News Category
From Date
To Date
Maximum Number of Result

චිචිගේ රොකට්ටුව තියෙන තැන එක්සත් ජාතීන් (UN) පෙන්වයි.. සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ආණ්ඩුවට බරපතල මාරකයක් ගෙනල්ලා - ගම්මන්පිලගෙන් අනාවරණයක්

Aug 19, 2025 at 07:13 AM
|

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

අහසේ පවතින වස්තූන්ගෙන් අපල එන බවට ජවිපෙ නායකයින් විශ්වාස නොකලත් අද චිචී රොකට්ටුව නමින් රටම දන්නා සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ආණ්ඩුවට බරපතල මාරකයක් ගෙනැවිත් ඇති බව පැහැදිලියි. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා පසුගිය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කලේ සුප්‍රීම් සැට් නමින් චන්ද්‍රිකාවක් ගුවන් ගත කර නෑ කියලා. එතුමා ඒකට මූලාශ්‍රය ලෙස කිව්වේ චන්ද්‍රිකා පිලිබඳ කටයුතු කරන එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනය ලෙස එතුමා හැඳින්වූ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය නැතිනම් අයිටියූ එක. මුලින්ම කියන්න ඕනි අයිටියූ කියන්නේ චන්ද්‍රිකා සම්බන්ධ එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනය නොවේ. ඒක ආණ්ඩුවේ තවත් පචයක්. ඒක ප්‍රධාන වශයෙන් කරන්නේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් සැකසීමට අමතරව විශ්වීය සංඛ්‍යාත බෙදා හැරීම සහ නියාමනයයි.

චන්ද්‍රිකා ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙනම එක්සත් ජාතින්ගේ ආයතනයක් තිබෙනවා. ඒකට කියන්නේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ එක්සත් ජාතින්ගේ කාර්යාලය. United Nations Office for Outer Space Affairs. ඒක බිහි කරන්නේ ජාත්‍යන්තර සම්මුතියක ප්‍රතිඵලයක් විධියටයි. නලින්ද ඇමතිතුමා සුප්‍රීම් සැට් නමින් චන්ද්‍රිකාවක් නෑ කියලා විශ්වාසයෙන් කිව්වත් ඒ බව ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් ඉදිරිපත් කලේ නෑ. ඔන්න මම දැන් සාක්ෂි සමගම සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව තිබෙන තැන පෙන්වනවා.

ගූගල් සෙවුම් යන්ත්‍රයේ United Nations Office for Outer Space Affairs කියලා සෙව්වාම මේ වෙබ් අඩවියට එනවා. මේ වෙබ් අඩවියේ තිබෙනවා space object register නමින් ලැයිස්තුවක්. ඒකේ තිබෙනවා. Online index of objects launched into Outer Space නමින් අයිතමයක්. ඒක එබුවාම එනවා Online index of objects launched to into Outer Space කියන වෙබ් පිටුව. එතැන තිබෙන සෙවුම් යන්ත්‍රයේ අපි ලියමු supremesat කියලා. දැන් එනවා supremesat 1 සහ supremesat 2 කියලා චන්ද්‍රිකා දෙකක් ගැන තොරතුරු. මාව අල්ල ගන්න එපා. මේ ආණ්ඩුව බොරු කියනවා කියලා කියන්නේ මම නෙමෙයි. අභ්‍යාවකාශ කටයුතු පිළිබඳ එක්සත් ජාතින්ගේ කාර්යාලයේ තියෙන අන්තර්ජාල ලේඛණයේ. අපි දැන් supremesat 1 ගැන සොයලා බලමු. මේ චන්ද්‍රිකාවේ නම විධියට දැක්වෙන්නේ සොන්ග් සින්ග් 12. ඒ තමයි චීන නම. චීන නම් අපට උච්චාරණය කරන්න මතක තබා ගන්න අපහසු නිසා ඒ අය ජාත්‍යන්තර කටයුතු වල දී ඉංග්‍රිසි නම් භාවිතා කරනවා. චයිනාසැට් 12 කියන්නේ ඒකේ ජාත්‍යන්තර නම. චයිනාසැට් 12 කියන්නේ චීනය ගුවන් ගත කළ චන්ද්‍රිකාවක්.

චයිනාසැට් 12 චන්ද්‍රිකාවේ සන්නිවේදන උපකරණ ඇතුළු කොටසක් සුප්‍රීම් සැට් සමාගම මිල දී ගන්නවා. ඒක හරියට සත් මහල් ගොඩනැගිල්ලක එක මහලක් අපි මිල දී ගන්නවා වගේ වැඩක්. එහෙම නැතිනම් මහල් නිවාස සංකීර්ණයකින් මහල් නිවාසයක් මිල දී ගන්නවා වගේ වැඩක්. දැන් මේ චන්ද්‍රිකාව චීනයට වගේම ලංකාවටත් අයිති නිසා රටවල් දෙකේම ධජ මේ චන්ද්‍රිකාවට එක් වෙනවා. ඒ වගේම සුප්‍රීම් සැට් සමාගම විසින් මේ චන්ද්‍රිකාව සුප්‍රීම් සැට් 1 යනුවෙන් නම් කරනවා. අපි ඒකට co-branding නැතිනම් සමනාමකරණය ලෙස හැඳින්වෙනවා. අපි කොළඹ කියන කොට ඉංග්‍රිසීන් කලම්බු කියනවා. අපි නාගදීපය කියන දූපතටම දෙමළෙන් නයිනතිව් කියනවා. ඒ වගේ එකම චන්ද්‍රිකාවට චීන නම, ශ්‍රී ලංකා නම සහ ජාත්‍යන්තර නම වශයෙන් නම් තුනක් තිබෙනවා. මේ නම් තුනම අන්තර්ජාල ලේඛණයේ දැක්වෙන බව ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්.

2012 නොවැමබර් 27 යැව්වා කියලානේ. මෙකෙත් ඒ වගේම ගුවන් ගත කල දිනය විදියට නැතිනම් උඩුගත කල දිනය විදියට 2012.11.27. Registration document කියලා යොමුවක් තියෙනවා. මේ ලියාපදිංචියට අදාළ සියලුම ලේඛණ සියලුම ජාත්‍යන්තර භාෂාවලින් මේ වෙබ් අඩවියේ ඉදිරිපත් කරලා තියෙනවා. කාටහරි හිතෙන්න පුලුවන්. 2012 යැව්වා වුනාට නලින්ද ඇමතිතුමා බැලුවේ දැන්නේ. දැන් නෑ කියලා නේ. වෙන්න පුලුවන්නේ. අපේ සීයා ඉන්නවා කියලා මම සීයාගේ උප්පැන් සහතිකය පෙන්නලා බෑනේ. සීයා දැන් මැරිලානේ. එදා ඉපදිච්ච බව ඇත්ත. දැන් නැද්ද කියන ප්‍රශ්නේ එනවානේ. සාධාරණ ප්‍රශ්නයක් නේ. ඒ ප්‍රශ්නේත් මේ වෙබ් අඩවිය විසඳලා තියෙනවා. Date of decay or change මේ චන්ද්‍රිකාව සුන්බුන් බවට පත් වුණා නම් චන්ද්‍රිකාව ඉවත් වුණා නම් ඒ ඉවත් වෙච්ච දවස ඒ චන්ද්‍රිකාව වෙනස් වුණා නම් ඒ වෙනස් කරපු දවස. එහෙම එකක් මේකේ සටහන් වෙන්නේ නෑ. මේකේ තාම තියෙනවා Status කියලා. මේ දැන් මේ මොහොතේ තියෙන්නේ කොතනද? කියලාත් ඒ වෙබ්අඩවියේ පෙන්වනවා.

එහෙම නම් අණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා ආණ්ඩුවේ මාධ්‍ය හමුවේදී පසුගිය සතියේ කියලා තියෙන්නේ අර ආණ්ඩුවේ පච වැලට තවත් එක් පචයක් එකතු කිරීමයි. නලින්ද ඇමතිතුමා කියනවා ලංකාවට වෙන් වුණු අභ්‍යවකාශ ස්ථාන දෙකේ චන්ද්‍රිකා ගුවන් ගත කරලා නෑ කියලා. දැන් කවුද ලංකාවේ අවකාශයේ චන්ද්‍රිකා තිබෙනවා කිව්වේ. සුප්‍රීම් සැට් සමාගම කිව්වෙත් නෑ. චිචී කිව්වෙත් නෑ. විපක්ෂයෙන් කිව්වෙත් නෑ. ඒක කිව්වේ වසන්ත සමරසිංහ ඇමතිතුමා. එතුමා තමයි කිව්වේ අපිට හිමි අභ්‍යවකාශ අවකාශය ටෙන්ඩර් කැඳවීමකින් තොරව සුප්‍රීම් සැට් සමාගමට දීලා කියලා. ඒක බොරුවක් බවයි නලින් ඇමතිතුමා කියන්නේ.

