අල්ලස් ගත් විනිසුරුවරයෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට..
කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, රු.2,300/- (රුපියල් දෙදහස් තුන්සියය) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන් මත කල්මුණේ කාර්ති උසාවියේ, කාර්ති විනිසුරුවරයෙකු සහ ඔහුගේ බිරිඳ 2025.08.18 වන දින ප.ව.5.56 සහ ප.ව.5.57 ට මරදමුනේ 03 ලිපිනයේ පිහිටි කාදියාර් කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පැමිණිලිකාරිය දික්කසාද වී ඇති සැමියා විසින් ළමයින් තිදෙනා වෙනුවෙන් මාසිකව ලබාදෙනු ලබන නඩත්තු මුදල කාර්ති උසාවිය හරහා ලබා ගැනීමට කටයුතු කිරීමේ දී එම මුදල් පැමිණිලිකාරියට ලබාදීම සඳහා කටයුතු කර දීම වෙනුවෙන් මාසිකව රු.300/- (රුපියල් තුන්සිය) බැගින් ඉල්ලා මේ වන තෙක් ලබා ගෙන ඇති අතර, 2025.08.18 වන දින ඉහත පරිදි නඩත්තු මුදල් කාර්තු උසාවිය හරහා ලබා දීමට කටයුතු කර දීම වෙනුවෙන් රු.300/- (රුපියල් තුන්සිය) මුදල සහ දැනට ගෙවනු ලබන රු. 18,000/-(රුපියල් දහඅටදහස) ක නඩත්තු මුදල වැඩිකර, ලබාදීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා රු.2000/-(රුපියල් දෙදහසක) මුදලක් වශයෙන් සම්පූර්ණ රු.2,300/- (රුපියල් දෙදහස් තුන්සියය) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ දී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..