විදුලිබල මණ්ඩලයේ ලාභ ඉහළ ගිහින්..
2025 ජූනි 30න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබේ.
පූර්ව කාර්තුවේ දී, එනම් 2025 මාර්තු 31න් අවසන් මූල්‍ය කාර්තුවේ දී රු. බිලියන 18.47ක අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක මෙම කාර්තුවේ දී මෙලෙස මණ්ඩලය ලාභ ලැබීම සුවිශේෂී සිදුවීමකි.
2025 ජූනි මාසයේ දී සිදුකරන ලද විදුලි ගාස්තු සංශෝධනය හරහා මෙලෙස විදුලි බල මණ්ඩලයට ලාභදායිත්ව මගකට පිවිසීමට හැකිව තිබෙන බව විශ්ලේෂකයින්ගේ මතය වේ.
කෙසේවෙතත් 2024 ජූනි කාර්තුවේ දී මණ්ඩලය ලැබූ රු. බිලියන 34.53ක ලාභය හා සැසඳීමේ දී 2025 ජූනි කාර්තුවේ ලැබූ ලාභය 85%කින් අඩුවීමක් පෙන්නුම් කරයි.
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු 2025 ජනවාරි මාසයේ දී 20%කින් පමණ විදුලි ගාස්තු පහළ දැමීමක් සිදුකෙරණු අතර එය 2025 මාර්තු කාර්තුවේ වාර්තා වුණු අලාභයට බෙහෙවින් හේතුවිය.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ, ශ්‍රී ලංකාව එළඹ ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කළ යුතු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..