දැවැන්ත ප්‍රහාරයකට සූදානම් වන 3ක් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි..
කිසියම් දැවැන්ත ප්‍රහාරයක් සඳහා අවි ආයුධ ගබඩා කරගෙන සිටි දෙමළ ජාතික සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මහජන සහාය පතයි.
ඉකුත් ජූලි මස 21 වැනිදා කිරිබත්ගොඩදි ත්‍රිරෝද රථයකින් යමින් සිටි තරුණයකු ටී- 56 අවියක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය විය. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත වවුනියාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අත්බෝම්බ තොගයක් ද පොලිසිය සොයාගෙන තිබිණි.
එම අත්බෝම්බ කොළඹට රැගෙන ඒමට සූදානම් කර තිබූ බවද පසුව හෙළි විය. එම අත්බෝම්බ ගබඩා කරගෙන සිටි සැකකරුවන් තිදෙනා පිළිබඳ සියලු තොරතුරු ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් මේ වනවිට හෙළි කරගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් පිළිබඳ විස්තර මෙසේය.
ශිවරුපා සුජීපන් ගාන්ධි නගර්, සේයකුලම් පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
27 හැවිරිදි ඉලන්කෝ සෙට්චින්නන් මැණික්හාමි සෙට්ටිකුලම් පදිංචිකරුවෙකි.
මහේන්දිරන් යෝගරාජා 27 හැවිරිදි වියේ පසුවන අරාලි බටහිර වඩුකොට්ටෙහි පදිංචිකරුවෙකි.
මොවුන් පිළිබඳ තොරතුරු මෙතෙක් ත්‍රස්තවිමර්ශන ඒකකයේ 0718591966 හෝ 0718596150 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
- හේමන්ත රන්දුණු (Divaina)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉන්දියාව දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී සහ රැකියා අර්බුදයක - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර