ගංජා වවන්න අනුමැතිය දුන්නේ ගිය ආණ්ඩුවෙන්.. - නලින්ද ජයතිස්ස
රජයේ දැඩි නියාමනයකට යටත්ව අපනයනය සඳහා කංසා වගා කිරීමට ආයෝජකයින්ට අවසර ලබාදෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය, කැබිනට් ප්රකාශක නලින්ද ජයතිස්ස පවසයි.
“මේ සඳහා අනුමැතිය ලබාදෙන්නේ 2024 අප්රේල් මාසයේදී, එවකට දේශීය වෛද්ය අමාත්යවරයා හැටියට කටයුතු කළ සිසිර ජයකොඩි අමාත්යවරයාගේ කාලයේදී. මේ සඳහා වන රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලය සම්බන්ධ කරගෙන මේ ව්යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්. නමුත් පහුගිය කාලයේදී මෙවැනි ආයෝජකයින් 7 දෙනෙක් පැමිණියත් මේ සඳහා වෙච්ච ක්රමවේදයේ තිබුණු අඩුපාඩුකම් නිසා කාලයක් ගතවෙලා තිබුණා.
මේකට ආයෝජන දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගත යුතුයි. තවත් ආයතන කිහිපයක් තිබෙනවා පරිසර අමාත්යාංශය, මහජන ආරක්ෂක අමාත්යාංශය වගේ. එතකොට අපි ඒ අඩුපාඩුකම් සාකච්ඡා කරලා – මොකද මේක ආයෝජනයක් හැටියට ලංකාවට එන්නෙ, අනිත් පැත්තෙන් අවසරය ලැබෙන්නේ ඉතාම දැඩි ආරක්ෂිත ක්රමවේදයන් යටතේ මේ වගාවේ සියලුම කොටස් අපනයනය සඳහා තමයි.
මේක පළවෙනි වතාවට මේ ආකාරයට කටයුතු සිදුවෙන්නේ මේ විදියට. ඒ කියන්නෙ රජයේ නියාමනයට යටත්ව අපනයනය සඳහා ආයෝජකයින්ට අවස්ථාව ලබාදෙන්නෙ. මේ ව්යාපෘතිය ආයෝජන මණ්ඩලය සහ ආයෝජන දෙපාර්තමේන්තුව එකතුව ක්රියාත්මක කරමින් පවතිනවා.”
අමාත්ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේ (12) කැබිනට් මාධ්ය හමුවේදීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්රියාකාරකමකට ශ්රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..