News Category
From Date
To Date
Maximum Number of Result

පලස්තීන-ඊශ්‍රායල් ගැටලුව විසඳීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී චීන නියෝජිතයා "අනිවාර්ය කොන්දේසි" හතරක් ඉදිරිපත් කරයි.

Aug 11, 2025 at 11:42 AM
|

උතුරු ගාසා තීරයේ ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මක් ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු ඊයේ පලස්තීන-ඊශ්‍රායල් ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පවත්වන ලද හදිසි රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ චීන තානාපති ෆු කොං "අනිවාර්ය කොන්දේසි" හතරක් ඉදිරිපත් කළේය.

එම කොන්දේසි, ගාසා තීරය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය දරන උත්සාහයට දැඩි ලෙස විරුද්ධ විය යුතුය; "බලය ප්‍රමුඛය" නැමැති මුලාව තවදුරටත් විශ්වාස කිරීම අත්හැරිය යුතුය; ගාසා තීරයේ මානුෂීය ව්‍යසනය සමනය කළ යුතුය; ගැටුඅම නැවැත්වීමට "ද්වි-රාජ්‍ය විසඳුම" කෙරෙහි අපේක්ෂාව නැවත ඇති කළ යුතුය යනුවෙන් ෆු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගාසා තීරයේ ගැටුම මාස 22 ක් තිස්සේ ඇදී ගොස් ඇති බවත්, ගාසා තීරයේ 61,000 කට වැඩි පිරිසකගේ මරණයට සහ පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසනයකට හේතු වී ඇති බවත් ෆු පැවසීය. ජාත්‍යන්තර ප්‍රජාව ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා නැවත නැවතත් ඉල්ලීම් කර ඇති  නමුත් තත්වය වඩාත් භයානක දිශාවකට වර්ධනය වෙමින් පවතී. "වර්තමානයේ මුහුණ දී සිටින  හදිසි තත්වය  විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට පෙර අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ගත යුතුයි." ෆු අවධාරණය කළේය.

ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, ඊශ්‍රායලය පසුගිය 8 වනදා නිවේදනය කළේ "යුද්ධය අවසන් කිරීම" සඳහා තම කැබිනට් මණ්ඩලය මූලධර්ම පහක් සම්මත කර ගත් බවයි. ඒවාට හමාස් නිරායුධ කිරීම; ජීවත්ව සිටින  සියලු ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම සහ මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ මෘත දේහ ලබාදීම; ගාසා තීරයේ හමුදාකරණය ඉවත් කිරීම; ගාසා තීරයේ ඊශ්‍රායල ආරක්ෂක පාලනය; සහ හමාස් හෝ පලස්තීන අධිකාරිය නොවන විකල්ප සිවිල් පරිපාලනයක් පිහිටුවීම යන කරුණු ඇතුළත් වේ.

ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මක් ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමත කිරීම පිළිබඳව චීනය බරපතල කනස්සල්ල පළ කරන බවත්, එවැනි භයානක ක්‍රියා වහාම නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බවත් ෆු පැවසීය. "ගාසා තීරය පලස්තීන ජනතාවට අයත් වන අතර එය පලස්තීන භූමියේ වෙන් කළ නොහැකි කොටසකි. ගාසා තීරයේ ජනගහනය හෝ භෞමික ව්‍යුහය වෙනස් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ යුතුය." ෆු පැවසීය.

ආතතීන් උත්සන්න කරන ක්‍රියා වහාම නතර කරන ලෙස සහ ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව සහ තමන්ගේම ජනතාවගේ ඉල්ලීම්වලට ඊශ්‍රායල රජය අවනත විය යුතු බව ෆු පැවසීය. "අදාළ පාර්ශ්වයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති රටවල් සාධාරණ හා වගකිවයුතු ප්‍රවේශයක් අනුගමනය කළ යුතු අතර සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සංයුක්ත ක්‍රියාමාර්ග ගත යුතුයි," ෆු පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරත අදහස් දැක් වූ ෆු "මානුෂීය සැපයුම් ආයුධකරණය පිළිගත නොහැකියි, ගාසා තීරයේ ජනතාවට සාමූහිකව දඬුවම් කිරීම පිළිගත නොහැකියි, මානුෂීය ආධාර සොයන සිවිල් වැසියන්ට සහ මානුෂීය සේවකයින්ට පහර දීම පිළිගත නොහැකියි" යනුවෙන් පැවසීය. "ගාසා තීරයට මානුෂීය සැපයුම් සඳහා මහා පරිමාණ, වේගවත් හා ආරක්ෂිත ප්‍රවේශයක් සහතික කිරීම සඳහා සියලුම හරස් මාර්ග විවෘත කර භාණ්ඩ ඇතුළුවීම සඳහා ඇති සීමාවන් ඉවත් කරන ලෙසත්, මානුෂීය මූලධර්මවලට අනුකූලව ආධාර සැපයීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය වන ලෙසත් මම ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් ඔහු අවධාරණය කළේය.

