ආණ්ඩුව වී ගන්නේ කුණු කොල්ලෙට.. - ගොවි සංවිධානවලින් චෝදනා..
රජය විසින් අනුමත කරන ලද මිලට තම වී අස්වැන්න අලෙවි කිරීමට නොහැකිවීම නිසා තවදුරටත් ගැටලු වලට මුහුණ දී සිටින බව පොළොන්නරුවේ වී ගොවීන් පවසයි.
ඔවුන් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, මෙම ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණහොත් වත්මන් රජයේ පැවැත්මට එය බලපෑ හැකි බවයි.
ගොවීන් පෙන්වා දෙන්නේ, තෙත් වී සඳහා රුපියල් 90ක් වැනි අඩු මිලක් ලැබෙන අතර රජය විසින් නියම කර ඇති මිලට වී මිලදී ගැනීමක් සිදු නොවන බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් තමන් අසරණ වී ඇති බවත්, වියළි වී කිලෝවක් සඳහා රුපියල් 110-115ක මිලක් ලැබුණහොත් පමණක් තම ජීවන තත්ත්වය යහපත් කරගත හැකි බවත් ඔවුන් සඳහන් කළහ.
රජය හොඳ මිලක් නියම කළ බව පැවසුවද, ප්‍රායෝගිකව එම මිලට වී මිලදී නොගන්නා බවට ඔවුන් චෝදනා කළහ. මෙම ගැටලුව පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා දේශපාලනඥයන් හෝ වගකිවයුත්තන් නොපැමිණීම පිළිබඳවද ඔවුන් සිය කනස්සල්ල පළ කළේය.
මහා වාරි ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට තෙත් වී රුපියල් 102කට මිලදී ගැනීමට චක්‍රලේඛ නිකුත් කළද, ඒ සඳහා අවශ්‍ය මුදල් ඔවුන්ට තවමත් ලැබී නොමැති බව පැවසීය. රජය වී සඳහා හොඳ මිලක් පවතින බව ප්‍රකාශ කළත්, එය යථාර්ථයට බොහෝ දුරස් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..