News Category
From Date
To Date
Maximum Number of Result

බැඳීමක් නැති නමුත් මාරාන්තිකයි: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ A/HRC/60/21 (2025) යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය විනාශ කරන්නේ කෙසේද?

Aug 20, 2025 at 02:34 PM
|

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා තාක්ෂණික වශයෙන් බැඳීමක් ඇති කරන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය , ත්‍රස්තවාදය අවසන් කිරීම නොනවතින පරීක්ෂාවකට ලක්කර තිබේ. එය තෝරාගත් රණවිරුවන් සහ අණදෙන නිලධාරීන් ඉලක්ක කරගත් දඩයමකි. 2009 සිට සෑම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයකටම ඉදිරිපත් වූ යෝජනාවක්ම තියුණු කාල බෝම්බයක් වී ඇති අතර එය 2015 රනිල්-සිරිසේන-මංගල “යහපාලන” රජයේ සම අනුග්‍රහය මගින් වඩාත් නරක අතට හැරුණි. විධිමත් නීතිමය බලයක් නොමැති වුවද, A/HRC/60/21 (2025)  සහාය දක්වන ජාතීන්ට - විශේෂයෙන් එක්සත් රාජධානිය, කැනඩාව සහ යුරෝපා සංගමයේ රාජ්‍යයන්ට - සම්බාධක, ආධාර කොන්දේසි, වීසා තහනම් කිරීම්, හමුදා සීමා කිරීම් සහ ආර්ථික පීඩනය හරහා මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ හැකිය. කෙසේ වුවද මෙම යෝජනා සම්මත වුවහොත්,  “බන්ධනයක් නොවන” නිර්දේශ දේශපාලනිකව ආයුධ බවට පත් කරනු ඇත.එලෙසම මෙම යෝජනා සම්මත වීම මගින් වත්මන් ආණ්ඩුව රාජ්‍යයේ ස්වෛරීභාවයට වඩා තම පක්ෂයේ පැවැත්මට ප්‍රමුඛත්වය දීමේ අවදානමක් ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය දැනටමත් සීමා වී ඇති බැවින් මෙම අනතුර තවත් වැඩි වේ. එනම් දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන ප්‍රතිපත්ති ලීවර පාලනය කරන අතර මහ බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වේ. දැනටමත් තීරණාත්මක ජාතික වත්කම් විදේශයන්හි අතෙහි පවතී. ඉදිරියේ ඇති එකම මාර්ගය පැහැදිලිය. එනම් ශ්‍රී ලංකාව මෙම යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර නොබැඳි ජාතීන්ගේ සංවිධානය සමඟ නැවත එක්විය යුතුය. ඒ සමඟම සාම්ප්‍රදායික මිත්‍රශීලී ජාතීන් සමඟ සබඳතා ගැඹුරු කරමින් තාවකාලික දේශපාලන පැවැත්ම සඳහා රාජ්‍ය්යේ ස්වෛරීභාවය හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කළ යුතුය.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ ගෙන එන යෝජනාවලට එකඟ වීම අපව ලෝකයේ සමාන හවුල්කරුවෙකු බවට පත් වෙනවා වෙනුවට ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කිරීමේ අවදානමක් අප හමුවේ උද්ගත වනු ඇත.

මෙම පසුබිමට එරෙහිව, සත්‍ය සහ සංහිඳියා කොමිසමකින් 13 වන සංශෝධන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ බාහිර වගවීම සඳහා වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම් - ඇතුළතින් ස්වෛරීභාවය බිඳ දැමීමට, පාලන ව්‍යුහයන් නැවත සක්ස් කිරීමට සහ ශ්‍රී ලංකාව ස්ථිරවම සෝදිසියෙන් තබා ගැනීමට නිර්මාණය කර ඇති ට්‍රෝජන් අශ්වයන් ය.

මෙය වෙනත් විදියකින් කියන්නේ නම් යටත් විජිතවාදය නැවත අර්ථ ගන්වා ප්‍රතිව්‍යුහගත කිරීමකි. අතීතයේදී,

සම්මුතිය පීඩනය ලිහිල් කරනු ඇතැයි විශ්වාස කිරීමෙන් ශ්‍රී ලංකාව දැනටමත් වැරදි කර ඇත. යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීම, දෙමුහුන් අධිකරණ සමඟ ආලවන්ත හැඟීම් පෑම සහ “ජාත්‍යන්තර සහාය” ලබා ගැනීම යනු රටේ ඉතිහාසය නැවත ලිවීමට සහ එහි අනාගතය නියම කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින අය ධෛර්යමත් කිරීම පමණක් සිදුවේ. පාඩම පැහැදිලිය: එනම් යටත් වීම සහ සැනසීම යනු ඉල්ලීම් වඩාත් භයානක ලෙස වර්ධනය වීමයි.