දැන් ඔන්න අගමැතිනිය ප්‍රකාශ කරලා දිනක් ඇතුලත වසන්ත ඇමතිතුමා කිව්වා අගමැතිනිය කිව්වේ බොරු කියලා. ඒ ප්‍රකාශය කරලා දින හතරකින් නලින්ද ඇමතිතුමා කිව්වා වසන්ත ඇමතිතුමා කිව්වේ බොරු කියලා. නලින්ද ඇමතිතුමාගේ ප්‍රකාශයෙන් දවස් හයකට පස්සේ මම කිව්වා නලින්ද ඇමතිතුමා කියන්නේ බොරු කියලා. මේක දැන් බොරු චක්‍රයක් වෙලා. පුළුවන් නම් මම කියන්නේ බොරු කියලා ඔප්පු කරන්න කියලා ආණ්ඩුවේ ඇමතිවරුන්ට මම අභියෝග කරනවා.

ඉංග්‍රිසි කියමනක් තිබෙනවා if you can’t convince, then confuse කියලා. ඒකෙන් කියන්නේ තමන් කියන්නේ ඇත්තක් බව ඔප්පු කර ගන්න බැරි නම් වැල්වටාරම් ගොඩක් කියලා අසන්නාගේ මනස ව්‍යාකූල කරන්න කියලා. මේ මොහොතේ ආණ්ඩුව කරමින් ඉන්නේ ඒකයි.

වසන්ත ඇමතිතුමා කියන විධියට සුප්‍රීම් සැට් සමාගම ලාභ වුණත් පාඩු වුණත් අපට මොකෝ? නලින්ද ඇමතිතුමා කියන විධියට අපේ අභ්‍යවකාශ අවකාශය චන්ද්‍රිකාවකට නුදුන්නත් අපට මොකෝ? ඕක නොවේනේ මාලිමාව මතු කළ සංවාදය. සංවාදය වුණේ අපේ අරමුදල් ඩොලර් මිලියන 280ක් වැය කරලා හරි රාජපක්ෂවරුන්ගේ ඩොලර් මිලියන 380ක් වැය කරලා හරි චන්ද්‍රිකාවක් ගුවන් ගත කලා ද නැද්ද කියන එකනේ. දැන් ඒක බොරුවක් බව අගමැතිනිය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරලා තිබෙනවා. වෙන වැල් බයිලා කිව්වාට චිචීගේ චන්ද්‍රිකා සිහිනය සැබෑ කරන්න අපේ සල්ලි භාවිතා කර නෑ කියලා අගමැතිනිය කියූ ඒ කතාව බොරුවක් බව මේ කවුරුවත් කියන්නේ නෑනෙ. එච්චරයි අදාල. ඉතුරු කතා වැල්වටාරම්.

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය වසර 75ක කාලය තුළ වාර්තා වූ ඉතා ප්‍රබලතම එල් නිනෝ කාලගුණික තත්ත්වය ඉදිරි මාසවලදී ඇතිවීමේ සම්භාවිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට තාවකාලිකව නතර වී ඇති චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික ලේකම් විසින් නගර සභාවේ ඇති බුද්ධ ප්‍රතිමාව සහ මාසික ධර්ම දේශනය නතර කරන බවට මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකර ඇති බවත්, මෙම ලිපිය යොමුකර ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් පරිදි බවත් රූපවාහිනී නාලිකාවක සංවාදයකදී අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු විසින් කරුණු විමසීමක් සිදුකර ඇත.
විධායකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව කටාන නගරයේදී සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ජීවත්වන 160,000කට වැඩි පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් එළැඹෙන 23 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ප්‍රධාන පුවත්

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.