මෙහිදී පලස්තීන ගැටලුව විසඳීමට සහ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සාමකාමී සහජීවනයක් ඇති කර ගැනීමට ඇති එකම ශක්‍ය මාර්ගය ද්වි-රාජ්‍ය විසඳුම බව ෆු අවධාරණය කළේය. "ද්වි-රාජ්‍ය විසඳුම සඳහා දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර ප්‍රජාව උත්සාහයන් තීව්‍ර කළ යුතු අතර එහි පදනමට හානි කරන ඕනෑම ඒකපාර්ශ්වික ක්‍රියාවකට විරුද්ධ වීමට එක්ව කටයුතු කළ යුතුයි." ෆු පැවසීය.

රැස්වීමේදී, ඊශ්‍රායලයේ හමුදා ව්‍යාප්ති සැලැස්ම පිළිබඳව රටවල් කිහිපයකින් විවේචනය කරන ලදී. බීබීසීයට අනුව, එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ තානාපතිවරු සැලැස්ම "ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමේ" අවදානමක් ඇති බවට අනතුරු ඇඟවූහ. ඩෙන්මාර්කය, ග්‍රීසිය සහ ස්ලෝවේනියාව සමඟ එක්ව, සැලැස්ම ආපසු හැරවිය යුතු යැයි ඔවුන් ඉල්ලා සිටි අතර, එය "ප්‍රාණ ඇපකරුවන් නැවත පැමිණීම සහතික කිරීමට කිසිවක් නොකරන අතර ඔවුන්ගේ ජීවිත තවදුරටත් අනතුරේ හෙළීමේ අවදානමක් ඇති කරනවා." යනුවෙන් පැවසීය.

කෙසේ වුවද එක්සත් ජනපදය ඊශ්‍රායලය ආරක්ෂා කළ අතර, තානාපති ඩොරති ෂියා රැස්වීමේදී පැවසුවේ එක්සත් ජනපදය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට සහ යුද්ධය අවසන් කිරීමට "වෙහෙස නොබලා" කටයුතු කරමින් සිටින බවත්, රැස්වීම එම උත්සාහයන් අඩපණ කළ බවත්ය.

රැස්වීමෙන් පසුව බීබීසී පුවට් සේවය ඊයේ(10) වාර්තා කළේ , ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ඔහු ඊශ්‍රායලයේ සැලසුම් පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා කළ බවයි.

Chinese envoy puts forward four “musts” at UN security council meeting on the Palestine–Israel issue

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය වසර 14ක් පුරා හෙබවූ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් වහන්සේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගනේෂන් රාජේන්ද්‍රන්ට ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ආධාරකරුවෙකු විසින් පහර දුන් බව කියමින් රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය වසර 22ක ශාස්ත්‍රීය හා විභාග පරීක්ෂණ ඉතිහාසය තුළ මුළුමනින්ම ශිෂ්‍යාවන්ගෙන් පමණක් සමන්විත වූ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමකට මුහුණ දීමට සිදුවූ බව කැළණිය විශ්වවිද්‍යාලයේ (රාගම) වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.
ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ලබන 28 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) නියෝග කළේය.
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.
රෙන්අයි ජියාඕ (Ren’ai Jiao) ප්‍රදේශයේ මෑතකදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පිලිපීනයේ චෝදනා අනුගමනය කරමින් ප්‍රකාශ නිකුත් කළ තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (DPP) බලධාරීන් චීනයේ ප්‍රධාන භූමියේ ප්‍රකාශකයෙකු විසින් අද(21) දැඩි ලෙස විවේචනය කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.