ආසන්න කාලය (මාස 0–3): සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික පීඩනය

1)එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මත වීම- යෝජනාව "බැඳීමක් නැති" ප්‍රපංචයක් වුවද ඒ සඳහා ඡන්දය දුන් බටහිර කණ්ඩායම් සම්මත වූ යෝජනාව අනිවාර්ය බැඳීමක් ලෙස සලකනු ඇත.

2) OHCHR/ITJP වාර්තාවල නම් කර ඇති හමුදා සහ දේශපාලන පුද්ගල චරිත වලට එරෙහිව වීසා තහනම් කිරීම් / සංචාරක සීමා කිරීම - ඔවුන්ගේ දරුවන්ගේ ගමන්, ශිෂ්‍යත්ව හෝ ඇතුළත් කිරීම් පවා ප්‍රතික්ෂේප කළ හැකිය.

3)“යහපත්කම” පෙන්වීම වෙනුවෙන් - සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණ පිහිටුවීමට හෝ දඬුවම් විඳිමේ පියවරයන්ට මුහුණ දීමට මෙන්ම ශ්‍රී ලංකාවට විදේශ පීඩනය වැඩි වේ.

4)ආර්ථික හුස්ම හිරවීම ආරම්භ වේ - IMF කොන්දේසි දැඩි වේ; ශ්‍රී ලංකාව “ජිනීවා සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන්නේ නම්” ණය වාරික ප්‍රමාද වේ. මෙය කැරට් අලයකි.

5)ස්වෛරීභාවයට පහර දීම: තේරී පත් වූ රජයේ පාලනයෙන් ඔබ්බට ගොස් මහ බැංකුව දැනටමත්, ජනතාවගේ කැමැත්තෙන් තොරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදුව ක්‍රියාත්මක කරනු ලබ්යි.

6)පළමුව බලපාන්නේ කාටද? හමුදා නායකත්වය, දේශපාලන ප්‍රභූන්, රණවිරුවන් සහ දුප්පතුන් (ඉන්ධන, විදුලිය සහ බදු වැඩි කිරීම් සමඟ).

කෙටි කාලීන (මාස 3–6) හෙවත් සතුටු කිරීමේ අදියර: රජය සිරවනු ඇත

1)13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට පීඩනය - පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල බෙදා හැරීම, මධ්‍යම පාලනය දුර්වල කිරීම. ඒකපාර්ශ්වික නිදහස් ප්‍රකාශනයක් නිකුත් කිරීම/වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට පවා හැකියාව ලැබෙනු ඇත. උතුරු සහ නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම, කඳවුරු වසා දැමීම ඒ අතර වේ.

2)එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශ යටතේ පිහිටුවන ලද ඨ්ර්‍C හෙවත් සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම තුළ විදේශීය “විශේෂඥයින්ට” ශ්‍රී ලාංකිකයන් විනිශ්චය කිරීම වෙනුවෙන් පෙනී සිටීමට දොර විවර කරයි.

3)ඉලක්කගත සම්බාධක හමුදා/දේශපාලන පුද්ගලයින්ට සම්බන්ධ ව්‍යාපාර සඳහා පුළුල් වේ -ශ්‍රී ලංකාවේ බැංකු සහ සමාගම්  “අවදානම් කළාප්යේ” තැබීම ආරම්භ වේ.

4)වත්කම් හුවමාරු කිරීම් වේගවත් වේ - ජාතික යටිතල පහසුකම් (වරාය, බලශක්ති, විදුලි සංදේශ, වතු) “ණය ප්‍රතිව්‍යුහගත කිරීම” යටතේ විදේශීකයන් අතට පත් කිරීමට සාකච්ඡා කෙරේ.

5)ස්වෛරීභාවයට පහර දීම: ශ්‍රී ලංකාව තම ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීම අහිමි කරන අතර, මධ්‍යම බලතල අහිමි වීමෙන් ජාතික ආරක්ෂාව අවදානමට ලක් වේ.

6)මුලින්ම බලපෑමට ලක් වන්නේ කවුද: හමුදා පවුල්, උතුරු/නැගෙනහිර රාජ්‍ය අංශය, පෞද්ගලීකරණයට මුහුණ දෙන රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයින්.

මධ්‍ය කාලීන (මාස 6–12): බල රහිත ජාතියක්

1)දෙමුහුන් වගවීමේ ඉල්ලීම් උත්සන්න වේ - ජාත්‍යන්තර විනිසුරුවන්, නඩු පවරන්නන් සහ විමර්ශකයින් දේශීය නීතිය අභිබවා යාමට ඉල්ලා සිටිනු ඇත.

2)"ධාරිතා වර්ධනය" මුවාවෙන් ශ්‍රී ලංකා ආයතනවලට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයින් ඇතුළත් වේ.

3)ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  විසින් මෙහෙයවනු ලබන කප්පාදුව ගැඹුරු වේ - මුදල් අවප්‍රමාණය, බදු වැඩි කිරීම්, සුභසාධන කප්පාදු, ඉන්ධන/විදුලිය පෞද්ගලීකරණය.

4) ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  නම් මන්ත්‍රය යටතේ මහ බැංකුව, දේශීය සහන පියවර අවහිර කරයි, මහජන දුක් වේදනා පුළුල් කරයි.

