එම උපසම්පදා කර්මය සිදුකර ඇති අන්දම ධර්ම – විනය විරෝධී බවත් ශාසනික සම්ප්‍රදාය අනුව එවැනි කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවත් ත්‍රෛනිකායික මහා සංඝරත්නය මහජනතාව වෙත දැනුම් දුන්හ.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්ථවිර, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ශ්‍රී ධම්මානන්ද නායක ස්ථවිර, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී නායක ස්ථවිර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ ශ්‍රී සාසනරතන නායක ස්ථවිර යන ස්වාමීන් වහන්සේලා එක්ව මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළහ.
ඒ අනුව මෙවැනි ළාමක මතවාදයන් ප්‍රවර්ධනය කරන කණ්ඩායම් මගින් ඉදිරිපත් කරන ධර්ම – විනය විරෝධී අදහස් පිළිගැනීමෙන් වළකින ලෙසත් එම මතවාදයන් ප්‍රවර්ධනය කිරීම ශාසනික පරිහානියට මෙන්ම මෙරට ස්වෛරීත්වයට හානිකර බව සිහිපත් කරන බවත් එම මාධ්‍ය නිවේදනයෙන් අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..