5)විදේශීය සමාගම් ප්‍රධාන සම්පත් (බලශක්ති ජාලක, වරාය, කෘෂිකර්මාන්තය, ජල සැපයුම) පාලනය කරයි.

6)ස්වෛරීභාවයට පහර දීම: රජය රූකඩ චරිතයක් බවට පත්වන අතර, සැබෑ තීරණ ගැනීමේ බලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විදේශීය ආයෝජකයින් විසින් දරනු ලැබේ.

7) මුලින්ම බලපාන්නේ කාටද: සාමාන්‍ය ජනතාව (මිල ඉහළ යාම, රැකියා අහිමිවීම්), ගොවීන් සහ ධීවරයින් (ඉඩම්/ජල ප්‍රවේශය ආයතන වෙත මාරු වන විට).

දිගු කාලීන (මාස 12–24): ජාතික බිඳවැටීම

1)ස්ථිර එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය – ශ්‍රී ලංකාව “විශේෂ මානව හිමිකම් අධීක්ෂණ වරමක්” යටතේ තබා ඇති අතර, විදේශ මැදිහත්වීම් නීත්‍යානුකූල කරයි.

2)පළාත් සභා ධෛර්යමත් කර ඇත – බාහිර ක්‍රියාකාරීන් ෆෙඩරල්වාදය/බෙදුම්වාදය තල්ලු කිරීම සඳහා විමධ්‍යගත බලතල අවභාවිතා කරනු ඇත.

3)ආර්ථික යටත් විජිතකරණය සම්පූර්ණයි – වරාය, ගුවන්තොටුපළ, උපයෝගිතා සහ ස්වාභාවික සම්පත් බහුතරයක් විදේශිකයන් සතුය.

4)වත්කම් සඳහා ණය හුවමාරු අවසන් කර ඇත – ශ්‍රී ලංකාවේ දුර්වල ජාතික විරෝධී රජය පැවැත්ම සඳහා ස්වෛරීභාවය හුවමාරු කරනු ඇත.

5)විදේශ ආරක්ෂක අවශ්‍යතා ඇතුළත් කර ඇත – හමුදා කඳවුරු / විදේශ ආයෝජන ආවරණය යටතේ බදු දී ඇති “උපායමාර්ගික ප්‍රවේශ ස්ථාන”.

6)ස්වෛරීභාවයට පහර දීම: ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම නවත්වයි - විදේශ පාලනය යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කර ඇත. නමින් පමණක් ස්වෛරීභාවය.

7)මුලින්ම බලපාන්නේ කාටද: මුළු ජනගහනයම - ස්වෛරීභාවය අහිමි වීම යනු අනාගත පරම්පරාවන්ගේ ස්වාධීනත්වය අහිමි වීමයි.

අනතුර ජිනීවා පමණක් නොව, ජිනීවා + ජාත්‍යන්තර මුල්‍ය අරමුදල + විදේශීය ආයතනික අත්පත් කර ගැනීම් එක්ව ක්‍රියාත්මක වීමයි. "බැඳීමක් නැති" යෝජනා දේශපාලනික පළිබෝධනාශක වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මත යැපීම ආර්ථික ග්‍රහණයයි; වත්කම් පෞද්ගලීකරණය ට්‍රෝජන් අශ්වයා වේ.සියලු සතුරු කඳවුරු එකතුවී, ශ්‍රී ලංකාව නාමයෙන් පමණක් ස්වාධීනත්වයට පත් කරන ස්වෛරීභාවය කැබලිවලට කඩා දමයි.

ශ්‍රී ලාංකිකයන්ට කළ හැක්කේ සහ කළ යුත්තේ කුමක්ද?


ශෙනාලි වඩුගේ මහත්මිය සිය බ්ලොග් අඩවියේ පල කළ ඉතා කාලීන වටිනාකමක් ඇති ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කර මෙසේ පල කරමු.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

Non-Binding but Deadly: How UNHRC Resolution A/HRC/60/21 (2025) could destroy Sri Lanka’s Sovereignty

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය වසර 75ක කාලය තුළ වාර්තා වූ ඉතා ප්‍රබලතම එල් නිනෝ කාලගුණික තත්ත්වය ඉදිරි මාසවලදී ඇතිවීමේ සම්භාවිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට තාවකාලිකව නතර වී ඇති චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික ලේකම් විසින් නගර සභාවේ ඇති බුද්ධ ප්‍රතිමාව සහ මාසික ධර්ම දේශනය නතර කරන බවට මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකර ඇති බවත්, මෙම ලිපිය යොමුකර ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් පරිදි බවත් රූපවාහිනී නාලිකාවක සංවාදයකදී අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු විසින් කරුණු විමසීමක් සිදුකර ඇත.
විධායකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව කටාන නගරයේදී සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ජීවත්වන 160,000කට වැඩි පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් එළැඹෙන 23 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ප්‍රධාන පුවත්

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.